පැයට කිලෝ මීටර් 173 ක වේගයකින්, ‘සුළික්’ නමැති ප‍්‍රචණ්ඩ සුළි කුණාටුව ඊයේ (12) තායිවානය හරහා හමා ගියේය.
සුළි කුණාටුව සමඟ මහ වැසි ඇද හැළීම හේතුවෙන් ප‍්‍රදේශ රැුසකින් ජල ගැලීම් වාර්තා විය. සුළඟට ගස් කඩා වැටීමෙන් මාර්ග රැසක් අවහිර විය.
සුළි කුණාටුවෙන් බරපතළ හානි සිදුවූයේ ඉලාන් පළාතටය. ඊයේ දහවල් සුළි කුණාටුව තායිපේ අගනුවර හරහා හමා ගියේය.
සුළි කුණාටුව ගැන කාලගුණ විද්‍යා දෙපාර්කමේන්තුව කල් තියා අනතුරු අඟවා තිබුණු හෙයින් පාසල් සහ කාර්යාල ඊයේ දිනයේ වසා දමා තිබුණි. අනාරක්ෂිත ස්ථානවල පදිංචි වී සිටි දහස් ගණනක් වැසියන් ආරක්ෂිත ස්ථානවලට යොමු කෙරුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
'සුළික්' කිව්වාම අපේ සිංහල නමකින් හැදිච්ච වචනයක් වගේ පේන නිසා අපි විරුද්ධ වෙමුද? අර මහසෙන් නාඩගම නැටුවා වගේ. (නදී)
ඔව් ඔව් ඒක සිංහල වචනයක් වගේ හැගෙන්නේ යමු පෙළපාලි (අ)