දිනපතා සිගරට් බීම හා විස්කි වීදුරුවක් බීමෙන් දීර්ගායුෂ ලබා ගත් මහළු කතක් එංගලන්තයේ සිටියි. ඇය 100 හැවිරිදි ඩොරොති හොවේ නම් විශ‍්‍රාමික ලේඛිකාවකි.
ඩොරොති, ඇයට අවුරුදු 16 සිට දිනකට සිගරට් 15 ක් බීමට ඇබ්බැහි වී සිටියි.
ඒ අනුව ගණන් බලන විට ඇය අවුරුදු 84 ක් පුරා සිගරට් 460000 ක් පමණ පානය කර ඇත. සිගරට් මිල වැඩි වීමත් සමග මෙම පුරුද්ද අත්හරින බව ඇය සිතුවත් දැන් ඇයට එයින් කිසිසේත් මිඳිය නොහැක.
ඇය අවුරුදු 100 ක් ජීවත් වීමේ රහස මෙලෙස දුම් පානය කිරීම හා මත්පැන් පානය කිරීම බව ඇය විශ්වාස කරයි. එසේම මෙම පුරුද්දෙන් මිදුණොත් ඇය එක දිනයක්වත් ජීවත් නොවන බව වෛද්‍යවරු පවසයි.
මීට වසර 26 කට පෙර පිළිකාවක් නිසා ඇගේ සැමියා මිය ගොස් ඇත. එතැන් පටන් තනිව ජීවත් වන ඇය තම දෛනික කාර්යයන් සියල්ලක්ම තනිවම ඉටු කර ගනී. කොපමණ වයසට ගියත් තමා යහපත් මානසික තත්ත්වයකින් පසුවන බවත් වැලමිටි, දණහිස් පවා හොඳින් කි‍්‍රයා කරන බවත් ඇය පැවසීය.
මෑතකදී සැමරූ ඇගේ 100 වන උපන්දිනය වෙනුවෙන් දෙවන එළිසබෙත් රැජින උපන් දින සුබ පැතුම් පතක් එවමින් සුබ පැතුම් එක් කර තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා බීපු සිගට් වල ආනිසංස ලැබිල තියෙන්නේ මහත්තයට වගේ ....... (ස)
මගේ යහළුවෙකුත් පිළිකාවක් හැදිලා මැරුණා. හේතුව වුණේ සිගරැට් (නි)
අන්න ආච්චිලා. ජය වේවා! (නි)
අනේ අපි කාවද විස්වාස කරන්නේ. එතකොට වෛද්‍ය විද්‍යාව බොරුද? (ස)
ආච්චි ලංකාවට නං ගොඩ බහින්න එපා. මංගල යෝජනා කට්ටිය ගේන්නත් බැරි නැහැ. එකක් මෙයින් අපට තේරුම් යනවා. සෑම දෙයක්ම තීරණය කරන බලවේගයක් තියෙනවා කියන එක. නමුත් දුම්වැටි සහ මත් පැන් ශරීරයට අහිතකර බව ඇත්ත. නමුත් මේ කතාවෙන් අපට පැහැදිලි වන සත්‍යක් නම් සෑම පුද්ගලයෙකුටම නිශ්ශිත ආයු කාලයක් තියන බව. එය පැමිණි කල එය නං අතපසු කරන්නට කාටවත් බැරි බවත් මෙම සිද්දියෙන් අප තේරුම් ගන්නට උත්සහ කල යුතුය. (නදී)
එංගලන්තේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැ(දී)
අපේ ආච්චිලත් පටන් ගනිවිද බොන්න විස්කියි සිගරටුයි. හැබැයි මෙහෙ ඔහොම බිව්වොත් සල්ලි ඉවරවෙලා නට්ටන් වෙලා තමයි මැරෙන්නේ. (ස)
අපේ රටේ කියන්නෙ නම් මරණය තත්පරෙන් තත්පරෙය ලංවෙන බවකි.කොක පිලිගන්නද මන්දා? (ස)
මගේ අදහස කතුරට අහුවෙලා (ස).
