IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


සුළු දියෙන් සරුම වගාවක්

‘බර‘ නිදහස් කරගන්නා තෙක් ඉස්පාසුවක් නැතියවුන්ම ඉලක්ක කර ඇති වැඩසටහනක් ඩෙන්මාර්කයේ ඇම්ටර්ඩෑම් නගරයේ ක්‍රියාත්මකය.

නගරයේ තැන් තැන්හි පිහිටුවා ඇති ජංගම කැසි කිළි වලට ‘බර‘ ඇතියවුන්ට ආරාධනා කෙරෙන අතර ඔවුනට දැනුම් දෙන්නේ  හරිත නගරයක් ඇතිකිරීම වෙනුවෙන් ඔවුන්ගේ මුත්‍රා ලබාගැනෙන බවයි.

මෙම හරුපයේ තේරුම පැහැදිලි කර දෙනු ලැඛෙන්නේ ‘බර‘නිදහස් කරගෙන ගත සිත සැහැල්ලූ කර ගත්තායින් පසුවය.

මිනිස් මුත්‍රාවල ඇති නයිට්‍රජන්,පොටෑසියම් හා පොස්පරස් යන පෝෂකයන් උකහා ගැනීම මෙම වැඩසටහනේ අරමුණයි.මෙම පෝෂකයන් ශාඛවල වර්ධනයට වැදගත්ය.ශාඛ වලට යොදන රසායනික පොහොර වල අන්තර්ගත වන්නේත් මෙම පෝෂක අඩංගු වෙයි.

මුත්‍රා වලින් ලබාගැනෙන මෙම පෝෂක  ආධාර කරගෙන පොහොර නිපදවා ඒවා ඇම්ස්ටර්ඩෑම් නගරයේ වගා කර ඇති ශාඛ වලට යෙදීම සිදුකෙරේ.මෙහිදී වෙන වෙනම රසායනික පොහොර මිලදී ගන්නවාට වඩා අඩු වියදමකින් අවශ්‍ය පොහොර වර්ග සකස් කර ගැනීමට හැකියාව ඇතැයි මේ වැඩසටහනේ නිර්මාතෘවරු කියති.

යහපත් අරමුණක් වෙනුවෙන් ‘මුත්‍රා‘ පරිත්‍යාග කිරීමට ඉදිරිපත්වන්නවුන්ගේත් අඩුවක් නැති බව පවසන ඔවුන් රසායනික පොහොර නිෂ්පාදනය කිරීමට අවැසි අමුද්‍රව්‍ය ශීඝ්‍රයෙන් ක්ෂය වෙමින් පැවතීම සම්බන්ධයෙන් මහජනයා දැනුම්වත් කිරීමත් මෙම වැඩසටහනෙන් බලාපොරොත්තු වන්නක් පවසයි.

 



අදහස් (0)

සුළු දියෙන් සරුම වගාවක්

ගජන් Tuesday, 05 November 2013 04:57 PM

අර ගෑනු ළමයා එතන ඉදගෙන ඒ ගොල්ලන් උනන්දු කරවනවාද ? (ස)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Wednesday, 06 November 2013 10:29 AM

අනේ නැහැ දොන් සේතන් අයියේ, අර ඔයාලගේ ගමේ හදනවා කිව්වා බීමට. (ස)

:       0       0

චන්දන ගංගොඩ Tuesday, 05 November 2013 11:20 PM

එතන හිටගෙන ඉන්නවා පෙනෙන ගැහැණු ළමයා කැසීකිලිය පාවිච්චි කළාට මුදල් එකතු කරන කෙනා වගෙයි පෙනෙන්නේ මට නම් (නි)

:       0       0

දොන්සේතං Tuesday, 05 November 2013 05:51 PM

අනේ ඔයගොල්ලෝ පොහොර හදනවා. අපේ ගමේ නම් මුත්‍රා වලින් කසිප්පු පෙරනවා මල්ලියේ (නි)

:       0       0

කේ.කේ.දී. Tuesday, 05 November 2013 11:35 PM

එතකොට නෙදර්ලන්තයේ තියෙන්නේ? (නි)

:       0       0

කුමාර Tuesday, 05 November 2013 11:58 PM

චමත්, ලංකාවේ දුර ගමන් බස් නවතන තැන්වල බිත්ති වල පවා ගහලා තිබෙන වැකියක් මතක් වුණා මට[මුත්‍රා කිරීම බල්ලන්ට පමණයි] (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 05 November 2013 06:26 PM

දොන්සේතන්ලාගේ ගමේ මම යෝජනා කරන්න සිතූ දෙයක් කරනවා එහෙනම්? (නි)

