IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සිරියානු ජනපති ගමන් කළ රථ පෙළට කැරැලිකරුවන්ගෙන් රොකට් ප‍්‍රහාරයක්

බලයෙන් ඉවත්වීම ප‍්‍රතික්ෂේප කරන සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් ගමන් කළ රථ පෙළට  කැරැලිකරුවෝ පෙරේදා (07) රොකට් ප‍්‍රහාරයක් එල්ල කළහ.
ප‍්‍රහාරයෙන් ජනපතිට හෝ ඔහුගේ ආරක්ෂක පිරිවරට හෝ අනතුරක් සිදු නොවිණි. ප‍්‍රහාරය එල්ල වෙද්දී ජනපති අසාද්, ඊද් අල් ෆිතර් උත්සවයට යමින් සිටියේය.
ඉස්ලාම් භක්තිකයන්ගේ ආගමික වතාවත් සහ ශුද්ධ මාසයේ අවසානය සනිටුහන් වන්නේ ඊද් අල් ෆිතර් උත්සවයෙනි.

ඊද් අල් ෆිතර් උත්සවයට එක් වෙමින් ජනතාව ඇමැතූ අසාද් වැඩි දුරටත් කියා සිටියේ විදෙස් බලවේගවලට නතු වෙමින් රට අස්ථාවර කිරීමට කුමන්ත‍්‍රණය කරන ‘ත‍්‍රස්තවාදීන්ට’ කිසිදු අනුකම්පාවක් නොදක්වන බවය.

ජනපතිවරයාගේ රථ පෙළට රොකට් ප‍්‍රහාරය එල්ල කළේ ‘ලීවා අල් ඉස්ලාම්’ බළඇණිය නමින් හැඳින්වෙන කැරැලිකාර කණ්ඩායමය. ප‍්‍රහාරය එල්ල කළ අවස්ථාවේදී ඔවුන් කියා සිටියේ ප‍්‍රහාරයෙන් ජනපතිවරයාට තුවාල සිදුවුණු බවය.

‘ලීවා අල් ඉස්ලාම්’ බළඇණියට ඉරාකයේ සිට පැමිණි සුන්නි මුස්ලිම් අල්කයිඩා සටන්කාමීන්ගේ ද සහාය හිමිවෙන බව ද පැවැසෙයි. වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ දිග් ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදය මේ වනවිට නව මුහුණුවරක් ගෙන ඇත. ඒ, සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන්ගේ සටනක් ලෙසටය.

 

ආසාද් (වමේ), ඊද් අල් ෆිතර් උත්සවයට එක් වෙමින්

 



අදහස් (0)

සිරියානු ජනපති ගමන් කළ රථ පෙළට කැරැලිකරුවන්ගෙන් රොකට් ප‍්‍රහාරයක්

වීර Friday, 09 August 2013 01:25 PM

මේගොල්ලෝ ආගමික මාසය ඉවර වෙච්ච ගමන්ම වැඩ පටන් අරගෙන .මෙන්න නියම මුස්ලිම්වරු. (අ)

:       0       0

ජයා Friday, 09 August 2013 01:36 PM

අයියෝ! (නි)

:       0       0

සුදත් Friday, 09 August 2013 11:09 PM

එහෙත් ප්‍රශ්න? (නි)

:       0       0

නිශාන් Saturday, 10 August 2013 06:56 PM

ප්‍රභාත් ඔබ හරි රට වෙනුවෙන් සැලසුම් නැහැ අල්ලගන්න දගලුවට නොදන්නා සුරංගනාවියෝ පස්සේ ගිහිල්ල ලිබියා ,ඉරාකය ,දැන් ලේ විලක් වෙලා අපි කියන්නේ නැහැ අසාද් 100% හොදය කියල නමුත් රට පාලනය වෙනස් කරන්න ඕනේ මෙහෙම නෙමේ . මොවුන් ත්‍රස්තවාදීන් වහ පහරදී විනාස කලයුතු (අ)

:       0       0

නිෂාන් Saturday, 10 August 2013 06:56 PM

ප්‍රභාත් ඔබ හරි මුන්ට රට වෙනුවෙන් සැලසුම් නැහැ අල්ලගන්න දගලුවට නොදන්නා සුරංගනාවියෝ පස්සේ ගිහිල්ල ලිබියා ,ඉරාකය ,දැන් ලේ විලක් වෙලා අපි කියන්නේ නැහැ අසාද් 100% හොදය කියල නමුත් රට පාලනය වෙනස් කරන්න ඕනේ මෙහෙම නෙමේ . මොවුන් ත්‍රස්තවාදීන් වහ පහරදී විනාස කලයුතුයි (අ)

:       0       0

ප්‍රභාත් ලියනගේ Saturday, 10 August 2013 03:43 AM

මගේ අදහස නම් අසාද් ජනාධිපතිවරයා තව දුරටත් බලයේ සිටිය යුතුයි. මේක මහා කරුම යුද්දයක්. නිදහස් සිරියානු හමුදාව කියන්නේ එරට විනාශ කරන්න අපු මෝඩ කාලකන්නි ටිකක්. සමුල ඝාතනය කරලා හරි මුන්ගෙන් රට බෙර ගන්න ඕනා. අපි දැක්ක ඉරාකය ලිබියා වගේ කෙලින් පාලනයක් තිබුණු රටවල් වලට දැන් සිද්ද වෙලා තියෙන විනාශයක තරම. පාලකයා විනාශ කල අන්තිමට රට කෑලිවලට කැඩිලා මරාගන්නවා. මෙහෙම හරි අල්ලාගෙන ඉන්නවට අසාද් ජනාධිපතිට ස්තුති කරන්න ඕන. එමෙන්ම රුසියාවට චීනයට විශේෂයෙන් ස්තුති කරන්න ඕන සිරියාවට කරන උදව්වට. මගේ එකම ප්‍රාර්ථනය කාලකන්නි කැරලිකරුවන් නසා වනසා රට එක්සත් කරන්න අසාද් ජනාධිපතිවරයාට ශක්තිය ලැබේවා.(නදී)

:       0       0

සරත් ආතාවුද Friday, 09 August 2013 12:15 PM

ජන සංහාරය කරන උන්ට නිසි දඩුවම් හිමිවියයුතුයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 88 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site