අන්තවාදී පාලකයන් පලවා හැරීමට නම්, සිරියාවට ප‍්‍රබල විපක්ෂයක් අවශ්‍ය යැයි බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් කියා සිටී.

බි‍්‍රතාන්‍ය අගමැතිවරයා මේ බව කියා සිටියේ, ලෝකයේ බලවත් රටවල සහ අරාබි රටවල නියෝජිතයන් අතර ලන්ඩන් නුවර පැවැති විශේෂ හමුවකට එක් වෙමිනි.

සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමට සටන් වදින කැරැුලිකරුවන්ට සහාය දෙන විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට රටේ බලය අතට ගැනීමට තරම් ශක්තියක් නැති බව ද බි‍්‍රතාන්‍ය විදේශ ලේකම්වරයා අවධාරණය කර තිබේ.