ඇමෙරිකා එක්සත් ජනපද නීතිය යටතේ විශේෂ සැලකිලි ලැබීමට ‘හොංකොං’ තවදුරටත් සුදුසු නැතැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ පැවැසීය.
මේ තත්ත්වයත් සමඟ ලොව ප්‍රධානම මූල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස සැලකුණු හොංකො වෙත බලවත් අතුල් පහරක් එල්ල වී ඇත.
චීනය හඳුන්වා දී තිබෙන නව ආරක්ෂක නීතී මඟින් හොංකොං වෙත ලැබී තිබුණු නිදහස සීමාවට ලක්වන බව ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසය අමතමින් හෙතෙම ඊයේ (27) ඒ බව කීය.
‘‘දැනට තියෙන සාක්ෂි සාධක අනුව හොංකොං තවදුරටත් ස්වයං පාලනයක් සහිත නිදහස් පරිපාලනය ප්‍රදේශයක් යැයි තහවුරු කිරීමට කිසිවකුටත් බැහැ. එසේ කිරීමට සාධාරණ හේතුවක් ද නැහැ’’ යැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා කීය.
හොංකොං පරිපාලන ප්‍රදේශයට හඳුන්වා දුන් නව ආරක්ෂක නීතිරීතිවලට අද (28) චීන පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.
නව ආරක්ෂක නීති මඟින් චීනයේ බුද්ධි අංශවලට හොංකොං හි සිය කාර්යාල පවත්වාගෙන යෑමට ද අවසර හිමිවන බව වාර්තා වේ.
‘‘ඇමෙරිකාව සහ චීනය අතර දැනටමත් තිබෙන අර්බුද හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳාම සහ ව්‍යාපාරවලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. චීනය හොංකොං සම්බන්ධයෙන් අනුමත කරගත් නව ආරක්ෂක නීති එය තවත් මට්ටමකට ගෙනයනවා. මේ නිසා ඇමෙරිකාව සහ චීනය අතර තිබෙන අර්බුදය තවදුරටත් උග්‍ර අතට හැරෙනවා’’ යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හොංකොං හි ඇමෙරිකානු වාණිජ මණ්ඩලයේ ප්‍රධානී තාරා ජෝශප් පැවැසුවාය.
බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ, චීනයේ කොටසක් වුණු හොංකොං බ්‍රිතාන්‍ය කොලනියක් විය. ඒ, 1842 දීය. 1997 දී හොංකොං යළි චීනයට පවරා දීම සිදුවුණු අතර, හොංකොං සඳහා වෙනම පාලනයක් ලබා දීමට චීනය පියවර ගත්තේය. හොංකොං පාලක මණ්ඩලය චීන හිතවාදීන්ගෙන් සමන්විතය. වත්මන් හොංකොං පාලිකා කැරී ලෑම් ද චීන හිතවාදියෙකි. හොංකොං යනු වර්ග කිලෝමීටර 1,104 ක භූමි ප්‍රදේශයකි. මිලියන 7.4 කට අධික පිරිසක් හොංකොං හි ජීවත් වෙති.
පසුගිය වසරේ හොංකොං පාලක මණ්ඩලය නව උදර්පණ නීතියක් හඳුන්වා දීමට උත්සහ කළේ ද චීනයේ බලපෑම මතය. චීන රජයේ උදහසට ලක් වුණු එරට විපක්ෂ ක්‍රියාකාරීන් බොහෝ දෙනෙක් හොංකොං පැමිණ සිටිති. උදර්පණ නීතිය ක්‍රියාත්මක කරමින් මොවුන් වහා යළි චීනයට ගෙන්වා ගැනීමට චීන රජය උත්සාහ කළේය. කෙසේ නමුත් මාස ගණනක් තිස්සේ සියලු දෛනික කටයුතු අඩපණ කරමින් පැවැත්වුණු විරෝධතා හේතුවෙන් උදර්පණ නීතිය හකුලා ගැනීමට පාලිකා කැරී ලෑම් ට සිදුවිය.
ඒ.එෆ්.පී./රොයිටර්
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
‘හොංකොං’වලට තවදුරටත් විශේෂයෙන් සලකන්න බැහැ : ඇමෙරිකානු රාජ්‍ය ලේකම්
රවින් Thursday, 28 May 2020 11:27 PM
තමන්ගේ රෙද්ද ගිනි අරගෙන. මරණ ගණන එක් ලක්ෂේත් පැනලාලු නේද? අනුන්ගේ කුණු නොහොයා ඉස්ස ඉස්සෙල්ලාම රෙද්ද නිවාගන්න.