මේක අපේ රටේ මද්‍යසාර ව්‍යාපාරිකයන්ට හොඳ වෙළඳ දැන්වීමක් වෙයි. ආච්චිටත් ලොකු ගානක් කපාගන්න වෙලාව. (ස)
මෙයාව අපේ ලංකාවේ කවුරුත් කරුණාකරලා ආදර්ශයට නම් ගන්න එපා. (නි)
සිගරට් මත් වතුර නිෂ්පාදකයන්ගේ දැන්වීමක් (දිල්)
සැමියා මැරෙන්න ඇත්තේ මෙයාගේ දුම විස වෙලා වෙන්න ඕන. (දිල්)
113 වයස නම් , මොකටද රැජින එවපු 100 කාර්ඩ් එක අල්ලාගෙන ඉන්නේ? සුබ උපන් දිනයක් (නි)
සිගරැට් වලින් ආයුෂ කෙටි වෙනවා මිසක් වැඩිවීමක් විය නොහැක (නි)
ආච්චි තාම හරිම සිරියවන්තයි. ආයු බෝ වේවා !! (ස)
මේ ආච්චිට පිස්සුද? දැන් අපේ මහත්තුරුත් මේක කියල බොන්න පටන් ගනීද දන්නේ නැහැ? (දී)
අයියෝ සල්ලි.................. (දී)
සිගරට් එකක් ,විස්කි වීදුරුවක් බොන්නේ නැතුව අවරුදු 100ක් 200ක් නෙමෙයි එක සතියක් ඉදලා වැඩක් තියනවද? (නි)
සීය පැනපු ආච්චිලා සීයලා ලක්ෂයකින් මෙයා එක්කෙනෙක් පමණි. අනිත් 99,999 කියන්නේ අනිත් පැත්ත. මෙයා කියනදේ අහලා නිකන් මැරෙන්න එපා. (නි)
රතු වයින් වීදුරුවක් නම් කෑම මේසයේදී හරිම ගුණයි. පිරිමින්ට විදුරු දෙකක් පුළුවන්. (නි)
මේකේ හැටියට පරමායුෂ සදහා දුම් පානය සහ මත්පැන් පානය අත්‍යවශ්‍යයි. (දී)
එතකොට අපේ රටේ අර වයසක අම්ම කෙනෙක් අවුරුදු 116ක් ජීවත් වෙන්නේ ඕවා නැතිවම, අඩුම තරමේ රා ටිකක්වත් නැතිව.අනික දැන් මේ ආච්චි අම්මට ඔය දෙකම නැතිව එක දවසක්වත් ඉන්න බෑ කියන එකේ තේරුම තමා එයාට එක දරාගන්න බෑ. කොච්චර ඇබ්බැහි වීමක්ද නේද? (දී)
විශ්වාස කරන්න අපහසු දෙයක් අනුගමනයෙන් ව්ළකින්න (නි)
සමහරවිට මෙය ඇත්ත වෙන්න පුලුවන්. (ස)
මැයගේ වයස අවරුදු 113 යි ..කියල තමා ..අපිට බී බී සී ,,තුලින් දැනගන්න ලැබුනේ ..? මැය තමයි දැනට ජීවතුන් අතරේ සිටින 19 වන සිය වැසේ උපන් මිනිසුන්ගෙන් ඉතිරිව ඇති එකම ..මිනිසා ....?ඇය 114 වන වියට ලැබුවගයි ..දීර්ගායු වේවා ..!!(දී)
සිගරට් කම්පැනි එකෙන් ආච්චිට කීයක් දුන්නද දන්නේ නෑ. මෙහෙම කියන්න කියලා . (ස)
බොහොම වටිනා පුවතක් (දී)
කුමාරසිරි හරි. මේවා එයා විසින්ම කියපු ඒවා නෙවෙයි සිගරට් අරක්කු නිපදවන ආයතනවල වැඩක්. අහුවෙන්න එපා. (අ)
ඇයි මේ වගේ පුවත් කොහෙන් හරි සොයලා අපේ මිනිස්සු අතරට දෙන්නෙ, ලංකාදීප බොහෝ දෙනෙක් කියවනවා. මගේ මතය නම් පුවතින් වැරදි ආදර්ශයක් දෙනවා කියලයි..( පුලුවන් තරම් මිනිස්සු මෙ ගොන් වැඩ දෙකින් අත්මිදෙන්න ඕනේ. සිගරට්,අරක්කු බීම ).(නදී)
බැලූ බැල්මට නං මටත් පෙන්නේ අල්ලසක් දීල වගේ සිගරට් විකුණන කම්පනියක්. සමාජයට හොඳ ආදර්ශයක් දෙනවා වෙනුවට මෙවැනි ආදර්ශයන්ට නං රැවටෙන්නට එපා. වැරදිලාවත් කියන විදියට වසර දාසයේදී දුම්බීම සහ මත්පැන් බීම පටන් ගෙන තිබුනොත් ආච්චිගේ වකුගඩු දැන් සොයා ගත හැකිවේදෝ කියන සැකය මට තිබෙනවා. මෙවැනි ආදර්ශ ඒ තරම් හොද නෑ(දිල්)
එංගලන්තයේ ජනගහනයට අනුව ගත්තම එය ඉතා දුර්ලභ සිදුවීමක් නිසයි රැජින පවා සුභ පතලා තියෙන්නේ. නමුත් යන්න පිළිකා රෝහලට වර්ෂයකට දුම්කොළ ආශ්‍රිත පිළිකා වලින් මියයන සංඛ්‍යාව විසි දහසක් පමණ බව සදහන් වෙනවා. ඒ අපේ රටේ ජන ගහනයෙන් කොපමණ ප්‍රතිශතයක්ද බලන්න.(නදී)
මේක නම් හිතා ගන්න බෑ. අපේ අච්චිලත් දැන් සිගරට් ,විස්කි බොන්න පටන් ගනීද දන්නේ නැ.මද්‍යසාර විකුණන මහත්තුරුන්ට හොද ආරංචියක් වෙයි .මෙහෙම බිවොත් මිනිස්සු කවදාවත් මැරෙන එකක් නැ මන් හිතන්නේ (දිල්).
