හායන් නම් ප්‍රචණ්ඩ සුළි කුණාටුවෙන් බැට කෑ පිලිපීනයේ මේ වන විට දස දහසකට ආසන්න පිරිසක් දෙනා මියගොස් ලක්ෂ 8 කට ආසන්න පිරිසක් අවතැන්ව ඇතැයි වාර්තා වේ.
‘හයියන්‘ ලෙස නම් කර ඇති මේ සුළි කුණාටුව ලෝක ඉතිහාසයේ ඇතිවූ ප්‍රබලතම සුළි කුණාටු අතරික් එකක් බව සදහන්වේ. කාලගුණ විද්‍යාඥයින් මෙම සුළි කුණාටුව 5 වන ගණයට අයත් සුළි කුණාටුවක් ලෙස වර්ග කර ඇත.
සුළි කුණාටුව පැවති කාලයෙදී සුළගෙහි වේගය පැයට සැතපුම් 235 ක් පමණ වූ බව කියැවේ.
සුළි කුණාටුවෙන් වැඩිම හානි සිදුව ඇත්තේ පිලිපීනයේ ලෙයිටේ හා සමාර් යන දුපත් වලටය.එම දුූපත් වල සිට දිවිගලවාගත්තවුන් සියල්ලෝම පාහේ දැන් සිටිනුයේ අවතැන්වීය.
අවදානම් ප්‍රදේශ යැයි හදුනාගෙන තිඛෙන ප්‍රදේශවල සිටින වැසියන් මේ වන විට ආරක්ෂාකාරී ස්ථාන වෙත යොමුකෙරෙමින් පවතී.සහන සේවා කටයුතු වලට පිලිපීන හමුදා සේනාංකද යොදවා තිබේ.
කුණාටුවට හසුවූ ප්‍රදේශයන්ගේ නිවාස හා ගොඩනැගිලි සම්පූර්ණයෙන්ම පාහේ විනාශව ගොස් තිඛෙන අතර බොහෝ ප්‍රදේශයන් පවතිනුයේ ජලයෙන් යටවීය.
කාලගුණ විද්‍යාඥයින් පවසන ආකාරයට මේ වන විට හයියාන් සුළි කුණාටුව පිලිපීනය අතහැර චීනය,වියට්නාමය හා කැම්බෝඩියාව වැනි රටවල් ආසන්නයට ගමන් කරමින් පවතී.
එම රටවල සහන සේවකයින් හා හමුදා භටයින් හදිසි ආපදා තත්ත්වයක් වෙනුවෙන් සූදානමින් තබා ඇති බව සදහන්ය.
පිලිපීනයේ ලෙයිටේ දූපතේ ගස් උසට සුනාමි රළ පහර ගැලූ බවත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 175ක් වූ බවත්, නගර ගම් නියම් ගම් බලා සිටියදී විනාශ වී ගිය බවත් පොලිස් අධිකාරී එල්මර් ග්ලෝරියා කියයි.
