IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සිරියාවේ ඩමැස්කස් අගනුවරට මෝටාර් ප‍්‍රහාරයක්:

සිරියාවේ ඩමැස්කස් අගනුවරට ඊයේ (26) උදෑසන එල්ල වූ මෝටාර් ප‍්‍රහාර කිහිපයකින් කුඩා දරුවන් දෙදෙනකු සහ කාන්තාවක ඇතුළු 10 දෙනෙක් තුවාල ලැබූහ.

මෝටාර් ප‍්‍රහාරය එල්ල වූයේ ඩමැස්කස් අගනුවර අබු රුමාන් පළාතේ පිහිටි අල් හසාන් මුස්ලිම් පල්ලියටය. මෝටාර් ප‍්‍රහාරයෙන් පල්ලියට හානි සිදුවිය.
සිරියානු රජය චෝදනා කළේ එම ප‍්‍රහාරය සිදු කළේ බටහිර ආධාර ලබන ඉස්ලාමීය ‘ත‍්‍රස්තවාදීන්’ කියාය.

සිරියානු අර්බුදය දිග් ගැස්සී ඇත්තේ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල අනුග‍්‍රහය ලැබෙන සිරියානු කැරැලිකරුවන්ට සහ විපක්ෂ කණ්ඩායම්වලට සුන්නි මුස්ලිම් ඉස්ලාමීය සටන්කාමීන්ගේ ද සහාය හිමිවන නිසාය.

මේ වනවිට සිරියානු අර්බුදය සුන්නි සහ ෂියා මුස්ලිම් ගැටුමක් බවට ද පරිවර්තනය වී ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති. ඉරාකයේ අල් කයිඩා සටන්කාමීන් මෙන්ම පාකිස්තානයේ සුන්නි මුස්ලිම් සටන්කාමී සංවිධානවල සාමාජිකයෝ ද මේ වනවිටත් සිරියාවට පැමිණ සිරියානු රජයට එරෙහිව සටන් වදිති.

එම සටන්කාමීන් කියා සිිටයේ ඉකුත් 21 වැනිදා සිදුවුණු විස වායු ප‍්‍රහාරයට සිරියානු රජය සම්බන්ධ බවත් සිවිල් වැසියන් අමු අමුවෙන් ඝාතනය කිරීමට එරෙහිව සිරියානු රජයෙන් පළි ගන්නා බවය.
 



අදහස් (0)

සිරියාවේ ඩමැස්කස් අගනුවරට මෝටාර් ප‍්‍රහාරයක්:

වීර Tuesday, 27 August 2013 09:54 AM

ඉන්ෂා අල්ලාහ්?අල්ලාහ්ගේ කැමැත්තට සියල්ල සිදුවේ.එහෙම බලන කොට අල්ලාහ් මනුෂ්‍ය ඝාතන ප්‍රියකරන්නෙක්ද?අල්ලාහ් උදව් කරන්නේ සුන්නි වරුන්ටද ශීය වරුන්ටද? (ස)

:       0       0

වීර Tuesday, 27 August 2013 09:55 AM

අර්ෂා,ඔබ කිව්ව 9/11 ප්‍රහාරයෙන් පසු අල්ලාහ්ගේ බලය මේකද? (ස)

:       0       0

මොහොමඩ් Tuesday, 27 August 2013 03:31 PM

සුන්නි සහ ෂියා ජාතිකයින් විසින් මුස්ලිම්වරුන් මරා දැමීම උතුම් අල්ලාහ්ගේ කැමැත්තයි...!!! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site