සිරියාවේ පවතින ගැටුම් හේතුවෙන් මේ දක්වා 93000ක් ඝාතනය  වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.

සිරියා යුද්ධයකට මැදිහත් වන බව ඇමෙරිකාව අනතුරු අඟවයි.

කැරලිකරුවන්ට එරෙහිව සිරියා රජය රසායණික අවි යොදා ගනිතියි ඇමෙරිකාව කියයි.

පසුගිය ජනවාරි මාසයේ කළ ගණනයට වඩා මෙය 30, 000කින් ඉහළ අගයක් ගන්නා බවත් සිරියාවේ මසකට අවම වශයෙන් 5000ක් ඝාතනය වන බවත් එජා සංවිධානය කියයි.

මියගිය අයගෙන් සියයට 80ක්ම පිරිමින් වන නමුත් අවුරුදු 10ට අඩු දරුවන් 1700ක් ඝාතනය වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විමතිය පළ කරයි.