IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


සිරියාවට පහර දෙන්න එපා:

සිරියාවට හමුදාමය මැදිහත් වීමක් නොකරන්නැයි ඔබාමා පරිපාලනයට බල කරමින්, ඊයේ (2) ද ඇමෙරිකාවේත් ලොව සෙසු රටවලත් විරෝධතා රැලි පැවැත්විණි.

ඇමෙරිකාවේ විරෝධතා පැවැත්වුණේ ලොස් ඇන්ජලීස්, ටෙක්සාස්, නිව්යෝක් සහ බොස්ටන් යන නගරවලය. එම විරෝධතා සඳහා දෙදහසකට වැඩි ඇමෙරිකානුවන් පිරිසක් සහභාගී වූ බව එරට පුවත් සේවා වාර්තා කළේය. විරෝධතා සංවිධානය කර තිබුණේ, ඇමෙරිකානු යුද විරෝධී සංවිධානයයි.

මේ අතර ඇමෙරිකාව, සිරියානු රජයට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයන් ගතහොත්, එයින් සිදුවන ජීවිත හානිය දැනට සිදුවන හානියට වඩා වැඩි වනු ඇතැයි පවසමින්, කැනඩාවේ ඇල්බර්ටාහිදී ද විරෝධතා රැලියක් පැවැත්විණි.

බි‍්‍රතාන්‍යයේ මානව හිමිකම් සුරැකීමේ සංවිධාන කිහිපයක් එක් වී ලන්ඩන් නුවර විරෝධතා රැුලියක් සංවිධානය කළ අතර, ඊට දහසකට වැඩි පිරිසක් සහභාගී වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.

සිරියාවට එරෙහිව ඇමෙරිකාවෙන් ප‍්‍රහාරයක් එල්ල වුවහොත් ඊට තුර්කි රජය සහාය නොදැක්විය යුතු යැයි අවධාරණය කරමින්, එරට ඉස්තාම්බුල් නුවර දැවැන්ත විරෝධතා රැලියක් පැවැත් වුණු අතර ඊට ලක්ෂයකට ආසන්න පිරිසක් එක් වූහ.

ජෝර්දානයේ අම්මාන් නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ද විරෝධතා රැලියක් පැවැත්විණි. විරෝධතාවට එක් වූ පිරිස චෝදනා කළේ ඇමෙරිකාව තවත් මැදපෙරදිග අර්බුදයක් නිර්මාණය කිරීමට සූදානම් වන බවටය.

මීට අමතරව ෆ‍්‍රැන්සිස් පාප්තුමන් ද සිරියානු අර්බුදය ගැන විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ සිරියාවට එරෙහිව යුදමය කි‍්‍රයා මාර්ගයක් ගතහොත් එයින් සිදුවන්නේ තව තවත් යුද්ධ සහ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇති වීම කියාය.

යහපත් හදවත් ඇත්තෝ යුද්ධය නොව ගැටලූ විසඳා ගැනීමට සාමය තෝරා ගන්නා බව ද පාප්තුමන් මතක් කර දුන්නේය.

සිරියානු වැසියන් වෙනුවෙන් තමා සමඟ එක් වී යාඥා කරන්නැයි ද පාප්තුමන් සියලූම ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් ද කළේය.


 

ඇමෙරිකාවේ පැවැති විරෝධතා රැලියක්

.



අදහස් (0)

සිරියාවට පහර දෙන්න එපා:

නිමල් Wednesday, 04 September 2013 01:05 AM

දෙවියන්ගේ කැමැත්ත අනුව තමා සියල්ල සිදුවන්නේ (නි)

:       0       0

සජිත් Tuesday, 03 September 2013 11:04 AM

මේ දස දෙනා ෂුවර් එකට මිනි මස් කන මිනිස්සු වෙන්න ඕනේ. ඒකයි මේ අය බෂර් අල ආසඩ් මිනිස්සු මරණ එකට සහය දෙන්නේ. (ස)

:       0       0

දුම්මලසූරිය.. Tuesday, 03 September 2013 11:08 AM

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් කියන අදහස ඉතාම නිවැරදි බව අපිත් අදහනවා.....මේ පුංචි අපිට තේරෙන දෙය මහ ලොකු. බලවතුන්යයි කියාගන්නා ඇමරිකාවට නොතේරෙන එකනේ ප්‍රශ්නේ......ලෝකයේ බහුතරයකගේ ප්‍රාර්ථනාව සාමයයි.....ඒත් යුධ බලය ...ධන බලය ..හමුවේ සුළුතරය ජයගෙන......බහුතරය පරාජය වෙන අකාලයක් මේක...... (ස)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 03 September 2013 12:23 PM

