සඳ මත ශාඛ වගා කළ හැකි පරිසරයක් පවතින්නේදැයි සොයාබැලීමට ඇමෙරිකාවේ ජාතික දෘෂ්ටාකාශ (නාසා) ආයතනය සැළසුම් සකස් කරයි.
සැළසුමට අනුව කුඩා ප්ලාස්ටික් කුටීරයක වගා කරන ලද පැළෑටි කිහිපයක් සඳමත රැඳවීමට නියමිතය.අනතුරු සඳේ විකිරණශීලී පරිසරය,පෘථිවියට වඩා දස ගුණයකින් පමණ අඩු වන ගුරුත්වය යටතේ එම පැළෑටි කෙසේ වැඬේදැයි නීරීක්ෂණය කෙරෙනු ඇත.
පැළෑටි නොනැසී පවතින කාල සීමාව අනුව සඳ මත පරිසරය ගැන අදහසක් ඇති කර ගැනීමට විද්‍යාඥයින්ට හැකි වෙතියි සදහන්ය.එය අනුව ඉදිරියට කුමන පියවරයන් ගත යුතුදැයි තීරණය කිරීමට ඔවුනට අවස්ථාව ලැබෙනු ඇත.
මිනිසුන් සේම ශාඛා ද පරිසර තත්ත්වයන්ට සංවේදී වන බැවින් සද මත ශාඛ වැවීමට හැකි වුවහොත් සාර්ථක ලෙස මිනිස් ජනාවාස පිහිටුවීමටත් හැකි වනු ඇති බව විද්‍යාඥයින් කියයි.
නාසා ආයතනයේ මෙම වැඩසටහන 2015 වසරේදී කි‍්‍රයාත්මක කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හඳේ පස් වල මීවන වැනි ශාක වැවිය හැකිබව හඳට ගොස් පස් ගෙනා කාලයේදී ලංකාවේ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම හා වෙනත් නාසා විද්‍යාඥයින් කළ පරීක්ෂණ වලදී හෙළි විය.නමුත් හඳ මතුපිටම මෙවැන්නක් වන පළමු වතාව.කැත්‍රිනා, රීටා, විල්මා කුණාටුවලින් නැතිවූ ජීවිත හැර සාමාන්‍ය තත්ත්වය ස්ථාපනය කර ඇත.එය මෙවැන්නකට අදාල නොවේ. (ස)
අන්තිමට චීනය, ඇමරිකාව,ඉන්දියාව ඔක්කොමල එකිනෙකා මරාගනීවි හඳේ අයිතිවාසිකමට. (ස)
ඉන්දික, පොලවේ ගස් වැවීමේ අරමුණ සහ හඳේ ගස් වැවීමේ අරමුණ එකිනෙක ඉතා වෙනස් . එවැනි දේවල් තේරුම් ගන්න ටිකක් දුර දකින්න පුළුවන් වෙන්න ඕනේ. දැනට අවුරුදු 50 කට කලින්, ඇමෙරිකාවේ සිට ලෝකයේ වෙනත් ස්ථාන දක්වා තත්‍යකාල ශ්‍රව්‍ය දෘශ්‍ය සංවාදයක් පවත්වා ගැනීමට පර්යේෂණ කරදීත් ඔය වගේ අදහස් පල වුනාලු. අදට අවුරුදු 50කත පෙර ඔබ පාවිච්චි කරන අයි-දුරකථන ගැන පර්යේෂණ වලට තිබුනේ එවැනි අදහසක්. ඒවයේ ප්‍රතිපලය වටහාගැනීමට දුර දකින්න අවශ්‍යයි. සියලුම විද්‍යාත්මක පර්යේෂණ වලට අවශ්‍ය මුල්‍ය අරමුල්දල් ලබාගැනීමේදී එහි ඇති වැදගත් කම, එවැනි පර්යේෂණයක් අවශ්‍ය වන්නේ ඇයි, එය සාර්ථක කරගත හැකි වෙයි උපකල්පනය කිරීම අවශ්‍ය මුලාශ්‍ර වගේ ගොඩක් දේවල් විද්වත් කමිටුවකට ඒත්තු ගැන්වීමට හැකිනම් තමයි අනුමත කරන්නේ. නැතුව සමහර ආසියාවේ පුදුම රටවල් වල වගේ නුගත් දේශපාලකයෝ නෙවෙයි මේවා අනුමත කරන්නේ. (ස)
අවසාන මොහාත මාගේ, අනුන්නට ගින්දර දුන්නා වාගේ , සැනසීමක් නැතේ හිතතුල මාගේ ,මැවිලා පෙනේවි කලපව් දැසමනේ............... (නදී)