නගරයේ වැඩි දෙනා මුහුද ගොඩ ගැලීමෙන් මිය ගිය බවත්, ගොඩනැගිලි සමතලා වී සිය ගණනක් දියේ ගිලී ගිය බවත්, ටැක්ලොමා නගරයේ උදම් රළ පහර අඩි 40ක් උසට පැමිණි බවත් වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුවතට මුලින් අදහස් ලියන්න හැදුවා ,නමුත් බැරි උනා ,ටයිප් කරන්න බැරි උනේ අත ගැහෙන්න ගත් නිසා පස්සේ අල්ලලා දාල නිකා උන්න, දැන් මේ අදහස් දැකල මේ විපතට වඩා දුක හිතුනේ සම''හරක්'' අයගේ අදහස් දැක්කම, මදූ ඔයා දන්නවද අරාබි රටවල් වල අපේ කෙල්ලෝ-කොල්ලෝ කි දාහක් ඉන්නවද කියලා. ඇයි අරාබියේ ඉන්නේ මිනිස්සු නොවෙයිද, ඔච්චර නපුරු අදහස් මේච්චර ප්‍රසිද්ද පුවත් පතකට ලියන්නේ කොහොමද? පිලිපීනයේ මියගිය සැමට නිවන් සුව පතමි. මෙහි සදහන් අදහස් දෙක,තුනක මගේ බලවත් කනගාටුව...!!(නදී)
කිසිවෙකුටත් යලි මෙවැනි විපතක් නොවේවා යනු සැබෑ බෞද්ධයාගේ ප්‍රාර්ථනයයි.(නදී)
මධූ, අරාබි රටවල් වලට මේ වගේ වෙන්නේ නැහැ. ඒවා පින් කරන රටවල්. අද ලංකාවේ දුප්පත් කී දෙනෙක් තුන් වේල කාලා ඉන්නවද? (නි)
මේවට අහක ඉන්න දෙවියන් ගාවගන්න එපා. දෙවියන් මිනිස්සුන්ට දඬුවම් කරන්න කලින් අනතුරු අඟවනවා පසුතැවෙන්න.මේවා නවීන විද්‍යාවෙනුත් සිදුවුණ බවට සාක්ෂි සහිතව හොයාගෙන තියෙන්නේ. ලෝකයේ අවසාන කාලයේ මෙවැනි දේවල් සිදුවන බවට ජේසුතුමා මීට අවුරුදු 2000 කලින්ම පැවසුවා.අනික ඔවුන් ආරක්ෂාව සඳහා කලින්ම ඒ ප්‍රදේශ වලින් ඉවත් වුණා නම් මෙතරම් ජීවිත හානි නොවෙන්න තිබුනා.කෙසේ වෙතත් අපි රටක් හැටියට මේ වෙලාවේ ඔවුන්ගේ සුබ සාධනය වෙනුවෙන් හැකි අයුරින් කටයුතු කිරීම වැදගත්. (නි)
අපේ රටට ආ සුනාමිය වගේ. පවු මේ මිනිස්සු (නි)
මේවා ඔක්කොම සර්වබලධාරි දෙවියන් වහන්සේගේ වැඩ . එයා මේ වගේ දේවල් වලට සම්පුර්ණයෙන් වගකියන්ඩ ඕනේ . මොකද එයානේ මේ ලෝකය පාලනය කරන්නේ. (ස)
ඇයි ඕකට හයියන් කියල නම දැම්මේ ? බඩ ගානි වගේ නමක් දැම්ම නම් හෙමින් එන්න තිබුන. (නදී)
මොන ජාතියක වුණත් විපත විපතමයි (නි)
සොබාදහම අපි වුණාට ....අපේ නෙමෙයි සොබාදහම (නි)
ගාමිණී - සිරි, බෞධ්‍යාගේ හදවතේ ඇති කුරිරු භාවය ඔබතුලින් මනාව එළිදැක්වෙනවා, කෝ " නහි වේරේන වෙරාණී" ඔබගේ හදවතේ ජරා භාවය ලෝකයට පෙන්නවන්න එපා.(නදී)