බෝම්බ දාන්නෙ සිරියානු හමුදා කඳවුරු වලටයි අල් අශාඩ් ගෙ නිලනිවසෙටයි නම් කමක් නැහැ. ඇමෙරිකාව ඉරාක ඇෆ්ගනිස්ථාන් ලිබියා වගේ රටවල් ආක්‍රමණ කරද්දී බෝම්බ දැම්මේ කොහාටද කියල මුළු ලෝකෙම දන්නවා (දී)

:       0       0

ලුම්බිණි Tuesday, 03 September 2013 12:28 PM

මේ මිනිස්සු කවුද කියලා බැලුවම පෙනෙනවා. ඉතාම කණගාටුයි අල් අශාඩ් කරන දේ ගැන. (ස)

:       0       0

ග්‍රේඩ් Tuesday, 03 September 2013 01:05 PM

අල් අසාද් විතරද සිරියාවේ මිනී මරන්නේ සාමකාමී විදිහට තිබුන රටකට වෙලාතියන දෙයට වග කියන්න ඕනේ කව්ද (දී)

:       0       0

රෝමා Wednesday, 04 September 2013 09:23 AM

නිමල්, දෙවියන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා නම් මිනිස්සු මේ වගේ දහදූක් විදින්නේ ඇයි? (නි)

:       0       0

ගයාන්-ඉතාලිය Tuesday, 03 September 2013 06:59 PM

ප්‍රශ්නය ගැන හරි අවොබෝදයක් ඇතිව කතා කරන්න. මොකද පොඩි ළමයින් ඉන්න තැනකට මොන ආගමෙන් ගැහුවත් ඒක මහා වැරද්දක් ඒ ගැන හිතන්න.(නදී) .

:       0       0

ප්‍රදීප් Tuesday, 03 September 2013 09:28 PM

මේ සාම ව්‍යාපාරය රුසියානු කුමන්ත්‍රණයක් කියලා එහේ ඇමතිවරු කියන්නේ නැද්ද? (අ)

:       0       0

රසික Tuesday, 03 September 2013 03:34 PM

මිනිස්සු මැරෙන එක දුකක් ඒත් ආගම නිසා තවත් රටකට අංචි අදින සෞදි අරබියාවට රුසියාවෙන් පාඩමක් කියා දේවි නිසැකවම.ඔක්කොම අන්තවදියෝ විනාශ වෙත්වා.. (ස)

:       0       0

ටෘත් Wednesday, 04 September 2013 12:13 AM

මේ ආකරයට නැවත පහර දීමක් ඇති වුණොත් මේක ලෝකෙටම බලපානවා. ඒක අපේ රටටත් බලපානවා. (නි)

:       0       0

හිරා Tuesday, 03 September 2013 04:11 PM

පාප්තුමා කියන විදියට අපි ඔක්කොම යාඥා කරමු. එතකොට ලෝකයේ තියෙන ප්‍රශ්න ඔක්කොම නැතුව යයි . මේක ,පැහැදිලිවම යූදෙව් ආගමෙන් කැඩිලා ගිය ආගම් දෙකක් අතර දීර්ගකලයක් තිස්සේ කකැරෙන බද්ද වෛරය (දී).

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ග්‍රීසියට භූමිකම්පාවක්
2025 මැයි මස 14 76 0

ග්‍රීසිය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.1 ක් ලෙසය.


ලූලා ද සිල්වා චීන ජනාධිපති හමුවෙයි
2025 මැයි මස 14 628 1

බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ


හසීනාගේ ‘අවාමි ලීගය’ ට තහංචියක්
2025 මැයි මස 14 89 0

විරෝධතා හමුවේ, ධුරයෙන් ඉවත් වී, රටින් පලා ගිය බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ‘අවාමි ලීගය’ දේශපාලන පක්ෂයට තහංචි පැනවීමට, බංග්ලාදේශ මැතිව


බ්‍රිතාන්‍ය අගමැතිගේ පවුලේ නිවස ගිනි අරන්
2025 මැයි මස 14 50 0

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර්ගේ කෙන්ටිෂ් ටවුන් පළාතේ පිහිටි පවුලේ නිවස ගිනි ගැනීමකට ලක් වුණු බවත්, එම ගිනි ගැනීම සම්බන්ධයෙන් පවතින සැක ස


යානය බිම දැම්මට රුසියාව චෝදනා
2025 මැයි මස 14 122 0

මැලේසියානු ගුවන් සේවයට අයත් ‘එච්.එම්. 17’ මගී ගුවන් යානය පහර දී බිම හෙළීම සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු යැයි එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය තීන්දු


ට්‍රම්ප් ට සැප ගුවන් යානයක්
2025 මැයි මස 14 3404 5

සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1444 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1627 3
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 427 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site