නිරූපිකාවක් වීමට අඩු බර සුනම්‍ය දේහයක් තිබිය යුතුයැයි බොහෝ දෙනා අතර පවතින මතය බිද හෙළන්නීය ඇමරිකා ජාතික නිරූපිකා වෙල්වෙඩ් ඩී‘අමෝර්.
දැන් 38 වැනි වියේ පසුවන ඇය රාත්තල් 300 ක් බරය. ඒ බරටම සමාන විසල් දේහයක්ද ඇයට ඇත.එසේ වුවත් ඇය නිරූපිකාවක් ලෙසට නමක් දිනාගෙන ඇත්තීය.
මතකය අවදි කරන වෙල්වෙට් තමාට නිරූපිකාවක් වීමේ උණ වැළදුනේ වයස 21 වැනි නව යොවුන් අවදියේ බව පවසන්නීය.එදවස යන්තම් රාත්තල් 117 බරැති සිහින් සිරුරකින් යුතු වූ තමා බොහෝ දෙනාගේ අවධානය දිනාගැනීමට සමත්වූ බවත් බොහෝ බලාපොරොත්තු තබාගෙන නිරූපිකාවන් බදවා ගන්නා ඒජන්සියක් වෙත ගියද ඔවුන් තමාගේ බර වැඩියි යැයි කියූ නිසා ආපසු හැරී ඒමට තමාට සිදුවූ බව ඇය කියන්නීය.
තමාගේ සිරුර තමාටම එපා වූ බව කියන වෙල්වට් නිරූපණ කලාව පැත්තකට දමා අනතුරුව ප්‍රගුණ කර ඇත්තේ ඡායාරූප කලාවය.එයත් නිරූපිකාවන්ගේ ඡායාරූප ගැනීම සම්බන්ධයෙනි.
‘මම නිරූපිකාවන් බොහෝ දෙනෙකු ඡායාරූප ගත කර තිඛෙනවා.මම හිතන් හිටියේ ඔවුන් අප සියලූ දෙනාට වැඩිය ලස්සන නිසා ඔවුන් සතුටින් ඇතැයි කියලා.නමුත් ඒක නොවෙයි ඇත්ත.ඔවුන් සෑම වෙලාවෙම ඉන්නේ දුකෙන්.පෙනුම ගැන කරදර වෙනවා වුවමනාවටත් වඩා.‘ ඇය කියන්නීය.
මෙනිසා තම පෙනුම ගැන වද වීම අත්හල දමා තමාට මේ හෝ පෙනුමක් ලැබී තිබීම ගැන සතුටු වන්නට වෙල්වට් පුරුදු වී ඇත්තීය.දිනක් ඇය තමන් ඡායාරූප ගත කළ නිරූපිකාවන්ගේ ඡායාරූප ගොන්නක්ද රැගෙන පැරිස් නුවර නිරූපිකාවන් බදවා ගන්නා ඒජන්සියක් වෙත යන්නේ ඡායාරූප ශිල්පිනියක ලෙස එහි සේවයට බැදීමටය.
‘ඔවුන් මට දුන්නේ ඉල්ලූව රැකියාව නොවේ. ඔවුන් පැවසුවා ඔවුන්ගේ නිරූපිකාවක ලෙස සේවය කරන්නය කියලා.‘ වෙල්වට් පවසන්නීය.
එදා සිට නිරූපිකාවක් ලෙස සේවය කරන ඇය නිරූපණ ක්ෂේත්රයේ හොද නමක් රදවා ගැනීමට සමත්ව ඇත්තීය.තමන් නියෝජනය කරන්නේ තරබාරු කාන්තාවන් යැයි කියන ඇය ඔවුන්ටත් මේ ලෝකයේ තැනක් ඇති බව පෙන්වීමට හොදම විදිය මේ යැයි පවසන්නීය.
‘මට අනිත් කාන්තාවන්ට කියන්න තියෙන්නේ පෙනුම ගැන වදවෙන්න එපා කියලා.තමන්ගේ පෙනුම ගැන සතුටින් ඉන්න.අනිත් අයට ඒක හොද වුනත් එකයි නැතත් එකයි.තමන් සතුටින් ඉන්නවනම් එච්චරයි.බලන්න මා දිහා.දැනට ඉන්නවට වඩා හොද පෙනුමක් මට තියෙද්දී කවුරුවත් මාව ගණන් ගත්තේ නැහැ.නමුත් දැන් මම නිරූපිකාවකුත් වෙලා.‘
ඇතැමුන් තමන්ට තරබාරු බව වෙළදාම් කරන්නේයැයිද කාන්තාවන්ට තරබාරු වීම හොද යැයි ඒත්තු ගන්වන්නේ යැයිද චෝදනා කරන බව ඇය කියන්නීය.