වස විස නැති ආහාර කෑමට ගන්න (දී)
මම නම් කියන්නේ මේ ආච්චිගේ ජීවිකාව ගෙනයන්න උදව් වෙන්නේ කරන්නේ මත්වතුර සහ දුම්වැටි ආයතනයකින් කියල (දිල්)
මේක මම අපේ නෝනට පෙන්නුවා . සිගරට් කොහොම වුනත් විස්කි ටිකක් දැන් ගහන්ඩ පුළුවන් .ඕවා ඔය කියන තරම් නරක නැහැ .වයින් හොඳටම හොඳයි .ආච්චිට දිගාසිරි. (ස)
එක්තරා රුපවාහිනී කණ්ඩායමක් පැමිණිය..... වසර 100 ඉක්ම වු වැඩිහිටියකු සමග සකච්ඡා කොරන්න .තරමක් අපහසුවෙන් පිටතට පැමිණි කතානායකයා .කිසිදිනක මත්පැන් දුම්පානය නොකළ බවත් මස්මාලු වලින් වැලකි සිටීමත් තම දීර්ඝායුෂ ලැබීමේ රහස එළි කොළේය . එවිටම දඩයන් කරගත් ගෝනකු කරතියාගත් හැඩි දැඩියකු ගෝනා මිදුලෙහි දම ගෙට ගොඩවිය .නොබෝ වෙලවකින් වලන් පිගන් බිදෙන හඩත් සමග ගෝරනාඩුවක් ඇසුනෙන් තම අයියා හොදටම බිගෙන ඇවිත් අම්ම සමග රන්ඩු කොරන බව අප රුපවාහිනී කණ්ඩායමට අසන්නට ලැබුණි.....(දිල්)
මමත් ආයෙත් බොන්න පටන් ගන්න වා , ,,,,,,,,,, ගාණ මතක් වෙනකොට නිකම්ම මැරිලා යයි,,,,,,අයියෝ සල්ලි (ස)
ආච්චි හැඩකාරි , අපේ ගෙදරට සීදේවි ,,,,,,,,,රජ කලේ කල කතා කියන්නේ , ආච්චි හිනා වෙලා ,,,,, (ස)
100 පහුකර අය අපේ ගම් වල ඕනෑතරම් ඉන්නවා. මගේ සීයා, අත්තම්මා, හා ඔවුන්ගේ සහෝදරයින් හැමෝම නිරෝගිව වයස්ගත වුණා. ඒ හොදට ගමේ දේවල් කාලා,මහන්සිවෙලා වැඩකළ නිසා කිසිම බරපතල ලෙඩක් නැහැ. මගේ තාත්තා 55, ලොකු තාත්තා 58 මිය ගියා. එයට හේතුව බීමත්කම. (නි)
සිගරට් කම්පැණියෙන් සල්ලි අරන්ද කොහෙද මෙය,(දිල්)
මේ එංගලන්තේ.ලංකාවේ මිනිස්සුන්ට ඔරොත්තු දෙන්නේ නැහැ.බොන්න නම් එපා. ඔය දාහකට එක්කෙනක්. සමහර අය ගලේ ගැහුවත් මරන්න බැහැ කියලා කියනවනේ (නි)
ඔබ තුමාට සුබ උපන් දිනයක්. (නදී)
ගෙන ආයුෂ අවසන් වෙන දවසට අපි යනවා.බීම ආයුෂ කොටකරනවා.නියම මිදියුෂ වීදුරුවකින් කාලක් විතර ගැනීම වරදක් නැහැ එය වෛද්‍ය මතයයි. (නි)
අනේ මන්දා වෙලාවකට නිකන් පිස්සු වගේ.(නදී)
ආච්චිගෙ රටේ සිගරැට් සහ අපේ රටේ සිගරැට් යනු දෙකක්. මම සිගරැට් නවත්තලා මාස 5 යි. අවුරුදු 17 ක් බිව්වා. නවත්තන්න බැහැ කියන්නේ බොරුවක්. (නි)
මේවා වැරදි ආදර්ශ නේ. (ස)
දැන් සිගරට් ,අරක්කු කාරයින්ට එල්ලෙන්න වැල් නැති වෙනකොට, සීය පැනපු මහල්ලන්ගේ කරෙත් එල්ලනවා.(නදී)
මෙම තැනැත්තිය වසර 100 ක් ජීවත් වීමට එකම හේතුව මෙයමද කියලා පැහැදිලිවම කියන්න බැහැනේ. සමහරවිට ඔය දෙකම නොකළත් ඔය ආච්චි ජීවත් වෙන්න තිබුනා. ඒ වගේම 100 ක් ජීවත් වෙන්න කියලා ඔය දෙකම වැඩියෙන් කළොත් හිමි ආයුෂ කාලයටත් වඩා අඩුවෙන් මැරෙන්නත් පුළුවන් (නි)
අවරුදු සීයක් ජීඅත් වෙන්න නම් තව සැහෙන මුදලක් හොයා ගන්න වෙයි (දී)
ඔබ ඔය දෙකම නොකර සිටියා නම් තව කොතරම් කල් ජීවත් වේවිද.(නදී)