සිරියාවේ ඩමැස්කස් අගනුවර පිහිටා ඇති, රුසියානු තානාපති කාර්යාලයට පෙරේදා (23) මෝටාර් ප‍්‍රහාරයක් එල්ල විය.
ප‍්‍රහාරයෙන් තිදෙනෙක් තුවාල ලැබූහ. රුසියානු තානාපති කාර්යාල නිලධාරීන් හෝ ආරක්ෂක නිලධාරීන් හෝ තුවාලකරුවන් අතර නොසිටින බව විදෙස් පුවත් සේවා කියා සිටී. රුසියාව සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයේ, සමීපතම මිතුරාය. සිරියා රජය ඔවුන් සතු රසායනික අවි අන්තර් ජාතික පාලනයකට නතු කිරීමට සූදානම් වෙන්නේ ද රුසියාව මැදිහත් වී ඇමෙරිකාව සමඟ ඇති කරගත් යෝජනාවක ප‍්‍රතිඵලයක් හැටියටය.