සම්බාධක පනවා තර්ජනය නොකර, පවතින අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න කටයුතු කරන්නැයි ඉරානයේ නව ජනපති හසන් රොහානී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලට පැවැසීය.
‘‘ඉරානය සමඟ පවතින අර්බුදය විසඳා ගන්න ඕනෑ නම් ඒකට සම්බාධක යොදා හරි යන්නේ නැහැ. තර්ජන කිරීමෙන් පලක් නැහැ සාකච්ඡා මාර්ගයෙන් අර්බුදය විසඳා ගන්න ඕනෑ. අන්‍යෝන්‍ය විශ්වාසයක් සහ ගෞරවයක් තියෙන්න ඕනෑ” යැයි රොහානී අවධාරණය කර සිටී.
රොහානී මේ බව කියා සිටියේ ඉකුත් 3 වැනිදා නව ජනපති ලෙස දිවුරුම් දීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදීය. නව ජනපති ලෙස රොහානී ධුරයේ දිවුරුම් දෙද්දී පවා ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් බව කියමින් ඇමෙරිකාව ඉරානයට එරෙහිව නව සම්බාධක පැනවීය.
න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී ඉරානය පරමානු බෝම්බ නිපදවන බවට ඇමෙරිකාව චෝදනා කරයි. ඇමෙරිකා රජය ඉරානයට එරෙහිව වෙළෙඳ සහ ආර්ථික සම්බාධක පනවා ඇත්තේ එහෙයිනි.
ඇමෙරිකාවෙත් සෙසු බටහිර රටවලත් අරමුණ වී ඇත්තේ ඉරානය ලොවෙන් හුදෙකලා කිරීමය. වෙළෙඳ සහ ආර්ථික සම්බාධක හේතුවෙන් ඉරානය සමඟ තෙල් ගනුදෙනු කිරීම පවා සෙසු රටවලට තහනම් කිරීමට ද ඇමෙරිකාව කටයුතු කර තිබේ.
ඉකුත් ජූනි 14 වැනිදා පැවැති ජනපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමිකර ගත් මධ්‍යස්ථමතධාරියකු ද වන රොහානීගේ දිවුරුම් දීම සිදුවූයේ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කොමේනී ඉදිරියේය. එම අවස්ථාවට ධුරයෙන් ඉවත් වී යන ජනපති මොහොමඞ් අහමදිනෙජාද් ද පැමිණ සිටි අතර ඔහු නව ජනපතිවරයාට සුබ පැතුම් එක් කළේය.
ඉරානයේ ජනපති ධුරය හිමිවන්නේ උත්තරීතර නායක කොමේනීගේ සහ ඔහුගේ නායකත්වයෙන් යුත් උත්තරීතර පාලක මණ්ඩලයේ අනුමැතිය හිමි වන අපේක්ෂකයක්ටය. රොහානී, උත්තරීතර නායක කොමේනිගේ හිතවතෙක් මෙන්ම ආගමික නායකයෙක් ද වෙයි.
රොහානී බටහිර රටවල් සමඟ හොඳ හිත ඇති කර ගනීවි යැයි කාගේත් අදහස වී ඇත. ඔහු ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් නියෝජිතවරයකු ලෙස බටහිර රටවල් සමඟ කටයුතු කර ඇති අයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාව නිසා අපිත් ගැලවිලා ඉන්නවා . (නි)
න්‍යෂ්ටික වැඩ නවත්තලා ඉන්න
න්‍යෂ්ටික වැඩ නවත්තලා ඉන්න
කුමෙනි ඉන්නකම් ඉරානයට කරුමෙන් ගැලවෙන්න බැහැ
ඇමරිකාව තමා ලෝකෙටම කරුමේ අනුවණයෝ වගේ කතා නොකර ඉතිහාසය බැලුවොත් හොදා. පරමාණු බෝම්බ වලින් පහරදීපු මිනිස්සු කියල. තමරට යුද්ධය මය අතින් ශක්තිමත් කිරීම හැමරටකටම අවශ්‍ය දෙයක්. ඇමරිකාව ප්‍රමුක බටහිර ගැත්තන් නොවීමට අපි කරමු
ඇමරිකාව තමා ලෝකෙටම කරුමේ අනුවණයෝ වගේ කතා නොකර ඉතිහාසය බැලුවොත් හොදා. පරමාණු බෝම්බ වලින් පහරදීපු මිනිස්සු කියල. තමරට යුද්ධය මය අතින් ශක්තිමත් කිරීම හැමරටකටම අවශ්‍ය දෙයක්. ඇමරිකාව ප්‍රමුක බටහිර ගැත්තන් නොවීමට අපි කරමු
කොච්චර මොන වැඩ කළත් ඇමෙරිකාව නොහිටින්න අපේ ලංකාවත් මෙලහකට අරගොල්ලෝ අල්ලලා. (නි)
. මේ යන විදියට එයාට ස්වාභාවික මරණයක් අත්වීමේ ඉඩ අඩුයි. (අ)
මොනම රටක වත් පුජ්‍ය පක්ෂය දේශපාලන කටයුතු වලට සම්බන්ධ නොවිය යුතුයි. (නි)
ප්‍රජාතන්තවාදය ගැන ලෝක පොලිස් කාර ජොබ් එක කරන ඇමෙරිකාව ලංකාවේ පොලිස් ක්‍රමනේ මෙතනදි අනුගමනය කරන්නේ. හරිනම් ඇමෙරිකාවයි කියන්න ඕන සාකච්චා මාර්ගය ගැන. .........නොවැ දැන් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය පෙන්වල දෙන්නේ. මොක වුනත් ලෝක බලවතා ඉදිරියේ නගුට සඟවා ගන්නේ නැති රටවල් තියෙන එක ලොකු සැනසීමක්. (දී)