ජීවිතයේ කඩඉම් දිනය වන මංගල දිනය සීතලේ වෙව්ලමින්,දණ හිස තෙක් වතුරේ ගිලී ගෙන,සැමන් මසුන් පිරිවරාගෙන සැමරූ යුවළක් ගැන ඇලස්කාවෙන් වාර්තා වේ.
මනාලිය වන කේඩ් හා මනාලයා වන ඩෙික් දෙදෙනාම වෘත්තියෙන් මසුන් මරන්නන්ට මාර්ගෝපදේශනය සපයන්නන් වේ. ජලය හා මසුන් සමග බැදුනු තම ජීවිතය නිසාම තම මංගල දිනය මෙසේ සැමරීමට සැළැසුම් කළ බව ඔවුන් දෙපළ කියයි.
කේඩි හා ඩේක් මංගල පොරොන්දු හුවමාරු කරගත්තේද දණක් දියෙහි ගිලී සිටගෙනය.ඔවුන්සේම දියට බැස සිටි දෙපාර්ශවයේ නෑහිතමිතුරන් මංගල උත්සවයේ තේමාව සංකේතවත් කිරීමට බිලී පිති ඔසවාගෙන සිටියහ.
විවාපත් වූ අලූතම නව යුවළ කළේ මසුන් ඇල්ලීමට යාමයි.වැඩිවේලාවක් යාමට මත්තේන් ඔවුහු දෙදෙනම විශාල ප‍්‍රමාණයේ සැමන් මාලූවකු බැගින් අල්ලා ගැනීමටත් සමත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව්කාරයෝ.(නදී)
සුභ දිනයේ.... පව් කෙළියේ....(නදී)
මාලු නොකන්නේ අපතයෝ.(නදී)
කොහොමද පව්කාරයෝ වන්නේ ? මේකේ මුදල් වියදම් නැහැ.(නදී)
ඔව්නේ මාළුවා අල්ලලා ලෑල්ලේ තියල විකුණනකොට සල්ලි දීල ගෙනල්ල රසට උයලා මේසෙට ඇරියම රසකර කනකොට පව් නැහෙනේ. මෙහෙමත් මෝඩ හරක්.(නදී)
කැනඩා දිසා, එහෙම කළාම ප්‍රාණඝාත අකුසලයක් වෙන්නේ නැහැ බුදු දහමට අනුව නම්... වෙන සුළු අකුසල් නම් වෙන්න පුළුවන් රසකර කනකොට... අනුන්ට මෝඩයි කියන්න කලින් ඕවා ටිකක් හොයලා බලන්න (නි)
කියල වැඩක් නැහැ නදී. (ස)
වීර, එහෙනම් අපේ රටවකර දවසකට කෝටි ගණන් මාළු අල්ලන එකත් නවත්තන්න, අනේ මේ බොරු එපා. (ස)
පිස්සුවෙ හොඳ විහිලු වේද? (ස)
මුන් දෙන්නට මගුල් මාළුවන්ට අවමගුල්.(නදී)
හෝම් කමින් කොහේ ගනීද දන්නෙ නැහැනේ?(නදී)
මනාල යුවලගේ චායා රුපය ලස්සනයි. සැමන් මාළු ප්‍රචාරක දැන්වීමකටත්,සැමන් ටින් එකේ ආවරණ කවරයකටත් , යොමු කළා නම් අලුත් ජෝඩුව ගොඩම තමා....(දී)
දුකක් නොදැනෙන හැටි හිතාගන්න බැහැ මට නම් (දී)
වීර ඔයා කන්නේ මොනවාද ? (දී)
දැන් කසාද බැන්දට මනමාලය ඩබ්.පී.ජී.පී. වගෙයි නේ.(නදී)
අනේ වීර ඔයා එයාලට පව්කාරයෝ කියනවා ඒ උනාට සැමන් ටින් වල ගාන වැඩි උනාම ආණ්ඩුවට බනිනවා හරියට කුකුල්මස් නැතුව දානෙට නොයන කට්ටිය සත්ව ඝාතනය ගැන පෙළපාලි යනවා වගේ. (නදී)
මේ වගේ ව්‍යාපාර වලින් ලෝකේ ලක්ෂ ගානක් මිනිස්සු ජීවත් වෙනවා..අපි මොනවා කිවත් මේ මිනිසුනට දෙන්න වෙන රස්සාවල් තියෙයි දඅපේ අය ලග උපදෙස් නම් ඕන තරම්..(අ)
අර්ෂා,මම කන්නේ 100%කම නිර්මාංශ ආහාර පමණයි.ඒ කිව්වේ එළවලු.නැත්නම් අහයි කුකුල් මස්,බිත්තර කනවා නේද? කියල.මට ඔය නුඹලා වැනි පෙරේතයෝ වගේ අනුන්ගේ මළකුණු වලට කෙල හලන්න ඕනේ නැහැ. බන්ඩෝ මල කුණු බුදින්නා අයෙකි. (දී)
වාසනා වන්තයෝ. (නදී)
දරුවෝ වෙනුවට මාළුවෝ ලැබේවිද ?(නදී)