IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සිරියාවේ ගැටුම්වලින් මියගිය ගණන 93,000 ක්

2011 වසරේ මාර්තු මාසයේ ආරම්භ වූ සිරියානු සිවිල් යුද්ධයෙන් මියගිය ගණන 93,000 තෙක් ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ බව කියා සිටියේ සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ඔවුන්ගේ නවතම වාර්තාව එළිදක්වමිනි. අවුරුදු 10 ට අඩු  ළමයින් 1,729 දෙනකු මියගිය පිරිස අතර සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නාවි පිල්ලේ පවසා ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය බිය පළ කරන්නේ සිරියානු අර්බුදය මුල්කොට ගනිමින් තෙවැනි ලෝක මහා සංග‍්‍රාමය නිර්මාණය වනු ඇතැයි කියාය. සිරියා අර්බුදය හේතුවෙන් ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සිටී.
මේ අතර සිරියා රජයේ හමුදාව, හිස්බුල්ලා සටන්කාමීන්ගේ ද සහාය ඇතිව පෙරේදා (13) කැරලිකරුවන්ගේ ග‍්‍රහණයේ පවතින ඇලෙප්පෝ නගරයේ ගුවන්තොටුපොළට ප‍්‍රබල ප‍්‍රහාරයක් එල්ල කළේය.

 



අදහස් (0)

සිරියාවේ ගැටුම්වලින් මියගිය ගණන 93,000 ක්

උදය Saturday, 15 June 2013 05:27 PM

අපරාදේ ජිවිත

:       0       0

චරිත් සේරසිංහ ස්විස් Sunday, 16 June 2013 10:38 AM

මෙම මරණ වලට වගකිව යුත්තේ බටහිර රටවල් . මොකද සිරියානු රජය බටහිර ගැත්තෙක් නොවන නිසාත් . ඊශ්‍රායල විරෝදී නිසාත් . සිරියන් රජයට විරුද්ධව කැරලි කරුවන්ට යුද ආයුද සහ සියලුම අවශ්‍යතා සපයන නිසා . ඉරාකයට ලිබියාවට සහ අරාබි වසන්තය කියා අස්ථාවර කරපු රටවල් ගොඩට සිරියාවත් ඇතුල් කිරීම . බටහිර ලෝකයේ අරමුණයි.(නදී)

:       0       0

නන්දන Monday, 17 June 2013 08:23 AM

ඒකාධිපතියන්ට යුද සපයන්නේ රුසියාව. ඔවුනුත් වගකියන්න ඕනෑ. මිනිසුන්ට ඒකාධිපතිය එපා නම් කැරලි ගහන්ට,උද්ගෝෂණ කිරීමට ඇති අවකාශය අයිතියක්.ඒක මර්දනය කරන්ට ඒකාධිපතියන්ට බැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 266 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site