මිනිසුන්ට සිදුවී ඇති විපත ගැන ඉතා කණගාටුයි. නමුත් " සියල්ල සිදුවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට" බව අදහන කෙනෙක් මේ විපතට දෙවියන් කැමති වුණේ කුමක් නිසාදැයි පැහැදිලි කරදෙන්න.අපි නම් කිසිවෙකුට විපතක් වෙනවාට කැමති නැත. (නි)
පතිරුප දේශ වාසෝච .. සුදුසු පෙදෙසයක ඉපදීමත් පිනකි. කලින් කලට මෙවැනි විපත් අසන්නට ලැබීම දුකකි. දකින්නට ලැබීමද දුකකි. සෑම පරාණයක්ම ජීවිතයකි. සියල්ලන් නිදුක්වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! නිවන් දකිත්වා! (නි)
ගාමිණි සිරි , බුදුන් තුන්පාරක් අා පුණ්‍ය භුමියේ දකුණු පළාතෙන් 50,000ක් සුනාමියට ගියේ මොකද දන්නේ නැහැ. 50,000 එකට පවු කරලා වෙන්න ඇති පෙර ආත්මේ. ඔය ආගම් ඔක්කොම යම් අාධ්‍යාත්මික සුවයකට තියෙන දේවල්. අනවශ්‍ය විදියට බදාගෙන අදහන්නේ නැතුව හරය වටහාගෙන ජීවත්වීම වඩා හොදයි. (නි)
මේවා ස්වබාවික විපත්. අපි කම්පා වෙමු. නමුත් 30වසරක් අපේ රට ලේ පිපාසාවෙන් පෙළුණු ත්‍රස්තවාදීන් කල විපත් දැකීමෙන් අපද තාමත් ඒ සෙවනැලි මැද අතරමංව සිටින්නෙමු. අපි කුපිත වන කතා ලියන කුමාර් අන්නා ඔය කතා වානා. වසර 2600 ක අතීතයේ පවා බොදු පිරිස් කිව්වේ සියලු දෙනා සුවපත් වේවා කියන හද බැති පැතුමයි.(නදී)
කුමාර් ඔබ හරි,මිනිසුන් සියලු දෙනාටම මෛත්‍රිය කරන්න.(නදී)
රවිනාත් විජේසේකර මල්ලී, දඹදිව වන්දනාවේ යන අයගෙන් 80% ක් පමණ ගම්බද අම්මලා, තාත්තලා.පොල් අතු වියලා.පොල් ලෙලි තලලා, ජීවිත කාලයම සුළු රැකියාවක් කරලා ගත් පාරිතෝශිකයෙන්. (ස)
පවු අහිංසක මිනිසුන්. ආයෙත් මුල ඉදලාම ජීවිතය ගොඩනගා ගන්න වෙනවා (නි)
දෙවියනි, ඇයි මෙවැනි විනාශකාරී දේවල් අහිංසකයින්ටම වෙන්නේ? (නදී)
ඉතාමත් කනගාටු දායක පුවතක් (දී)
පව් මේ අහිංසක මිනිස්සු.ආයෙ කවදවත්ම මේ වගේ විපතක් හතුරකුටවත් සිදුවන්න එපා. (ස)
ගාමිණී - සිරි 2013-11-10 13:13:24 අනේ...' හමායන් ' සුළි සුළගේ ...බෞද්ධයෝ ඉන්නා චීනය, වියට්නාමය ,කාම්බෝජය පැත්තට නොගිහින් ,බෞද්ධයින්ට කෙණහිලි කම්,අඩම් තේට්ටම් කරන චෙන්නායි පැත්තට හමා යන්නකෝ.. හොඳ බබා ..වගේ... බෞද්ධයෙක් ලෙස ඔබගේ ප්‍රකාශය පිළිබඳව මා ලැජ්ජාවට පත්වුනා.කම්මනා වසලෝ හෝතී ..කම්මනා හෝතී බ්‍රාහ්මණෝ.. (ස)
ඇයි මේ ඔයාල බොරුවට තර්ක කරන්නේ වෙලා තියන්නේ වෙන දෙයක් ඒත් ඔයාල තර්ක කරන්නේ කොහෙවත් නැති දයක් ගැන (අ)
ටැක්ලොබන් නගරය යනු පිලිපීන ජාතික මගේ මිතුරන් තිදෙනෙකුගේ වාස භූමියයි. ඔවුන්ට කිසි කරදරයක් නොවේවා! (ස)
