2011 වසරේ මාර්තු මාසයේ ආරම්භ වූ සිරියානු සිවිල් යුද්ධයෙන් මියගිය ගණන 93,000 තෙක් ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ බව කියා සිටියේ සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ඔවුන්ගේ නවතම වාර්තාව එළිදක්වමිනි. අවුරුදු 10 ට අඩු ළමයින් 1,729 දෙනකු මියගිය පිරිස අතර සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නාවි පිල්ලේ පවසා ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානය බිය පළ කරන්නේ සිරියානු අර්බුදය මුල්කොට ගනිමින් තෙවැනි ලෝක මහා සංග‍්‍රාමය නිර්මාණය වනු ඇතැයි කියාය. සිරියා අර්බුදය හේතුවෙන් ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සිටී.
මේ අතර සිරියා රජයේ හමුදාව, හිස්බුල්ලා සටන්කාමීන්ගේ ද සහාය ඇතිව පෙරේදා (13) කැරලිකරුවන්ගේ ග‍්‍රහණයේ පවතින ඇලෙප්පෝ නගරයේ ගුවන්තොටුපොළට ප‍්‍රබල ප‍්‍රහාරයක් එල්ල කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ ජිවිත
මෙම මරණ වලට වගකිව යුත්තේ බටහිර රටවල් . මොකද සිරියානු රජය බටහිර ගැත්තෙක් නොවන නිසාත් . ඊශ්‍රායල විරෝදී නිසාත් . සිරියන් රජයට විරුද්ධව කැරලි කරුවන්ට යුද ආයුද සහ සියලුම අවශ්‍යතා සපයන නිසා . ඉරාකයට ලිබියාවට සහ අරාබි වසන්තය කියා අස්ථාවර කරපු රටවල් ගොඩට සිරියාවත් ඇතුල් කිරීම . බටහිර ලෝකයේ අරමුණයි.(නදී)
ඒකාධිපතියන්ට යුද සපයන්නේ රුසියාව. ඔවුනුත් වගකියන්න ඕනෑ. මිනිසුන්ට ඒකාධිපතිය එපා නම් කැරලි ගහන්ට,උද්ගෝෂණ කිරීමට ඇති අවකාශය අයිතියක්.ඒක මර්දනය කරන්ට ඒකාධිපතියන්ට බැහැ. (නි)