සිරියාවේ සිදුවුණු විස වායු ප‍්‍රහාරය ගැන පරීක්ෂණ පැවැත්වීමේ අරමුණින්, එක්සත් ජාතීන්ගේ පරීක්ෂකයෝ පිරිසක් ඊයේ (26) එරට ඩමැස්කස් අගනුවරට පැමිණියහ.
එම පරීක්ෂකයන් ඩමැස්කස් නුවරට පැමිණියේ විශේෂ ආරක්ෂාවක් යටතේය. ඔවුන්ට සිරියානු රජයේ ද පූර්ණ සහ සහාය හිමිවිය.
පරීක්ෂණ කණ්ඩායමට පැවැරී ඇත්තේ ඉකුත් 21 වැනිදා සිදුවුණු එම විස වායු ප‍්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි සොයා බැලීමය.
සිරියානු රජය පෙරැළීමට සටන් කරන කැරැුලිකරුවන් සහ විපක්ෂ කි‍්‍රයාකාරීන්ට සහාය දක්වන ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය කියා සිටින්නේ විස වායු යොදා ගනිමින් පහර දුන්නේ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයේ හමුදාව කියාය.
එම විස වායු ප‍්‍රහාරයෙන් සිවිල් වැසියෝ 1,700ක් ජීවිතක්ෂයට පත්වූහ. 4,000 ක් රෝගී වූහ. ඒ අතර සිටින බොහෝ දෙනා කුඩා දරුවෝය. ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් කියා සිටියේ එය මහා මානව සංහාරයක් කියාය.
එම අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් කියා සිටියේ හදිසි නිගමනවලට එළැඹීමෙන් වැළැකී සිදුවුණේ කුමක්දැයි පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි කියාය.
මහ ලේකම් බෑන් කී මූන්ගේ උපදෙස් පරිදි, එම පරීක්ෂණ කණ්ඩායම ඊයේ සවස එම නගරවල සංචාරය කිරීමට ද නියමිතව තිබුණි.
පරීක්ෂණ කණ්ඩායම සිරියාවට පැමිණ සිටියේ මීට මාස කිහිපයකට පෙරය. ඒ, මීට පෙර ද විස වායු ප‍්‍රහාරයක් එල්ල වූ බවත් ඊට සිරියානු රජය වගකිව යුතු බවත් විපක්ෂ කණ්ඩායම් කළ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ අරමුණින්ය.
|
පරීක්ෂණ කණ්ඩායම ඩමැස්කස් අගනුවරට පැමිණෙමින් ... |
|
පරික්ෂණ කණ්ඩායමට සම්බන්ධ එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරාකෙට ගැහුවා වගේ සිරියාවටත් ගහන්න දැන් හේතුවක් හැදිලා තියෙනවා. සිරියාවත් ඇවරයිද ? (දී)
එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ ඇමෙරිකාවට. ඉරාකයට කලදේ දැන් ඔප්පු වෙලා තියෙන්නේ.නඩුත් ඇමෙරිකාවේ.බඩුත් ඇමෙරිකාවේ.ඇමෙරිකාව ඉරකයටයි ලිබියවටයි කලදේ ඔය කියන එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමත කලාද? කන්න ඕනේ උනාම කබරයාත් තලගොයා වෙන ආකල්පයක් අමෙරිඅකවට තියෙන්නේ.ඔය මොකා ඇවිත් පරීක්සන කලත් ඇමෙරිකාවට ඕනේ නම් සිරියාවට ගහනවා. (දී)