බීතම් එඩ්වර්ඩ් හෘදයේ අඩක් නොමැතිව උපත ලද දැරියකි. හදවතේ දකුණු අර්ධය පමණක් ඇයට පිහිටා තිබිණි. මේ දැරිය වැඩිකලක් ජීවත් කරවීම අපහසු බව පැවසූ වෛද්‍යවරු අවුරුදු පහක් වන විට ඇයට ශල්‍යකර්ම තුනක් ම සිදුකළහ.
ඇය මරණයට අභියෝග කළාය. දැන් ඇයට වයස අවුරුද් නමයකි. වරින් වර හෘදයාබාද හයක් වැළදී ඇතත් ඇය ජීවත් නීනිය. බීතම් කෙලිදෙලෙන් ගෙවත්තේ සෙල්ලම් කරයි. ඇය මරණය අතින් ගෙන ජීවත්වන්නියක බව කිසිවෙකුත් සිතන්නේ නැත.
ඉපදී මාස දින තුනකදී ඇයට පළමු හෘදයාබාදය වැළදී තිබිණි. සාමාන්‍යයෙන් මිනිස් හදවත ඇලව පිහිටා ඇතත් වෛද්‍යවරු අගේ හදවත පොළොවට හරියටම ලම්භක වන සේ සකසා තිබේ.
ඇගේ මව වන 46 හැවිරිදි මැන්ඩි පවසන්නේ බීතම් දෙස බලන කිසිවකුට ඇය පත්ව ඇති අසරණ බව තේරුම්ගත නොහැකි බවයි. බීතම්ගේ මව සති 20 ක ගර්භනියක්ව සිටියදි බීතම්ගේ හෘදයේ රෝගි තත්වය හටගෙන ඇති බව වෛද්‍යවරැ සොයාගෙන ඇත. ඇයගේ පියා වන 57 හැවිරිදි බ්‍රයන් ද හෘදයාබාධයකින් පෙළුනු බවත් ඔහුගේ හෘදයේ කපාට පටුවී තිබූ බවත් බීතම් ගේ වැඩිමහල් සොහොයුරිය වන මෙගන් පවසන්නීය.
ඇගේ රෝගී තත්වය හයිපොප්ලාස්ටික් ලෙප්ට් සින්ඩ්‍රොම් යනුවෙන් හදුන්වයි. එහිදී සිදුවන්නේ හෘදයේ වම් පස වර්ධනය නොවී දකුණු පස පමණක් ක්‍රියාකාරි තත්වයක පැවතිමයි.
මේ බව දැනගත් පසු ඇය විශාල චකිතයක් ඇතිවු බව බීතම්ගේ මව පවසයි.
"බීතම් ජීවත් කළ හැකිවේදැයි ඇයට බියක් තිබුණා. වෛද්‍යවරු මට කීවේ කලලය ගබ්සා කළ යුතු බවයි. නැතිනම් ඇය ඉපදී දින කිහිපයකින් මියයනු ඇතැයි ද ඔවුන් කිවා. මට එය ඇසූ විට ලොකු දුකක් ඇතිවුණා. ඒත් මට මගේ කුසේ සිටි ඒ දියණිය විනාශකැර දමන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. " ඇය පවසන්නීය.
බීතම් 2004 දී රාත්තල් 7 ක උපත් බරින් යුතුව උපත ලැබුවාය. ඇය ඉපදි දින 3 කදී ඇයගේ කපාටය සැකසිම සදහා පළමු සැත්කමක් කෙරිණි. මෙම සැත්කම කිරීමට පෙර ඇයට ප්‍රථම හෘදයාබාධය ඇතිවිය. මාස 4 දි දෙවැනි සැත්කම කරණු ලැබුවේ බීතම්ගේ හෘදය ලම්භකව තැබීමටය. එය එවැනි සැත්කම් තුනෙන් පළමු එකවිය. මෙම සැත්කමෙන් පසු බීතම්ගේ හෘදය පස්වතාවක් නැවතිණි. බීතම් ගේ මව පවසන්නේ මේ අවස්ථවේදී බීතම් ජීවිතයට සමුදීමට ආසන්නව සිටි බවයි. ඒ සැත්කම් වලදී වෛද්‍යවරුන්ට සිදුවූයේ ඉතාමත් අමාරුවෙන් බීතමිගේ අකර්මණ්‍ය වූ හෘදය පණ ගැන්වීමටයි.
ඇයගේ මව තවදුරටත් පවසා සිටින්නේ තෙවන වරට බීතමිට ඇති වූ හෘදයාබාධයේදි ඇය සිතුවේ බ්තමි මෙලොවින් සමුගන්නා බවයි. නමුත් බීතමිගේ පියා බ්‍රයන් කියා සිටියේ බිතමම්ගේ ජීවිතය පිළිබද බලාපොරොත්තු අත් නොහරින ලෙසයි.
ඒ වෙලාවේ ඇය ජීවිතාරක්ෂක යන්ත්‍රය ආධාරයෙන් ජිවිතය ගෙව්වත් ඇය මරණය ලගාවීමට ඉඩ නොදී මරණය සමග සටන් කළා. පසුව ඇයගේ හෘදය වටා රැධිරය අපිරිසිදු තත්වයට පතව ඇතැයි ඒ අවස්ථාවේ වෛද්‍යවරු කීවා. ඒ අවස්ථාවේදි ඇගේ හෘදයට රැධිරය පොම්ප කිරීමේ පළමු පියවර පටන් ගත්තා. ඉන් පසු සති තුනක් පමණ යන විට ඇය දරැණු ලෙස රෝගාතුර වූවා. වෛද්‍ය විද්‍යාවේ හාස්කමක් මෙන් බීතම් නැවතත් ක්‍රමයෙන් සුව අතට පත්වුණා. මෙම අවස්ථාව ඇයගේ ජීවිතයේ කඩ ඉමක්.
