බලයෙන් ඉවත්වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනපති බෂීර් අල් අසාද් ඊයේ (11) සිය 48 වැනි උපන් දිනය සැමැරුවේය.
ජනපති අසාද් සිය උපන් දිනය සැමැරුවේ, ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් ඔහුගේ රෙජීමයට එරෙහිව ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙද්දීය.
අසාද්, බි‍්‍රතාන්‍යයේ අධ්‍යානය ලැබූ අක්ෂිවේදියෙකි. ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඔහු බලයට ආවේ 2000 දී සිය පියා හෆීස්ගේ මරණින් පසුවය.