IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සිරියා හමුදා ප‍්‍රහාරයෙන් කැරැලිකරුවෝ 49 ක් මිය ගිහින්

සිරියාවේ ඩැමැස්කස් අගනුවරට නුදුරින් පිහිටි අඞ්රා පළාතේ ඊයේ (22) හටගත් දරුණු ගැටුම්වලින් කැරැුලිකරුවන් 49 දෙනකු මියගිය බව සිරියානු රජයේ හමුදාව කියා සිටී.
මෙම කැරැලිකරුවන්ට විදේශවලින් පැමිණි ඉස්ලාමීය සටන්කාමීන්ගේ ද සහාය හිමිවී තිබුණු නමුත් ඔවුන් වටකොට පහර දී මරා දැමීමට තමන්ට හැකිවූ බව සිරියානු රජයේ හමුදාව කියයි.
මෙම කැරැලිකරුවන් ඩැමැස්කස් නුවරට පැමිණ හමුදා කඳවුරකට පහර දී එහි තිබුණු අවි ආයුධ රැගෙන පලා යමින් සිටිද්දී, සිරියානු රජයේ හමුදාවට කොටු වී ඇත.
වසර දෙකකට ආසන්න කාලයක් දිග් ගැස්සෙමින් පවතින සිරියානු අර්බුදය මේවනවිට නව මුහුණුවරක් ගෙන තිබේ. ඒ, සුන්නි සහ ෂියා මුස්ලිම්වරුන්ගේ සටනක් ලෙසය.
සිරියා ජනපති බෂීර් අල් අසාද්ගේ ෂියා මුස්ලිම් රජය සමඟ සටන් වදින්නේ සුන්නි මුස්ලිම් කැරැලිකරුවන්ය.
පාකිස්තානයේ ෂියා මුස්ලිම්වරුන්ට එරෙහිව ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන එරට සුන්නි මුස්ලිම් සටන්කාමීන් ද සිරියානු කැරැුලිකරුවන්ට සහාය දීමට කැමැත්ත පළ කර සිටී.
ඒ අනුව තම සටන්කාමීන් කණ්ඩායම් කිහිපයක් සිරියාවට ගිය බව පාකිස්තානයේ ‘ලෂ්කාර් ඊ ජාන්ග්වී’ ඉස්ලාමීය සටන්කාමී සංවිධානය වෙනුවෙන් එහි නායක සුලෙයිමාන් ඉකුත් 15 වැනිදා පවසා තිබුණි.
අඞ්රා පළාතේ ඊයේ සිදුවුණු අවි ගැටුම්වලින් පාකිස්තාන ඉස්ලාමීය සටන්කාමීන් මියගිය බව මෙතෙක් වාර්තා වී නැත.
සිරියානු අර්බුදය හේතුවෙන් ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සිටී. බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට සහාය දක්වන ලෝක බලවතුන් දෙදෙනා චීනය සහ රුසියාවය.
ලිබියාවට කලාක් මෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිරියාවට එරෙහිව ද යෝජනාවලීන් සම්මත කර ගැනීමට සැරසෙද්දී, නිෂේධ බලය පාවිච්චි කර ඒවා පරාජය කළේ රුසියාව සහ චීනයයි.
ෂියා මුස්ලිම් බහුතරය වෙසෙන ඉරානයත්, සිරියාවේ අසල්වැසියකු වන ලෙබනනයේ කි‍්‍රයාත්මක හිස්බුල්ලා සටන්කාමී සංවිධානයත් සිරියානු රජයට සහාය පළ කරයි.
හිස්බුල්ලා සටන්කාමීන් සිරියානු අර්බුදයට මැදිහත් වීම සිරියානු කැරැලිකාර පාර්ශ්වයට සහාය පළ කරන ඇමෙරිකාව, ප‍්‍රංශය, බි‍්‍රතාන්‍යය ඇතුළු බටහිර රටවල සහ ඊශ‍්‍රායලයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.
හිස්බුල්ලා සංවිධානයෙන් සහාය ලැබීමත් සමඟ ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශ ඒජන්තවරුන් සිරියානු කැරැලිකරුවන්ට අවි පුහුණුව දෙමින් ඔවුන් ශක්තිමත් කිරීම ආරම්භ කර තිබේ.
සිරියානු කැරැලිකරුවන්ට අවි පුහුණුව ලබා දීම සිදුවන්නේ ජෝර්දානයේ හමුදා කඳවුරකය. ජෝර්දානය ද සිරියාවේ අසල්වැසියෙකි. ජෝර්දාන රජය සිරියානු රජයට සහාය නොදක්වන අතර ඔවුන් සහාය දක්වන්නේ සිරියානු කැරැලිකාර පාර්ශ්වයටය. සිරියානු රජයේ හමුදාවේ ප‍්‍රහාරක ජෙට් යානා, හෙලිකොප්ටර් යානා සහ යුද ටැංකිවලට පහර දීමට කැරැලිකරුවන්ට පුහුණුව ලබා දීම සිදුකෙරේ.
සිරියා කැරැලිකරුවන්ට නායකත්වය දෙන්නේ ‘අල් නූස්රා පෙරමුණ’ නමැති ඉස්ලාමීය සංවිධානයයි. ‘අල් නූස්රා පෙරමුණ’ නමැති සටන්කාමී සංවිධානය යනු අල් කයිඩාවට හිතවත් සුන්නි මුස්ලිම්  සංවිධානයකි.
ඇමෙරිකාව මෙම සංවිධානය ද ත‍්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇත. එසේ තිබියදී ද ඇමෙරිකා බුද්ධි අංශ කැරැුලිකරුවන්ට අවි ආයුධ පුහුණුව ලබා දීම හරහා ඇමෙරිකාවේ දෙබිඩි පිළිවෙත යළිත් වරක් ලොවට පසක් කර දෙයි.



අදහස් (0)

සිරියා හමුදා ප‍්‍රහාරයෙන් කැරැලිකරුවෝ 49 ක් මිය ගිහින්

මහි Wednesday, 24 July 2013 03:02 AM

ඇමෙරිකාවට අවශ්‍ය මේ දෙගොල්ලම විනාශ කිරීමට යැයි මට සිතේ (නි)

:       0       0

හිරා Wednesday, 24 July 2013 08:13 AM

මොකද්ද මේ මුස්ලිම් ජාති දෙකේ වෙනස? මුස්ලිම් කෙනෙක්ට විස්තර කරලා දෙන්න පුලුවන්ද? (නි)

:       0       0

වීර Wednesday, 24 July 2013 08:35 AM

හිරා,මම මුස්ලිම් නම් නෙමෙයි.එහෙත් මම හොදට කුරණයයි ඉස්ලාමයයි ගැන මුස්ලිම් අයටත් වඩා හොද අවබෝදයක් තියෙන කෙනෙක්.මම හොදට කුරානය පරිශීලනය කරලා තියෙනවා.සුන්නි කියන්නේ කුරානය වගේම මොහොමඩ්තුමාගේ ගුණ ඇතුලත් හදීත් කියන ග්‍රන්ථය පිළිපදින අය.ෂියා කියන්නේ කුරානය පිළිගත් හදීතය පිළිනොගන්නා අය. (නි)

:       0       0

ලාල් Tuesday, 23 July 2013 10:15 PM

මරා ගන්න එපා මිනිසුනේ (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 23 July 2013 10:43 AM

ඇමෙරිකාව දෙන ආයුද අන්තිමේදී ඇමෙරිකාව පැත්තටම හැරෙනවා..ඉතිහාසේ පුරා සිදු උනේ ඒකයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 927 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site