සෝමාලි ජනාධිපති හසන් ෂෙයික් ගමන් කළ රථ පෙළ ඊයේ (3) සවස අල් ෂෙබාබ් ඉස්ලාමීය සටන්කාමීන්ගේ ප‍්‍රහාරයකට ලක් විය.
ප‍්‍රහාරයෙන් ජනපතිවරයාට අනතුරක් සිදු නොවුණු බව සෝමාලි ආරක්ෂක අංශ නිවේදනය කළේය. රථ පෙළ ප‍්‍රහාරයට ලක් වූයේ එරට මර්කා වරාය ආශි‍්‍රතවය. සටන්කාමීන් සැඟවී සිට ඊට පහර දී ඇත්තේ ආර්.පී.ජී. යොදා ගනිමිනි.
රථ පෙළ සමඟ එහි ආරක්ෂාවට ගමන් කළ සෝමාලි ආරක්ෂක නිලධාරීන්, සටන්කාමීන්ට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කර ඇති අතර දෙපිරිස අතර පැය කිහිපයක් තිස්සේ දරුණු අවි ගැටුමක් ද පැවැතුණු බව වාර්තා විය. සටන්කාමීන් කියා සිටියේ තම ප‍්‍රහාරයෙන් ජනපති හසන් ෂෙයික් බරපතළ තුවාල ලැබූ බවය.
අල් ෂෙබාබ් යනු උතුරු අපි‍්‍රකාවේ කි‍්‍රයාත්මක අල් කයිඩා සටන්කාමීන් සමඟ සබඳතා පවත්වන ඉස්ලාමීය සටන්කාමී සංවිධානයයි. සෝමාලියාවේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන්නෝ ඔවුහුය.
අල් ෂෙබාබ් සංවිධානය වෙනුවෙන් එහි ප‍්‍රකාශක අබ්දුල් ආසිස් අබු මෙසාබ් අන්තර් ජාලය ඔස්සේ සෝමාලි මාධ්‍යවලට විශේෂ ප‍්‍රකාශයක් ලබා දෙමින් පවසා තිබුණේ, ජනතාව ගැන තැකීමක් නොකරන ජනතා ඡුන්දයෙන් පත් නොවුණු හසන් ෂෙයික්ට තමන් පහර දුන් බවය.
සෝමාලියාව ආර්ථික සහ දේශපාලනික වශයෙන් අර්බුද රැසකට මුහුණ දී සිටින අපි‍්‍රකානු රටකි. අල් ෂෙබාබ් සටන්කාමීන්ගෙන් එල්ල වන තර්ජන හේතුවෙන් රට තවත් අස්ථාවර වී ඇත.
අල් ෂෙබාබ් සටන්කාමීන් රට අභ්‍යන්තරයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරද්දී, සෝමාලි මුහුදු කොල්ලකරුවෝ සෝමාලියාව සහ ඒ අවට මුහුදේ භීෂණය පතුරුවති. සෝමාලි මූදු කොල්ලකරුවන්ට ද ෂෙබාබ් සටන්කාමීන්ගේ සහාය හිමිවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සෝමාලියා කොල්ල කරුවන්ගෙන් හරි කරදර හිසරදය.බැරිද මෙයාලට ගුවනෙන් ගිහින් ගේම් දෙන්න. (ස)
මේ ඔක්කොම අර එයාලගේ පොතකට අනුව ලෝකේ හදන්න හදන අයගෙනේ (නි)
නසීර් මම ඒක සලකා බලන්නම්. (ස)