සිරියානු තුර්කි දේශසීමා පිවිසුම් මාර්ගයේ ඊයේ (18) උදෑසන අධි බලැති කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් හත් දෙනකු ජීවිතක්ෂයට පත් වූ අතර, 10 දෙනෙක් තුවාල ලැබූහ.
කාර් බෝම්බය පුපුරා යෑමත් සමඟ, ඒ අවට තිබුණු මෝටර් රථ කිහිපයක් ද පිපිරී ගිනි ගෙන ඇත. ගින්න නිවා දැමීමට පැයක් පමණ වෙහෙසීමට දේශසීමා පිවිසුම් මාර්ගයේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් කටයුතු කර ඇත.
බෝම්බ පිපිරීම සිදුවුණේ බබ් අල් හාවා පිවිසුම් මාර්ගයේ සිරියාවට අයත් ප‍්‍රදේශයේදීය. එම පිවිසුම් මාර්ගයට මුර කපොළු සහ මාර්ග බාධක යොදා ඇති බව ද වාර්තාවේ.  
තුවාලකරුවන් සියල්ලන්ම තුර්කියේ රෝහලක් වෙත ගෙන ගිය බව ද වාර්තා වේ. ඔවුන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි ද තුර්කි විදේශ කටයුතු අමත්‍යාංශය කියා සිටී.