රසායනික අවියක් ලෙස සැලකෙන ‘සෙරීන්’ විස වායුව යොදා ගනිමින් සිරියානු නගරවලට ප‍්‍රහාර එල්ල වනු ඇතැයි ඉරාන රජය මීට මාස 8 කිහිපයකට පෙර ඇමෙරිකා බුද්ධි අංශවලට දැනුම් දී ඇති බව ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය ඊයේ (3) අනාවරණය කළේය.
ඉකුත් 21 වැනිදා සිදුවුණු සිරියාවේ සිදුවුණේ ද එවැනි සෙරීන් විස වායු ප‍්‍රහාරයකි. එම ප‍්‍රහාරය පසුපස සිටින්නේ කවුරුදැයි මෙතෙක් හෙළි වී නැත. ඇමෙරිකාව සිරියා රජයට එරෙහිව පහරදීමකට සූදානම් වන්නේ එම ප‍්‍රහාරය සිරියානු රජයේ හමුදා විසින් කළ බවට චෝදනා කරමිනි.
ඉරාන ප්‍රෙස් ටීවී පුවත් සේවය පෙන්වා දෙන්නේ, සිරියානු කැරැලිකරුවන්ට සහාය දෙන සුන්නි මුස්ලිම් අල් කයිඩා සටන්කාමීන් අතට එම විස වායු සිලින්ඩර් ලැබී තිබුණු බව තමන් ඇමෙරිකාන් සී.අයි.ඒ. නිලධාරීන්ට අනතුරු ඇඟවූ බවය.
ඉරාන ආරක්ෂක අංශ වැඩිදුරටත් කියා සිටින්නේ සිරියානු රජය පෙරැළීමට සටන් වදින කැරැලිකරුවන්ට සහ ඔවුන්ට සහාය දක්වන ඉස්ලාමීය සටන්කාමීන්ට, සෞදි රජයෙන් එම රසායනික විස වායු තොගය ලැබුණු බවය.
තමන් කළ අනතුරු ඇඟවීම ඇමෙරිකාව විසින් නොසළකා හැරියේ, සිරියාව අස්ථාවර කිරීමේ කුමන්ත‍්‍රණයකට සෞදි අරාබිය සහ ඇමෙරිකාව හවුලේ කටයුතු කරන නිසා යැයි ඉරාන ආරක්ෂක අංශ චෝදනා කරයි.
සෞදි බුද්ධි අංශ ප‍්‍රධානී බන්ඩාර් බින් සුල්තාන් කුමරුන්ගේ අනුදැනුම සහ උපදෙස් මත සිරියානු කැරැලිකරුවන්ට සහාය දැක්වීමට එරටට ගොස් සිටින අල් කයිඩා සටන්කාමීන්ට මෙම විස වායු ලබා දීමට කටයුතු කර ඇති බවත් ප්‍රෙස් ටීවී පුවත් සේවය අනාවරණය කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
107
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිරියාවේ විස වායු ප‍්‍රහාරය: ඉරානය කල්තියා ඇමෙරිකාවට අනතුරු අඟවලා
චින්තක Wednesday, 04 September 2013 03:22 PM
අහෝ අල්ලාහ් (ස)
නිශාර්ඩ් Wednesday, 04 September 2013 03:26 PM
ඇමරිකන් කාරයාගෙ කරේ හොඳට අත දාගෙන හිටපු හොස්නි මුබාරක්ට සිදු වුන දේ තමා කවදා හරි සෞදි අරාබියාවටත් වෙන්නෙ. (ස)
විජේ Wednesday, 04 September 2013 12:12 PM
කවුද දන්නේ සිරියාවට ගහන්න හේතුවක් ඕන නිසා ඇමරිකාවම විස වායු ගැහුවද කියලා. මතකනේ ඉරාකයට ගහපු හැටි රසායනික අවි තියෙනවා කියලා කෝ ඉතින් තිබුණ රසායනික අවි ? (ස)