අනේ සංජු ඔයාට තේරෙන්නේ නැද්ද, මීවණ වවන්න පුළුවන් කියන එක වැදගත් සොයාගැනීමක් කියලා. ඒකෙන් කියවෙන්නේ නැහැ අපි දැකලා තියෙන මීවණ කන්න වෙනවා කියලා. ඒ ගැන තව පර්යේෂණ කරලා කෑමට වුණත් හැකි ප්‍රභේද නිපදවන්න පුලුවන්. පෘථිවියට යම් ආපදාවක් වෙන තත්වයක් තියෙන කාලයක මේ පර්යේෂණ වැදගත් වෙනවා. (නි)
දැන් හඳ අයිති කාටද? ඇමරිකාවටද? චීනෙටද? (නි)
ඇමරිකාවට වැරදිලා. 1970 ගණන් වල රටේ නායිකාවක් හඳෙන් හාල් ගේන්නත් හැදුවා. ඒ හඳේ වී වගා කරලා තිබුන නිසා වෙන්න ඇති නේද ? (නි)
ශලිනි මීවන ඔයා කනවද. වැදගත් වැඩක් කලොත් හොඳ නැද්ද හඳේ මීවන වවනවට වඩා.ඇමරිකාවට හැමදාම ඕනේ ගෙදර වැඩේ වෙනුවට අල්ලපු ගෙදර එකාගේ වත්තේ හිටවන්න. (ස)
චාමික, විද්‍යාත්මක පර්යේෂණ වටිනවා. ඒත්, බොරු වැඩ ඕනේ නෑ. මේ ලොකු ප්‍රොජෙක්ට් හදන්න තේරුමක් තැති දේවලට. හඳේ ගස් වවනවට වඩා මේ පොළොවේ වවන එක ප්‍රයෝජනවත් නැතිද? හඳේ වවල කී දෙනෙකුට දෙන්නද? (ස)
70 දශකයේ අපේ දේසපාලන ආඥයින් වේදිකාවල කිව්වා හාල් නැත්නම් හඳෙන් හරි ගෙනල්ල දෙන්නම් කියා. ඇමෙරිකාව අපේ අයියලව ආදර්ශයට අරන් වගේ. (ස)
විද්‍යාත්මක පර්යේෂණ වල වටිනාකම එදා වේලට වඩා දුර දැකිය නොහැකි අයට වටහා ගැනීමට නොහැක. (ස)
වැඩේ හරි යයි. හදෙන් හල් ගෙනත් දෙයි.(නදී)
සත පහකට වත් වැඩක් නැති එකක්. ඕව ඔක්කොම බොරු. නසා එකට සල්ලි හම්බ කරගන්න හදන බොරු ප්‍රොජෙක්ට්. ඊට ඉස්සෙල්ල මේ ලෝකේ තව කොච්චර තැන තියෙනවද වගා කරන්න පුළුවන්. ඕවට වියදම් කරන සල්ලි වලින් ලෝකේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට කන්න දුන්න නම් ඊට වඩා වටිනවා. (ස)
මහා පොලවට උන අපරාදය හද ටත් වෙනවා එහෙනම්.(නදී)
"මම ඇමරිකාවට ආදරෙයි" චීනය දනුයි හද ගමනට ලැස්ති වෙන්නේ (නදී)
මීට වසර කිහිපයකට කලින් ජීවිතවලට සහ දේපළවලට විශාල හානියක් අත්කර දෙමින් ඇමරිකාව හරහා හමාගිය විල්මා නැමති සුළි කුණාටුවෙන් අවතැන් වූවන්හට තවමත් හරිහැටි ඔවුන්ගේ දේපළ හා ජීවණතත්වය නගාසිටුවීමට නොහැකිවූ ඇමරිකාව මොනවාද මේ කියන විහිලු කථා. පළමුව තම ගෙදර ප්‍රශ්න විසදා පිටස්තරය ගැන සොයා බැලුවාට කම්නැත. (නදී)
අනේ අපෙනුත් අර අර 'මෙව්ව' පැලෑටියක් ගෙනිහින් හිටෝල බලන්නකෝ. හරි ගියොත් එකතුවෙලා බිස්නස් එක පටන්ගම්මුකෝ. (නදී)
කිරි අප්පට බල්ලෝ පැනපි. ඒ පාර හඳත් අල්ල ගන්නයි හදන්නේ.(නදී)
නියමයි! (නදී)
පිස්සු මිනිස්සු මහ පොළොවේම පය ගහලා මිනිසුන් ලෙස ජීවත් වෙන්න නොදන්නා මිනිස්සු හඳට යන්න හදනවා, ඒකත් විනාශ කරන්න. (ස)
හඳේ වගා කරන්න ඉස්සෙල්ලා....පෘතුවියේ කාන්තාර වල, ධ්‍රැවවල සාර්ථකව වගා කරලා මිනිස්සුන්ට කන්න දුන්නා නම් හරි....... හැබැයි ඉතින් අනාගතයේ අගහරු ලොවට යන යානා වලට නැවතුම්පලක් හා ලෞන්චින් පැඩ් එක්කක් ලෙස භාවිත කරනවා නම්, වගාව අත්හදා බැලුවට කමකුත් නැහැ. (ස)
හොඳ අදහස. බැරි වෙන එකක් නෑ. ඇමරිකාවට ජය ! (ස)