හමාස් සාමාජිකයන් සියලු දෙනා ඝාතනය කර, ගාසා තීරයෙන් හමාස් සංවිධානය මුලිනුපුටා  දමන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රතිඥා දී තිබේ.

‘හමාස් කියන්නේ ගාසි තීරයේ ත්‍රස්තවාදීන්. ඔවුන් සහ අයි.එස්. ත්‍රස්තවාදීන් අතරේ වෙනසක් නැහැ. ලෝකය අයි.එස්. සංවිධානය විනාශ කළ ආකාරයට අපි හමාස් සංවිධානය විනාශ කරනවා. සියලුම හමාස් සාමාජිකයන්ට මැරෙන්න වෙනවා’ යැයි ඊශ්‍රායල රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් අග්‍රාමාත්‍යවරයා පැවැසුවේය.

අග්‍රාමාත්‍ය නෙදන්යාහු මෙසේ පැවැසුවේ විපක්ෂය සමඟ ද එක් වී නව ඒකීය රජයක් පිහිටුවීමෙන් පසුවය. හමාස් සටන්කාමීන්ට එරෙහිව ආරම්භ කළ යුද්ධයේ අවසානයක් දැකීමට නම් හමාස් සංවිධානය මුළුමනින්ම විනාශ කළ යුතු බව එම ඒකීය රජයේ විශ්වාසය වී තිබේ.

අග්‍රාමාත්‍ය නෙදන්යාහු මෙම නව ඒකීය රජය පිහිටුවා ගෙන ඇත්තේ එක් විපක්ෂ නායකයකු වන බෙනී ගාන්ට්ස් සහ විපක්ෂ දේශපාලන කණ්ඩායම් ද හවුල් කර ගනිමිනි.

(එන්.ඩී.ටීවී.)