මේ සුළි කුනාටුව තමයි අවුරුදු 30 ක කාලයක් ඇතුළතදී ලෝකයේ හට ගත් වේගමත්ම කුනාටුව.වේගය පැයට කිලෝ මීටර 315 යි .(නදී)
අනේ...' හමායන් ' සුළි සුළගේ ...බෞද්ධයෝ ඉන්නා චීනය, වියට්නාමය ,කාම්බෝජය පැත්තට නොගිහින් ,බෞද්ධයින්ට කෙණහිලි කම්,අඩම් තේට්ටම් කරන චෙන්නායි පැත්තට හමා යන්නකෝ.. හොඳ බබා ..වගේ... (නදී)
රෝමා අන්තීම කාලෙට මේවගේ සුළු දේවල් වෙනවා එක එයා කලින්ම කියා තිබෙනවා අපි හැදෙමු කෝ ඉස්සරලා(දිල්)
ප්‍රසන්න මල්ලීට ස්තුයි මා වෙනුවෙන් අදහස් දක්වුවාට.විෂයට අදාලව ප්‍රතිචාර දක්වනවා මිස ප්‍රතිචාර දක්වන්නන්ගේ අදහස් වලට ප්‍රතිචාර දක්වන්ට මමත් දන්නවා ඒ අයට වඩා පැහිච්ච්ච මිනිහෙක් විදිහිට .කාලය, වෙලාව ,මදිකමයි මට වෙලා තියෙන්නේ .ලංකාවේ ජාතික පුවත්පත් වලින් පළමුවෙන්ම පලවූ චිත්‍ර කතාව පලකලේ මොන පුවත් පතේද ? 1 වෙනි කතාව කුමක්ද ? 2 වෙනි චිත්‍ර කතාව කුමක් ද? යන්න ජෝර්ජ් , කුමාර් දන්නවාද ? මම මේවා කියෙව්වේ කුඩා කාලයේ.සෑම ඉරු දිනකම ලංකාදීප පත්‍රය ගන්න යන්නේ සැතපුම් 1,1/2 ක් පයින් ගිහින්.ගෙදර ගෙනත් ආනන්ද සමරකෝන් මහතා සති පතා පලකරන කවි පන්තිය ශබ්ද නගා අප්පච්චීට ඇහෙන්න කිව යුතුයි.පව්ලේ අය කියා වූ පසු චිත්‍ර කතා බලා කපා වෙන් කර පොත් 2 ක්ම හදා තිබුනා ආසාවට.ඔය අදහස් දක්වන්නට මම කියන්නේ නීල් රණා මල්ලීට දාපු පාර්ට් මට දන්නා එන්න එපා කියල..කම්මනා වසලෝ හෝතී ..කම්මනා හෝතී බ්‍රාහ්මණෝ.. (දිල්)
සියට අනු පහක් දෙවියන් විශ්වාස කරන මේ රටට මොකද උනේ? දෙවියනේ ඔබ කොහිද? (ස)
ගාමිණි සිරී කියන මනුස්සයට ඕනේ තමන්ගේ ජාතියට පමණක් මොකුත් වෙන්නේ නැතිව අනෙකුත් ජාතින් විනාශ වී ගියත් කමක් නැතැයි කියන අදහසයි . අනේ මෙහෙමත් මිනිස්සු අපේ රටේ (දිල්)
කුමාර්, ගාමිණී සිරි කියල තියෙන්නේ එයාලගේ මතය ඔයා වචන පාවිචි කරනකොට පරිස්සම් වෙන්න. (අ)
ශේල්ටෙර් බොෂ් කියල වෙබ් අඩවියක් තියනවා. ඒක මාර්ගයෙන් අනාත වූ ෆිලිපින ජාතිකයන්ට සෙවනක් දීමට මුදල් දෙන්න පුළුවන්.(දිල්)
කමල් නමින් පෙනී සිටින්නා රටේ ලෝකේ වෙන දේවල් දන්නේ නැද්ද අරාබිය පින් කරන හැටි කවුරුත් දන්නවා රිසානාගේ කතාව එක උදාහරණයක් , ශ්‍රමිකයන්ට දෙන වදහිංසා පත්තර වලින් දැකල නැද්ද "අරාබි රටවල් වලට මේ වගේ වෙන්නේ නැහැ " ඔබට හොදටම විශ්වාසද , අපට නම් ලෝකේ කොතැනක කොයි වෙලාවක මෙවැනි දෙයක් වෙයිද කියල විශ්වාස නැහැ , නිකන් මෝඩ කතා කියන්න එපා (අ)