:       0       0

සංජු Tuesday, 05 November 2013 06:39 PM

අරයා මොකද සමච්චලයට වගේ හිනා වෙන්නේ. අනික පිරිමි ඒවා විතරද ගන්නේ. (නි)

:       0       0

ලාල් Tuesday, 05 November 2013 06:39 PM

මේ අරාබි රටවල නම් ඔය විදිහට මූත්‍ො කරලා අහුවුණොත් දඩත් ගහවි (නි)

:       0       0

ඉර්ෆාන් ධර්මා Wednesday, 06 November 2013 02:05 AM

මේක ගැහැණු පාර්ශවයට කරපු අසාදාරනයක් , ගැහැණු අය කොහොමද මේ වගේ සත් ක්‍රියාවකට දායක වෙන්නේ? සෑම කාසිකිලියකම පුනීලයක් එල්ලා තැබිය යුතුයයි යෝජනා කරනවා. (නදී)

:       0       0

රංජන Tuesday, 05 November 2013 06:54 PM

ඇම්ටර්ඩෑම් නගරය තියෙන්නේ ඩෙන්මාර්ක් වලද? (නි)

:       0       0

දෙව්මිණි- Wednesday, 06 November 2013 03:23 AM

ඩෙන්මාර්ක් වල නෙමේ මේ නගරය තියෙන්නේ හොලන්ඩ් වල.ඩෙන්මාර්කයේ අග නුවර කොපන්හගෙන් .(නදී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Wednesday, 06 November 2013 04:54 AM

ඊයා... දොන් සේතන් !(නදී)

:       0       0

පැරා Tuesday, 05 November 2013 08:17 PM

අරාබියේ ඉන්නේ කොහොම අයද කියලා දන්නවනේ, ලාල් (නි)

:       0       0

චමත් [ලංකාව] Tuesday, 05 November 2013 03:07 PM

ලංකාවෙත් දුර ගමන් බස් රථ තේ බීමට නවත්වන, හෝටල් අසල මේ වගේ ජංගම කැසිකිලි තියන්න බැරිද දන්නේ නෑ නේද? (ස)

:       0       0

දොන්සේතං Wednesday, 06 November 2013 08:40 AM

අනේ ඉන්දු නගෝ, ඔයා ඊයා කිවුවේ මටද? (නි)

:       0       0

රාධා Tuesday, 05 November 2013 03:19 PM

ලංකාවෙත් කරන්න පුළුවන් වැඩක්. අපරාදේ පෝර වලට වියදම් කරන්නේ. (ස)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Tuesday, 05 November 2013 09:04 PM

පොලොං විසට හදන බෙහෙත් වල ආයුර්වේදයේ බේත් අඹරන්නේ මුත්‍රා සමග (නි)

:       0       0

කුමාරන Tuesday, 05 November 2013 03:57 PM

මුත්‍ර විතරක් නොවෙයි. මල, මුත්‍ර දෙකම භාවිතා කරන්න පුළුවන්.ඒ වගේම ජිව වායුව නිපදවන්නත් පුළුවන්.ඕනේ ඔලුව තියෙන කෙල්ලේ කොල්ලෝ විතරයි. (ස)

:       0       0

ශාන්ති Tuesday, 05 November 2013 09:52 PM

ලංකාවෙත් මේ වගේ කරන්ඩ අපේ බලධාරීන් උනන්දු වෙනවනම් කොච්චාර හොදද ? (ස)

:       0       0

darshan Tuesday, 05 November 2013 10:03 PM

මුත්රවලින් පමණක් නෙවේ තාව බොහෝ අප ද්‍රව්‍ය වලින් වැඩ ගන්න පුළුවන්,එහෙත් බැරි කොමිස් ලැදී දේශ පාලුවන් නිසාත්,කම්මැලි,උඩගු නිලදාරීන් නිසාත්.ලංකාදීපයට ස්තුතී මෙවනී පුවත් පලකිරීම ගැන. (ස)

:       0       0

ගජ මෑන් Tuesday, 05 November 2013 10:06 PM

ඉස්සර කොහෙද රටක මුත්‍රා පානය කරන්නන්ගේ සංගමය කියලා එකක් තිබුනා. ඒ කාලේ ඒ රටේ කෙනෙකුත් ඒකේ සාමාජිකයෙක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 52 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


තවත් යුද්ධයක් එපා: ලියෝ පාප්තුමෝ කියති
2025 මැයි මස 12 48 0

ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.


පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි
2025 මැයි මස 12 777 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1720 1

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 2718 1

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


සෝවියට් යානය ඉන්දීය සාගරයට
2025 මැයි මස 11 5110 0

සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1143 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1469 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 380 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site