IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සීබ්‍රා ඉරි සිංහයා අමාරුවේ දමයි

සීබ‍්‍රාවන්ගේ සිරුරේ පිහිටන ඉරි රටා දෘෂ්‍ය මායාවක් සේ කි‍්‍රයාකිරීමේ සමත් බව නවතම පර්යේෂණයකින් හෙළිව ඇත.

බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් හා ක්වීන්ස්ලන්ඞ් විශ්වවිද්‍යාලයන්ගේ පර්යේෂකයන් පිරිසක් මෙම පර්යේෂණය සිදුකර ඇති අතර ඔවුන් පවසන්නේ මෙම ඉරි රටා වලින් මවන දෘෂ්‍ය මායාවන්ට රැවටීම නිසා සිංහයන් දිවියන් වැනි දඩයම්කරුවන් අන්දමන්ද වන බවයි.

විශේෂයෙන් සීබ‍්‍රාවන් රංචු වශයෙන් සිටින විට මෙම තත්ත්වය හොදින්ම හදුනාගත හැකි බව ඔවුන් පවසයි.

සීබ‍්‍රාවන්ගේ දෙපස හා පසුපස ඉරි පිහිටා ඇති රටාවන්ට අනුව ඒවා ඉහළට චලනය වන්නාක් මෙන් පෙනේ.නමුත් සැබැවින්ම එසේ චලනයක් සිදුනොවන අතර එය දෘෂ්‍ය මායාවක් බව පර්යේෂකයන් කියයි.

මෙම මායාවට රැවටීම නිසා මාංශ භක්ෂක දඩයම්කරුවන්ට සිීබ‍්‍රාවෙකුට එක්වරම පහර එල්ල කිරීමට අපහසු බව පර්යේෂණයෙන් සොයාගෙන ඇත.

මෙම මායාවට හසුවන්නේ දඩයම්කරුවන්ම පමණක් නොවන බවත් සොයාගැනීමට හැකිවී තිබේ.මැස්සන් හා මදුරුවන් වැනි කෘමින් හටද එයින් ගැලවී ගත නොහැකි යැයි පර්යේෂකයන් කියයි.සීබ‍්‍රාවාගේ සම කොතෙකුත් ඉහළට ගමන් කරන්නාක් මෙන් පෙනෙන බැවින් මෙම කෘමින් සම මත නොවසා කැරකෙමින් සිටින බව පෙනී ගියේයැයි ඔවුන් පවසයි.



අදහස් (0)

සීබ්‍රා ඉරි සිංහයා අමාරුවේ දමයි

ගගන Monday, 30 December 2013 01:16 PM

එතකොට දෙවියෝ මැවවේ කවුද ? (නදී)

:       0       0

මංගරී Monday, 30 December 2013 02:11 PM

ඇත්තටම දෙවියන්වහන්සේ මේ ලෝකේ මැව්වේ මොනවටද ?(දිල්)

:       0       0

බංඩාර - කුවේට් Tuesday, 31 December 2013 09:45 AM

ලොව ත්‍රස්ත නායකයන් කාගේ මැවිල්ලක්ද ? (නදී)

:       0       0

ප්‍රදීප් Tuesday, 31 December 2013 12:13 PM

ගගන ඔබ බුද්ධිමත් නමුත් ඔබේ බුද්දියට එහා ගිය මේ ලෝකේ සියලු දැනුමට එහා ගිය මහා බලය දෙවියන්. උන්වහන්සේගේ ආරම්බය සොයන්න කලින් මේ ලෝකේ සුනාමි,ගංවතුර,ගිනිකදු,බූමිකම්පා මේ වගේ ඒවා නවත්වන්න පුලුවන්ද හිතන්න. මේ අබියෝග නොවිසද මේවා මවා පාලනය කරන දෙවියන් ගැන සෙවීම ඔබට අයිති නැත.(නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 29 December 2013 09:14 PM

තම ආරක්ෂාවට ස්වභාව ධර්මයා විසින් දුන් දායාදයක්. (නදී)

:       0       0

තුසිත Monday, 30 December 2013 06:53 PM

දෙවියන් වහන්සේ සීබ්‍රා ට ඉරි දීල මුවන්ට තිත් දුන්න එක අසාදාරන දෙයක් නේද ? (නදී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 30 December 2013 09:09 AM

මොන පිස්සුද? සිංහයා බොහොම සීරු මාරුවට කුරුමානම අල්ලලා මෙයාලව බිම දාගන්නවා. එතකොට ඔය මායා මොනවත් නැහැ. (ස)

:       0       0

ගමගේ Monday, 30 December 2013 10:47 AM

දෙව් සමිඳුන්ගේ විචිත්‍රවත් මැවිල්ලකි. ස්වභාව දර්මයා කියා ගොඩක් අය හඳුන්වන්නේ දෙවිදුන්වය. මොකද ලස්සන අහස යානයක් පෙන්වා මෙය ස්වභාව දර්මයා දායාද කළා කිව්වොත් කට්ටිය අපිට හිනා වේවි. (නදී)

:       0       0

අනුරුද්ධ දිසානායක Monday, 30 December 2013 11:01 AM

දෙවියන් වහන්සේගේ අපුරු දායාදයක්.(නදී)

:       0       0

ඉන්දික Tuesday, 31 December 2013 03:28 AM

මැවීම් නවීන විද්‍යාවෙන් ප්‍රතික්ෂේප වී ඇත.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site