IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සිරියාවේ ලටාකියා පළාත කැරැලිකරුවන්ගෙන් මුදා ගැනේ

බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ගේ නිජබිම ලෙස සැලකෙන ලටාකියා පළාත කැරැුලිකරුවන්ගෙන් මුදා ගැනීමට සිරියානු රජයේ හමුදාව පෙරේදා (20) සමත් විය.

ලටාකියා පළාත කැරැලිකරුවන්ගෙන් මුදා ගැනීමට රජයේ හමුදාවට හැකිවුණේ මාසයකට ආසන්න කාලයක් තිස්සේ එම පළාතේ පැවැති ගැටුම්වලින් පසුවය. සිරියානු හමුදාව, කැරැලිකරුවන්ට පහර දුන්නේ ප‍්‍රහාරක හෙලිකොප්ටර් සහ ජෙට් යානා යොදා ගනිමිනි.

ලටාකියා පළාත ‘ත‍්‍රස්තවාදීන්ට’ අත්වීමට ඉඩ නොදෙන බව ජනාධිපති අසාද් අවස්ථා ගණනාවකදී පවසා තිබුණි.

සිරියානු කැරැලිකරුවන්ට ලටාකියා පළාත අල්ලා ගැනීමට හැකි වුණේ ඉරාකයේ සිට සිරියාවට පැමිණ සිටින සුන්නි මුස්ලිම් අල් කයිඩා සටන්කාමීන්ගෙන් ලැබෙන සහාය නිසාය.

වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ දිනෙන් දින උත්සන්න වන සිරියානු අර්බුදය දැන් ෂියා සහ සුන්නි මුස්ලිම්වරුන් අතර ගැටුමක් බවට ද නිර්මාණය වී ඇත.

සිරියානු කැරැලිකාර පාර්ශ්වයට ඉරාකයේ අල් කයිඩා මෙන්ම පාකිස්තාන ඉස්ලාමීය සුන්නි මුස්ලිම් සටන්කාමීන්ගේ සහාය හිමිවෙයි. සිරියාවේ බෝම්බ පුපුරුවමින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන්නේ මෙම සටන්කාමීන් යැයි සිරියානු රජය චෝදනා කරයි.

එක්සත් ජාතීන්ගේ වාර්තාවලට අනුව මේ වනවිට සිරියාවේ ගැටුම්වලින් ලක්ෂයක පිරිසක් ජීවිතක්ෂයට පත් වී සිටිති. මිලියන 7.8 කට වැඩි පිරිසක් සරණාගතයන් ලෙස සිරියාවේ අසල්වැසි රටවල සරණාගත කඳවුරුවල ජීවත් වෙති.
 



අදහස් (0)

සිරියාවේ ලටාකියා පළාත කැරැලිකරුවන්ගෙන් මුදා ගැනේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site