IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


සාප්පු සංකීර්ණයක් ඉදිකිරීමට එරෙහිව තුර්කිය පුරා විරෝධතා

තුර්කියේ ඉස්තාම්බුල් නුවර උද්‍යානයක සාප්පු සංකීර්ණයක් ඉදිකිරීමට එරට රජය තීරණය කිරීමත් සමඟ, ඊට විරෝධය පළ කරමින්, ඉස්තාම්බුල් නුවර ඇතුළු එරට නගර 90 ක විරෝධතා රැලි පැවැත්විණි.
විරෝධතාකරුවන් සහ කැරැලි මර්දන පොලිස් නිලධාරීන් අතර ගැටුම් හටගත් අවස්ථාවේදී 350 කට ආසන්න පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වූහ.
විරෝධතාකරුවන් පලවා හැරීමට කඳුළු ගෑස් සහ බැටන් ප‍්‍රහාරද එල්ල කිරීමට පොලිසියට සිදුවිය. එම අවස්ථාවේදී විරෝධතාකරුවන් රජයේ ගොඩනැගිලිවලට පහර දී අලාභහානි සිදු කළ බව ද වාර්තා වේ.
තුර්කි අගමැති එඞ්රෙගොන් කියා සිටියේ කොතරම් බාධා එල්ල වුවත් ඉස්තාම්බුල් නගරයේ නවීකරණ කටයුතු නවත්වන්නේ නැති බවය. කෙසේ නමුත් විරෝධතා මර්දනය කිරීමට පොලිසිය යෙදවීම ගැන තමා සතුටු නොවන බව ද හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.
විරෝධතාකරුවන් එක හඬින් කියා සිටින්නේ අගමැති එඞ්රෙගොන් වහාම ධුරය අතහැර ගෙදර යා යුතුයි කියාය.
මේ අතර විරෝධතාකරුවන් පිරිසක් අගමැති කාර්යාලය ඉදිරියට ගොස් ඊට ප‍්‍රහාරයක් එල්ල කිරීමට ද උත්සහ කළ නමුත් පොලිසිය මැදිහත්වීමෙන් එය වැළැකිණි.
කලක් තුර්කියේ මිතුරකුව සිටි සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් චෝදනා කරන්නේ තුර්කි අගමැති තම ජනතාව පීඩාවට පත් කරන බවටය.
 

විරෝධතාකරුවෝ

 

කැරැලි මර්දන පොලිසිය

 



අදහස් (0)

සාප්පු සංකීර්ණයක් ඉදිකිරීමට එරෙහිව තුර්කිය පුරා විරෝධතා

කෙනත් Monday, 03 June 2013 09:52 PM

නගර උද්‍යානයක සාපපු ඉදිකරන්නේ මොකටද? උද්ගෝෂණය සාදාරනයි, නමුත් ගිහින් තිබෙන දුර හොද නැහැ. සමහර දේශපාලකයන් තීරණ ගන්නේ රටේ ජනතාව ගැන හිතලා නොවෙයි, තමන්ගේ සාක්කුවත්, තම හිතවත් ව්‍යාපාරිකයන්ගේ සාක්කුවත් ගැන හිතලයි. (නි)

:       0       0

ජනක Monday, 03 June 2013 09:55 AM

තුර්කියත් පත්තුවෙන්නද යන්නේ? ඉතුරුවෙලා තියෙන්නේ මැදපෙරදිග ගල්ෆ් රටවල් ටිකයි මැලේසියාව ඉන්දුනීසියාව වගේ පැසිෆික් මුස්ලිම් රටවල් ටිකකුයි විතරයි.... (නි)

:       0       0

ගිමාල් Monday, 03 June 2013 11:28 AM

ණය බරින් මිරිකී සිටි තුර්කිය ගොඩ අරන් දියුණු කරනවාට එරෙහි කට්ටියකුත් ඉන්නවා වගේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1700 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site