සොරුන් බියකර පළවා හැරීමට පොලිස් වෙස් ගැන්වූ මෝටර්රථ යොදාගන්නා පුද්ගලයෙක් ගැන වාර්තා වන්නේ ස්විට්සර්ලන්තයේ සුර්සී නුවරිනි.
ඇන්ඩර්ස් බිරර් නම් මේ පුද්ගලයා සතුව දැන් පොලිස් වෙස් ගැන්වූ මෝටර් රථ 250 ක් පමණ තිබෙන බව සදහන්ය.මෝටර් රථයක් කුලී පදනම මත සති දෙකකට කාලයකට මුදල් ගෙවා ලබාගත හැකි බව ඔහු කියයි.තම මෝටර් රථ වලට ප‍්‍රදේශවාසීන්ගෙන් හොද ඉල්ලූමක්ද ඇතැයි ඔහු කියන්නේ ආඩම්බරයෙනි.
මේ ක‍්‍රමය වඩාත් ප‍්‍රයෝජනවත් වන්නේ නිවාඩුවක් ගත කිරීමට හෝ වෙනයම් කාරණයක් නිසා හෝ දීර්ඝ කාලකට නිවසින් බැහැරට යන පුද්ගලයින් සදහා යැයි ඇන්ඩර්ස් පවසයි.කරන්නට ඇත්තේ නිවස ඉදිරිපස මෝටර් රථය ගාල් කර යෑම පමණි.සොරෙකු නිවස බිදීමට පැමිණෙන්නේ නම් පොලිසිය ප‍්‍රදේශයේ ගැවසෙතැයි බියවී පලා යනු ඇති බව ඔහු කියයි.
ඇන්ඩර්ස්ගේ මෝටර් රථ සිය නිවෙස් ‘‘ආරක්ෂාවට‘‘ යෙදවූ ප‍්‍රදේශවාසීන් කිහිපදෙනෙකුම එය සාර්ථක උපක‍්‍රමයක් යැයි පවසයි.මිීට පෙර අවස්ථා කිහිපයකදීම තමන් නිවෙසින් බැහැරට ගොස් සිටි කාලයන්හීදී සොරුන් නිවෙස් බිද භාණ්ඩ රැුගෙන ගොස් තිබූ බවත් ඇන්ඩර්ස්ගේ මෝටර් රථ ‘‘භාවිතා‘‘ කිරීමට පටන් ගත් දිනයේ සිට තමන් නිවසින් දීර්ඝ කාලයක් බැහැරව යළි පැමිණි විට සියල්ල තිබූ අයුරින්ම පැවැති බවත් ඔවුන් කියයි.
පොලිස් වෙස් ගැන්වූ පෞද්ගලික වාහන මාර්ගයේ ධාවනය තහනම්ය.එමනිසා අවශ්‍ය කෙනෙකුගේ ගෙදරටම මෝටර් රථය ප‍්‍රවාහනය කර දීමද ඇන්ඩර්ස් විසින් සිදු කරයි.
සුර්සි නුවර පොලිසිය නම් මේ දෙස බලන්නේ හාස්‍යයෙනි.එකම මෝටර් රථය දින ගණනක් එකම තැන නවත්වා තිබෙනවා නොදකින්නට තරම් සොරුන් මෝඩ නැතැයි ඔවුන්ගේ අදහසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලේ කොහෙද හොරු නැත්තේ? (නි)
හැම රටකම හොරු ඉන්නවා තමයි ස්වර්ණා. ඒත්, අපේ ලංකාවේ වගේ පොලිසිය හොරකමේ යන්නේ නැහැ. (නි)
එහෙ හොරුන්ට ලංකාවේ අයට තරම් මොලේ නැතුව ඇති.මොකද ලංකාවෙ නම් ඉස්සරලාම උස්සන්නේ වාහනේ. (නි)
ස්විස්ටර් ලන්තයේත් ඔච්චර හොරු ඉන්නවද ? මෙහෙ හොඳයි නේ .(නදී)
මේ හොරු "කොන්ඩේ බැඳපු චීන්නු" වෙන්ඩ ඇති.(නදී)