පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් මරා දමන බවට එරට කි‍්‍රයාත්මක ‘තරීක් ඊ තලේබාන්’ සටන්කාමී සංවිධානය ඊයේ (27) යළිත් වරක් අනතුරු ඇඟවීමක් කළේය.
තලේබාන් සංවිධානය මුෂාරෆ් තම සතුරකු කර ගත්තේ 2001 වසරේදීය. ඒ වනවිට හමුදාපති ලෙස කටයුතු කරමින් සිටි මුෂාරෆ් කුමන්ත‍්‍රණයකින් රටේ බලය අල්ලා ගෙන ජනපති ධුරය හොබවමින් සිටියේය. මුෂාරෆ් ජනපති ධුරයට පත්වූයේ දෙවැනි වරට අගමැති ධුරයේ කටයුතු කරමින් සිටි නවාස් ෂරීෆ්ගේ පාලනය පෙරළමිනි.
2001 වසරේ දී ඇමෙරිකාව පාකිස්තානයේ අසල්වැසියා වන ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය පෙරළා ඇෆ්ගන් සංග‍්‍රාමය ඇරැුඹූ අවස්ථාවේදී, පාකිස්තානයේ මුෂාරෆ් රජය ඇමෙරිකාවට සහාය දුන්නේය.
පාකිස්තානයේ තරීක් ඊ තලේබාන් සටන්කාමීන් පාකිස්තාන රජයට එරෙහි වූයේත් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකිරීම ආරම්භ කළේත් එම අවස්ථාවේදීය. එදා සිට අද තෙක්ම තරීක් ඊ තලේබාන් සටන්කාමීන් පරාජය කිරීමට පාකිස්තාන රජයට නොහැකි විය.
පාකිස්තානයේ හිටපු අගමැති බෙනාසීර් බූතෝගේ ඝාතන සිද්ධියට සම්බන්ධ යැයි චෝදනා ලැබ සිටින මුෂාරෆ්ට ඉකුත් 20 වැනිදා ඇප නියම විය. ඒ, ඔහු නිවාස අඩස්සියේ පසුවෙද්දීය.
පාකිස්තාන රුපියල් ලක්ෂ දෙකක බැඳුම්කර දෙකක් මත මුෂාරෆ් මුදා හරින්නැයි රාවුල්පිණ්ඩි නුවර ත‍්‍රස්ත මර්දන අධිකරණය තීන්දු කළේය.
දීර්ඝ කාලයක් රටින් පිටවී සිටි මුෂාරෆ් යළි සිය රට පැමිණියේ පසුගිය මාර්තු 24 වැනි දා ය. ඒ, ඉකුත් 11 වැනිදා පැවැත්වුණු මහ මැතිවරණයට සහභාගී වීම සඳහාය.
පාකිස්තානයට පැමිණි විගස මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමට පාකිස්තාන රජය සූදානමින් සිටියේය. ඒ, මුෂාරෆ්ට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා ඒවා සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වීමත් සඳහාය. එහෙත් මුෂාරෆ් ඔහුගේ නීතීඥවරුන්ගේ මාර්ගයෙන් අධිකරණයෙන් ඇප ලබා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව පාකිස්තානයට පැමිණෙද්දී ඔහු අත්අඩංගුවට ගැනීම වැළැකිණි.
මහ මැතිවරණය ඉදිරිපත් වීමට මුෂාරෆ් සුදුස්සකු නොවේ යැයි පාකිස්තාන මහාධිකරණ කිහිපයක් තීන්දු කිරීමත් සමඟ මහ මැතිවරණයට ඉදිරිපත් වීමට ද ඔහුට හැකියාවක් නොලැබිණි.
මහාධිකරණ එසේ තීන්දු කළේ මුෂාරෆ් බලයේ සිටිද්දී, ව්‍යවස්ථාවේ කි‍්‍රයාකාරීත්වය තාවකාලිකව අත්හිටුවීමටත් ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් තනතුරුවලින් පහ කිරීමටත් කටයුතු නිසාය.
|
මහ මැතිවරණයට සහභාගිවීමට මුෂාරෆ් පාකිස්තානයට පැමිණි අවස්ථාව |
2025 දෙසැම්බර් මස 04
286
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
411
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
391
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිටපු ජනපති මුෂාරෆ්ට යළිත් තලේබාන් තර්ජන
චන්ද්‍රසිරි Tuesday, 28 May 2013 02:52 PM
මුෂාරෆ් මහත්තයා දැන් ඉතින් සද්ද නැතුව ආපහු රට යන්න (නි)