උපන් ඇදුමින් සැරසුණු පුද්ගලයෝ පිරිසක් පසුගියදා  ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නිහි ටස්මන් වෙරළ තීරයෙන් මුහුදට බටහ.

ගණනින් 700 ක් පමණ වූ ඔවුන්ගේ උත්සාහය වී තිබුණේ සිඞ්නිහි වෙරළ තීරයක නිරුවතින් ස්නානය කළ වැඩිම පිරිස වීමේ ලෝක වාර්තාව පිහිටුවීමය.

වාර්තා කෙසේවෙතත් ඔවුන් හොද හැටි විනෝද වනු පෙනිණි.ගැහැණු හා පිරිමි දෙපාර්ශවයම ඔවුහු අතර වූහ.

‘‘උපදින්නෙත් නිරුවතින්නේ. ඕකෙ මහ දෙයක් තියෙනවද.අනික ගොඩක් කට්ටිය එක්ක නිරුවතින් ඉන්න එකත් විනෝදජනකයි.‘‘ නිරුවත් ස්නානයට සහභාගී වූවෝ පැවසූහ.