තමන්ට යුද ටැංකි සහ ප‍්‍රහාරක ජෙට් යානා ලබා දෙන්නැයි සිරියාවේ රජය පෙරළීමට සටන් කරන ‘නිදහස් සිරියානු හමුදාව’ ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලින් ඉල්ලා සිටී.
සිරියා විපක්ෂ කි‍්‍රයාකාරීන් සහ කැරැලිකරුවන් විසින් පිහිටුවා ගත් එම නිදහස් සිරියානු හමුදාවේ කැරැලිකරුවන් ඇමෙරිකා සහ බටහිර රටවල නියෝජිතයන් හමුවී ඊයේ (17) මේ බව කියා සිටියේ තුර්කියේ අන්කාරා නුවරදීය.
සිරියා රජයේ හමුදා ප‍්‍රහාර හමුවේ තමන් දැඩි පසුබෑමකට ලක් වී සිටින බවත් ප‍්‍රතිප‍්‍රහාර සඳහා යුද ටැංකි සහ ප‍්‍රහාරක යානා තමන්ට අවශ්‍ය බවත් කැරැුලිකරුවෝ කියා සිටියහ.
සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජයට කැරැලිකරුවන්ට දිගින් දිගටම පහර දීමට හැකි වි ඇත්තේ, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට අයත් සටන්කාමීන්ගේ ද සහාය ලැබෙන නිසාය. මේ වනවිට ඉරානය ද සිරියා රජයට සහාය දක්වමින් හමුදා සෙබළුන් 400 ක් සිරියාවට යැවීමට සූදානම් යැයි වාර්තා වේ.
මේ අතර ඇමෙරිකාව උත්සහ ගන්නේ සිරියාවට ඉහළ අහස ගුවන් තහනම් කලාපයක් කර, ලිබියාවට කලාක් මෙන් සිරියා රජයේ හමුදා ඉලක්ක කර ගනිමින් ගුවන් ප‍්‍රහාරයක් කිරීමටය.
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානනයට අයත් සටන්කාමීන් දිගින් දිගටම සිරියානු ජනපති බෂීර් අල් අසාද්ට සහාය පළ කිරීමට විරෝධය පළ කරමින් සිරියාව සමඟ රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා අත්හිටුවීමට ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සි තීරණය කර ඇත.
සිරියාවේ ඩමැස්කස් නුවර පිහිටි ඊජිප්තු තානාපති කාර්යාලය වසා දමන බවත් තානාපති නිලධාරියා ඇතුළු කාර්ය මණ්ඩලය යළි ගෙන්වා ගන්නා බවත් මොර්සි පවසා ඇත.
|
සිරියානු කැරැලිකරුවෝ |
COMMENTS
ඇමරිකාව දැනටම පරක්කු වැඩියි.මේ මිනිස්සුන්ට උදවු කරන එක ලෝක ප්‍රජාතන්ත්‍රවාදේ ගරු කරන ඒකාදිපතිවාදේ ප්‍රතික්ෂේප කරන අප සැමගේ යුතුකමකි. (නි)
සිරියාවට ජය වේවා. (ත)
ඇමෙරිකාව මේ යුද්ධ තත්වය ආරක්ෂා කරලා දිගටම කැරලිකාරයන්ට යුධායුධ විකුනනවා. ඇමෙරිකාවට ආර්ථික ප්‍රශ්න වලින් ගොඩ එන්න මෙයට වැඩිය අවස්ථාවක් මේ දවස්වල නැහැ (නි)