රුසියාව කළ යෝජනාවට කැමැත්ත පළ කරමින්, තම රසායනික අවි අන්තර් ජාතික පාලනයට යටත් කිරීමට සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය එකඟ වුවත්, ඇමෙරිකාව සිරියාවට හමුදා ප‍්‍රහාරයක් එල්ල නොකිරීමට තීරණය කළත්, සිරියාවේ පවතින ගැටුම්වල කිිසිදු අඩුවක් දකින්න නැතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.

වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදයේදී, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රෙජීමය සමඟ සටන් කරන වඩාත් ප‍්‍රබල කැරැුලිකාර කණ්ඩායම ‘ජබාත් අල් නුස්රා පෙරමුණ’ ය.

මොවුන් අත් වැල් බැඳ ගෙන සිටින්නේ ඉරාක අල් කයිඩාව සමඟය. පසුගිය වසරේ ඇමෙරිකාව ‘නුස්රා පෙරමුණ’, ත‍්‍රස්ත සංවිධානයක් ලෙස නම් කළේය. සිරියානු කැරැලිකාර කණ්ඩායම් එක් රොක් වී සිටින්නේ නුස්රා පෙරමුණ වටාය.

නුස්රා පෙරමුණ ත‍්‍රස්ත සංවිධානයක් යැයි නම් කරමින්, එය හුදෙකලා කිරීමට ඇමෙරිකාව ගත් උත්සහය පලක් නොවූ බව දැන් පෙනී ගොස් ඇතැයි ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි අංශය පෙන්වා දෙයි.

සිරියානු සිවිල් අරගලයට, ඉරානය සහ ලෙබනනය සම්බන්ධ වී සිටී. ඉරානය ඔවුන්ගේ විප්ලවීය හමුදා බළ ඇණියක් සිරියානු රජයේ සහායට සිරියාවට යවා තිබේ. සිරියා රජයට සහාය දක්වන සටන්කාමීන්ට ආයුධ දෙන්නේත් පුහුණුව දෙන්නේත් මේ බළ ඇණිය යැයි වාර්තා වේ.