කිසිම කෙනෙක් ස්වාභාවික මරණයකට හැර මෙවැනි අකල් මරණ වලට ගොදුරු නොවේවා .නමුත්'' කර්මය '' විස්වාස කරනවානම් මේවා බලන හැම කෙනාම යහපත් ජීවිතයක් ගත කරන්න අදිටන් කර ගන්න . (දී)
අරාබියේ ඉන්න අපේ කොල්ලන්ට මොකද වෙන්නෙ මොකක්ද....? අපේ කොල්ලෝ කී දාහක් එහේ වැඩ කරනවද ....? (ස)
අනේ මන්ද අපේ රටේ මිනිස්සුන්ගේ මනුස්සකමට මොනවා වෙලාද කියල හිතෙනවා මේ කුහක අදහස් දැක්කහම.මනුස්ස ජීවිත දස දාහකට වඩා නැතිවෙලා තියෙන පුවතකට කියන්න ඕනේ කතාද මෙතන තියෙන්නේ?. ඇත්තටම ලාංකිකයෙක් විදියට ලැජ්ජා හිතෙනවා මේ අදහස් දකිද්දී. (ස)
මොන රටකට උනත් හැම රටේම ඉන්නේ මිනිස්සුනේ. ඒ නිසා අරයට මෙයාට උනා නම් හොඳයි කියන එක හරි නැහැ .ස්වභාව ධර්මයට අපි කවුරුත් යටත් වෙන්ඩ වෙනවා. (ස)
චින්තක.....මේ දුක්බර විස්තරය බලන ගමන්ම ඔබේ අදහස දැකල මට හොඳටම හිනා ගියා....ඇත්ත තමයි....බඩගානි කියල දැම්ම නම් සමහර විට හෙමින් එන්න ගියා.....නම දාපු කෙනාගේ වැරැද්ද...... (ස)
ගාමිණී-සිරි කියන්නේ වසලයෙක් ..විපතේදී සරණයක් නොපතන මේ වගේ මානසික ලෙඩ්ඩුන්ට අම්ම අප්පෙක් නොමැත. මෙවන් අයට කවදා හෝ සිදුවෙන්නේ මේ වගේ විපතකට මැදි වී සුන්නත් දුවිලි වෙන එක තමා(නදී)
සමා වෙන්න මෙහෙම කියනවට අනුන්ගේ විපත් ගැන බලන්න කාලයක් නෑ දැන්.. එදා වේල ෂේප් කරගන්න වැඩක් පලක් කරගන්න තමා අපිට තියෙන්නේ... (ස)
කුණාටුව එව්වා එක නම් හොඳ වැඩක් කියල කිසි කෙනෙක් අනුමත කරන්නේ නැහැ. ඒක වැරදි වැඩක්. තරයේ කියනවා. කුණාටුව වහාම ලෝකයෙන් ඉවත් කල යුතුයි. (ස)
වසලකුමර් නැවතත් කරලියට පැමිණ ඇත. (අ)
ඕක අරාබි කාරයට ගියා නම් නරක ද ?
විපතට පත් සැමට ඉක්මනින්ම සහන ලැබේවා කියා පතමි, මියගිය අයට නිවන් සුව. (ස)
මම ඉන්නේ පිලිෆිනේ. ගොඩක් දුපත් මිනිස්සු ඉන්න පැතී තමා මේකට අහු උනේ.සමහර දුපත් වලට මොකද වෙලා තියෙන්නේ කියල තමා විස්තර දන්නෙත් නෑ. ලංකාවට ආව සුනාමිය වගේ තමා මෙහෙත්. (ස)
හද කම්පාවෙන් නෙතට කදුලු එන පුවතක්.ඇත්තටම දෙවියන් සිටියේ කොහෙද? කියනවා ඇරෙන්න කියන්න දෙයක් ඉතිරි නැහැ.මේ අහිංසකයන්ගෙන් අවතැන් වුවන්ට ඉක්මන් සහන ලැබේවා.මිය ගිය අයට නිවන් සුව ලැබේවා. (ස)
අපේ ලංකාවෙන් ගිය කොල්ලෝ කරදරයක් නැතිව ඉන්නවද කියලා දැන ගන්න අදහස් දාන්න.(නදී)