මෙම සැත්කමි වලින් පසු බිතම් ගේ වර්ධනය ඉතාමත් අසතුටුදායක වූවාය. ටිකෙන් ටික හොදින් කතා බස් කිරිමට පුරුදුවූ බිතම් දැන් දැන් පාසැල් පවා යන්නිය. දැන් ඇගේ පාසල් දිවියට අවුරුදු හයක් ගතවී ඇත.
මව පවසන්නේ බීතම්ට හෘදයේ කොටසක් පමණක් පැවතීම හේතුවෙන් තවත් සැත්කම් වලට මුහුණ දිමට හෝ දිනක හෘදය බද්ධ කරණ සැත්කමකට ලක්විය හැකියි යනුවෙනි. බීතම් දැන් ශක්ත්මත් හා නිර්භිත ළමයෙකි.
එමෙන්ම ඇය අපට මහත් ප්‍රබෝධයක් ගෙනදෙන්නීය. ඇය හෘදයේ අඩක් නොමැතිව සැත්කම් හයකට මුහුණදුන් ළමයකුයැයි කිසිවෙකුටත් කිව නොහැකි තරමට බීතම් මරණයට අභියෝග කරමින් ජීවත්වීම සැබැවින්ම සතුට දනවන කරුණකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවි පිහිටයි! (නි)
සේයාථ ඔයාට මොනා හරි ප්‍රශ්නයක් තියෙනවා. මොනවා හරි නොසිතූ කරදරයක් ඇතිවුනාම අනේ දෙවියන්නේ කියලා කියවෙන්නේ නැද්ද සේයා? (නදී)
ලස්සන කෙලි පොඩ්ඩ. (නදී)
මං ලියපු එක පලවෙලා නෑ... හ්ම්ම්ම් ..!! කමක් නැහැ , චුටි දුවට ඉක්මන් සුවය පතනවා නැවත වතාවක්. (නදී)
තුනුරුවන් සරණින් මගේ දුවට සුවපත් වෙන්නටම ඕනේ .සියලු දෙවියන්ගේම ඇල්ම බැල්ම ආරක්ෂාව ලබෙන්නම් ඕනේ . (අ)
ඇත්තටම දෙවියන්ගේ හාස්කමක් දෙවියන්ට ස්තුති වේවා (අ)
ඔබට ඉක්මන් සුවය ලැබී දීර්ගායුෂ ලැබේවා (අ)
දිගු කලක් ජිවත්වන්න අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි (අ0
මදු, අනේ ඔය දෙවියන්ගේ හාස්කමට බැරිද ඔය ළමයට ඔහොම දෙයක් නොවී උපද්දවන්න, (නදී)
සමහරවිට මේ දුවගේ දෙමාපියන්ගේ අඩුපාඩුවකට, වැරදි ආහාර රටා, හුරුපුරුදු මේ දුවට මෙහෙම වෙන්න බලපාන්න ඇති. එහෙත් මේ අම්ො මේ බබාව ගබ්සා නොකර බිහි කළ එකට මම ගොඩක් ගරු කරනවා. මේ පුංචි දුව දෙවියන්ගේ අත් වැරැද්දක් නෙමෙයි. ඒගොල්ලෝ තමයි අපිට දෙවියන් ගැන මතක් කරලා දෙන සුවිශේෂී පුද්ගලයෝ. මේ ලෝකයේ කොච්චර දක්ෂතා තිබෙන ආබාධිත අය ඉන්නවද? කොහොමත් අපේ ජීවිත හරි හතරැස් කියලා හිතෙනකොට අපිට දෙවියෝ/ආගම් මතක් වෙන්නේ නැහැ. (නි)
මගේ මායියා දවසක් තමුසෙට නම් හදවතක් නෑ ඕයා කියලා කිව්වා. නමුත් මේ මම යස අගේට ඉන්නේ.(නදී)
මගෙත් ආයූ ලැබ ඔබ දිගු කල් ජීවත් වේවා! (නදී)
බුදු සරණයි, දෙවි පිහිටයි චුටි දුවට. (නි)
තෙරුවන් සරණයි චූටි දුවේ ඔබට! මොන රටක උපන්නත් , මොන ආගමක් ඇදහුවත් අපි මනුස්සයෝ. ලෝකයේ අනිත් අයට වැඩිය අපේ රටේ අය වෙනස්, (නි)
තෙරුවන් සරණින් ඔබට දීර්ඝායු වේවා! (නි)
මගෙත් ආයු ලබා තව බොහෝ කල් ජිවත් වේවා! ඔබට තෙරුවන් සරණයි! (නි)
බුදු සරණයි....සුවපත් වේවා. (අ)
මධු,රමේෂ්..මේ දරුවා ජීවත් වෙන්නේ දෙවියන් නිසා නොව දක්ෂ වෛද්‍යවරු හා ආදරණිය මව්පියන් නීසා (අ)
මේ ළමයා මොන රටේද ඉපදිලා ඉන්නේ? (නි)
දෙවි පිහිටයි පුංචි දරුවාට (නි)