තම අරමුණ වන්නේ එවැන්නක් නොව කාන්තාවන්ට තමන්ගේ තිඛෙන පෙනුම ගැන සතුටු වන්නයැයි ඒත්තු ගැන්වීම බව ඇය පවසන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාරිහාමි නම් තරහෙන් කතා කරන්නේ. ඔයාට ඉතින් ඔහොම සිරුරක් නැති එකට මොකද කරන්නේ? ඒක හොදයි අනේ! නැත්නම් ඔයා කොහොමද ඔසරි මාල වළලු අදින්නේ? (නි)
ශාන්ත - හෝමාගම, ඔසරි මාල වළලු අඳින මේ වගේ සිරුරු ඇති කාන්තාවන් කොපමණ ඉන්නවද ඔබ දැක නැතුවට? මේ වගේ කාන්තාවන්ටයි ඔසරිය ඇන්දම වඩාත් තේජස් පෙනුමක් ලැබෙන්නේ. නමුත් ඔසරිය ඇන්දම සිරුරේ හැඩය හොඳින් පෙනෙන නිසා ලැමට වඩා උදරය ඉදිරියට නෙරා ඇත්නම් ඔසරිය කැතයි, එහෙත් පෙනුම තේජස්.මට කිසිම තරහක් නෑ. මට ඇති සිරුර ගැන මම දුක් වෙන්නේ නෑ. එය නිරෝගිව ශක්තිමත්ව තබා ගැනීම තමා මම කරන්නේ. ඉතින් එහෙම කරද්දී මගේ සිරුර මේ වගේ තරබාරුවට හැදෙන්නේ නෑ. තවත් දෙයක් කියන්නද? මෙයාගේ කේශ දන්ත චවි වයඃ කල්යාණත් තියෙනවා. ඒ කියන්නේ මෙයා පංච කල්‍යාණියක්. (ස)
සිරියලතා සිරියලතා මගේ සිතගත් සුදු කෙල්ලේ... මගේ පෙම් ලෝව එලිය කලේ. (ස)
ලද දෙයින් සතුටුවීම නිසා එයා පරාජය වුණෙත් නැහැ. ලෙඩ වුණෙත් නැහැ. නොලැබෙන දේ පස්සේ අඩ අඩා දුක් වුණෙත් නැහැ. එකම එයාගේ ජයග්‍රහණය වුණා (නි)
සිරියලතා,හා ... කියන්න දැන් ඔයා මේකේ මොන ඇදුම ඇදගෙනද යන්නේ කියලා. (නි)
සිරිය ලතා සිරිය ලතා මා ආදර සුදු කෙල්ලේ (අ)
බමුණු, අහ එකටද එහෙම කියන්නේ? ඔක් ඔක් (ස)
ගෑනු ළමයා ....හරිම හදින්නේ.... . (ස)
"දැක්කොත් පද්මාවතී.... ආලේ නොකරා බැරී......." මට ආපු අදහසම අජිත් ටත් ආපු එක තමයි වැඩේ. ඒකට තමයි කියන්නේ ෆූල්ස් නෙවර් ඩිස් ඇග්‍රී කියලා. (ස)
මේ තැනැත්තියගේ අරමුණ නම් අගය කල යුතු එකක්. (ස)
රෑට දැක්කොත් බය වෙනවා. (ස)
මාංශ කල්‍යාණිය යනු මෙයයි (නි)
අම්මෝ! දුවමු.... (නි)
මට නම් බය හිතෙනවා. (නි)
කියලා වැඩක් නැහැ. නියමයි (නි)
පෙරලුනාම .. හා හා ..... පෙරලුනාම පෙරලුන පිට හොදයි කියනවා . (නි)
දැක්කොත් පද්මාවතී.... ආලේ නොකරා බැරී........ (නි)
මම නම් එච්චරම මහත නැහැ. උත්සාහයක් කරලා බලන්න ඕනෑ (නි)
පව්...පව්...ඒ ළමයාගේ හැකියාව සහ උත්සාහය අගය කළ යුතුයි. (නි)
ෂා.... නියමයි.(නි)