
සර්කස් පෙන්වීම නවතා නව කොරෝනා වයිරස සහන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් පක්ෂයේ නැන්සි පෙලොසි කැපිටල් හිල් හිදි ප්‍රකාශ කළාය.
ඇය ඒ බව ප්‍රකාශ කළේ රිපබ්ලිකින් පක්ෂයට වන අතර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිගන්නැයි ද රිපබ්ලිකන් පක්ෂ නියෝජිතයන්ට කීවාය.
ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවේ සුළුතරයේ නායක චක් ෂූමර් සමඟ මාධ්‍ය හමුවක් පවත්වමින් නැන්සි පෙලෙසි ඊයේ (12) එම කරුණු සඳහන් කළාය. ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක ධුරය හොබවන්නේ ද නැන්සි පෙලොසි ය.
“රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරණය පරාජය පිළිගන්නේ නැහැ. ජනාධිපතිවරණ ප්‍රතිඵලයේ යථාර්ථය තේරුම් ගන්නේ නැහැ. ඒ වෙනුවිට ඔවුන් සර්කස් පෙන්වමින් විහිළු සපයමින් ඉන්නවා” යැයි නැන්සි පෙලොසි චෝදනා කළාය.
“සර්කස් පෙන්වීම නවත්තලා ඇමෙරිකාවේ ජනතාවට අත්‍යවශ්‍ය දේවල් වෙනුවෙන් වැඩ කරන්න” යැයි ද ඇය අවධාරණය කළාය.
නව කොරෝනා වයිරස වසංගතයෙන් පීඩාවට පත් ඇමෙරිකානු ජනතාවට සහන සැලසීම සඳහා තවත් සහන කෙටුම්පතක් සම්මත කරගත යුතු බව ද පෙලොසි කීවාය.
එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ චක් ෂූමර් මෙසේ කීය.
“ජනාධිපතිවරණය අවසන්. ජනාධිපති ට්‍රම්ප් පරාජයට පත්වුණා. යථාර්ථය ප්‍රතික්ෂේප නොකරන්නැයි සෙනට් සභාවේ රිපබ්ලිකන්වරුන්ගෙන් මා ඉල්ලා සිටිනවා. දැන් කොරෝනා වයිරසය ගැන අවධානය යොමු කරන්න”.
රිපබ්ලිකන් පක්ෂයේ සාමාජිකයන් පරාජය පිළිනොගනිමින් ජනාධිපති ට්‍රම්ප් ආරක්ෂා කරන්නේ වෙන කිසිවක් නිසා නොව ඔහුට තිබෙන බිය නිසා යැයි ද ෂූමර් තවදුරටත් කීවේය.
- 055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙත් මෙහෙ වගේමයි ලොක්කට බයයි හැමෝම...
සර්කස් පෙන්වන්නේ කවුද කියලා ඉදිරියේදී බලාගන්න. බලතණ්හාවෙන් ට්‍රම්ප් පත්වුණු පළමු දිනේ ඉඳන්ම කකුලෙන් ඇද්ද පක්ෂය ලංකාවේ පොහොට්ටුව වගේම තමයි. බලයට එන්න කලු සුදු භේද හදලා ජාති භේද කරලා වාසි ගන්න හපන්නු...