සිරියාවට හමුදාමය මැදිහත් වීමක් නොකරන්නැයි ඔබාමා පරිපාලනයට බල කරමින්, ඊයේ (2) ද ඇමෙරිකාවේත් ලොව සෙසු රටවලත් විරෝධතා රැලි පැවැත්විණි.
ඇමෙරිකාවේ විරෝධතා පැවැත්වුණේ ලොස් ඇන්ජලීස්, ටෙක්සාස්, නිව්යෝක් සහ බොස්ටන් යන නගරවලය. එම විරෝධතා සඳහා දෙදහසකට වැඩි ඇමෙරිකානුවන් පිරිසක් සහභාගී වූ බව එරට පුවත් සේවා වාර්තා කළේය. විරෝධතා සංවිධානය කර තිබුණේ, ඇමෙරිකානු යුද විරෝධී සංවිධානයයි.
මේ අතර ඇමෙරිකාව, සිරියානු රජයට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයන් ගතහොත්, එයින් සිදුවන ජීවිත හානිය දැනට සිදුවන හානියට වඩා වැඩි වනු ඇතැයි පවසමින්, කැනඩාවේ ඇල්බර්ටාහිදී ද විරෝධතා රැලියක් පැවැත්විණි.
බි‍්‍රතාන්‍යයේ මානව හිමිකම් සුරැකීමේ සංවිධාන කිහිපයක් එක් වී ලන්ඩන් නුවර විරෝධතා රැුලියක් සංවිධානය කළ අතර, ඊට දහසකට වැඩි පිරිසක් සහභාගී වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
සිරියාවට එරෙහිව ඇමෙරිකාවෙන් ප‍්‍රහාරයක් එල්ල වුවහොත් ඊට තුර්කි රජය සහාය නොදැක්විය යුතු යැයි අවධාරණය කරමින්, එරට ඉස්තාම්බුල් නුවර දැවැන්ත විරෝධතා රැලියක් පැවැත් වුණු අතර ඊට ලක්ෂයකට ආසන්න පිරිසක් එක් වූහ.
ජෝර්දානයේ අම්මාන් නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ද විරෝධතා රැලියක් පැවැත්විණි. විරෝධතාවට එක් වූ පිරිස චෝදනා කළේ ඇමෙරිකාව තවත් මැදපෙරදිග අර්බුදයක් නිර්මාණය කිරීමට සූදානම් වන බවටය.
මීට අමතරව ෆ‍්‍රැන්සිස් පාප්තුමන් ද සිරියානු අර්බුදය ගැන විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ සිරියාවට එරෙහිව යුදමය කි‍්‍රයා මාර්ගයක් ගතහොත් එයින් සිදුවන්නේ තව තවත් යුද්ධ සහ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ඇති වීම කියාය.
යහපත් හදවත් ඇත්තෝ යුද්ධය නොව ගැටලූ විසඳා ගැනීමට සාමය තෝරා ගන්නා බව ද පාප්තුමන් මතක් කර දුන්නේය.
සිරියානු වැසියන් වෙනුවෙන් තමා සමඟ එක් වී යාඥා කරන්නැයි ද පාප්තුමන් සියලූම ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් ද කළේය.
|
ඇමෙරිකාවේ පැවැති විරෝධතා රැලියක් |
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ගේ කැමැත්ත අනුව තමා සියල්ල සිදුවන්නේ (නි)
මේ දස දෙනා ෂුවර් එකට මිනි මස් කන මිනිස්සු වෙන්න ඕනේ. ඒකයි මේ අය බෂර් අල ආසඩ් මිනිස්සු මරණ එකට සහය දෙන්නේ. (ස)
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් කියන අදහස ඉතාම නිවැරදි බව අපිත් අදහනවා.....මේ පුංචි අපිට තේරෙන දෙය මහ ලොකු. බලවතුන්යයි කියාගන්නා ඇමරිකාවට නොතේරෙන එකනේ ප්‍රශ්නේ......ලෝකයේ බහුතරයකගේ ප්‍රාර්ථනාව සාමයයි.....ඒත් යුධ බලය ...ධන බලය ..හමුවේ සුළුතරය ජයගෙන......බහුතරය පරාජය වෙන අකාලයක් මේක...... (ස)
බෝම්බ දාන්නෙ සිරියානු හමුදා කඳවුරු වලටයි අල් අශාඩ් ගෙ නිලනිවසෙටයි නම් කමක් නැහැ. ඇමෙරිකාව ඉරාක ඇෆ්ගනිස්ථාන් ලිබියා වගේ රටවල් ආක්‍රමණ කරද්දී බෝම්බ දැම්මේ කොහාටද කියල මුළු ලෝකෙම දන්නවා (දී)
මේ මිනිස්සු කවුද කියලා බැලුවම පෙනෙනවා. ඉතාම කණගාටුයි අල් අශාඩ් කරන දේ ගැන. (ස)
අල් අසාද් විතරද සිරියාවේ මිනී මරන්නේ සාමකාමී විදිහට තිබුන රටකට වෙලාතියන දෙයට වග කියන්න ඕනේ කව්ද (දී)
නිමල්, දෙවියන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා නම් මිනිස්සු මේ වගේ දහදූක් විදින්නේ ඇයි? (නි)
ප්‍රශ්නය ගැන හරි අවොබෝදයක් ඇතිව කතා කරන්න. මොකද පොඩි ළමයින් ඉන්න තැනකට මොන ආගමෙන් ගැහුවත් ඒක මහා වැරද්දක් ඒ ගැන හිතන්න.(නදී) .
මේ සාම ව්‍යාපාරය රුසියානු කුමන්ත්‍රණයක් කියලා එහේ ඇමතිවරු කියන්නේ නැද්ද? (අ)
මිනිස්සු මැරෙන එක දුකක් ඒත් ආගම නිසා තවත් රටකට අංචි අදින සෞදි අරබියාවට රුසියාවෙන් පාඩමක් කියා දේවි නිසැකවම.ඔක්කොම අන්තවදියෝ විනාශ වෙත්වා.. (ස)
මේ ආකරයට නැවත පහර දීමක් ඇති වුණොත් මේක ලෝකෙටම බලපානවා. ඒක අපේ රටටත් බලපානවා. (නි)
පාප්තුමා කියන විදියට අපි ඔක්කොම යාඥා කරමු. එතකොට ලෝකයේ තියෙන ප්‍රශ්න ඔක්කොම නැතුව යයි . මේක ,පැහැදිලිවම යූදෙව් ආගමෙන් කැඩිලා ගිය ආගම් දෙකක් අතර දීර්ගකලයක් තිස්සේ කකැරෙන බද්ද වෛරය (දී).