තුර්කියේ ඉස්තාම්බුල් නුවර උද්‍යානයක සාප්පු සංකීර්ණයක් ඉදිකිරීමට එරට රජය තීරණය කිරීමත් සමඟ, ඊට විරෝධය පළ කරමින්, ඉස්තාම්බුල් නුවර ඇතුළු එරට නගර 90 ක විරෝධතා රැලි පැවැත්විණි.
විරෝධතාකරුවන් සහ කැරැලි මර්දන පොලිස් නිලධාරීන් අතර ගැටුම් හටගත් අවස්ථාවේදී 350 කට ආසන්න පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වූහ.
විරෝධතාකරුවන් පලවා හැරීමට කඳුළු ගෑස් සහ බැටන් ප‍්‍රහාරද එල්ල කිරීමට පොලිසියට සිදුවිය. එම අවස්ථාවේදී විරෝධතාකරුවන් රජයේ ගොඩනැගිලිවලට පහර දී අලාභහානි සිදු කළ බව ද වාර්තා වේ.
තුර්කි අගමැති එඞ්රෙගොන් කියා සිටියේ කොතරම් බාධා එල්ල වුවත් ඉස්තාම්බුල් නගරයේ නවීකරණ කටයුතු නවත්වන්නේ නැති බවය. කෙසේ නමුත් විරෝධතා මර්දනය කිරීමට පොලිසිය යෙදවීම ගැන තමා සතුටු නොවන බව ද හෙතෙම වැඩි දුරටත් කියා සිටියේය.
විරෝධතාකරුවන් එක හඬින් කියා සිටින්නේ අගමැති එඞ්රෙගොන් වහාම ධුරය අතහැර ගෙදර යා යුතුයි කියාය.
මේ අතර විරෝධතාකරුවන් පිරිසක් අගමැති කාර්යාලය ඉදිරියට ගොස් ඊට ප‍්‍රහාරයක් එල්ල කිරීමට ද උත්සහ කළ නමුත් පොලිසිය මැදිහත්වීමෙන් එය වැළැකිණි.
කලක් තුර්කියේ මිතුරකුව සිටි සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් චෝදනා කරන්නේ තුර්කි අගමැති තම ජනතාව පීඩාවට පත් කරන බවටය.
|
විරෝධතාකරුවෝ |
|
කැරැලි මර්දන පොලිසිය |

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නගර උද්‍යානයක සාපපු ඉදිකරන්නේ මොකටද? උද්ගෝෂණය සාදාරනයි, නමුත් ගිහින් තිබෙන දුර හොද නැහැ. සමහර දේශපාලකයන් තීරණ ගන්නේ රටේ ජනතාව ගැන හිතලා නොවෙයි, තමන්ගේ සාක්කුවත්, තම හිතවත් ව්‍යාපාරිකයන්ගේ සාක්කුවත් ගැන හිතලයි. (නි)
තුර්කියත් පත්තුවෙන්නද යන්නේ? ඉතුරුවෙලා තියෙන්නේ මැදපෙරදිග ගල්ෆ් රටවල් ටිකයි මැලේසියාව ඉන්දුනීසියාව වගේ පැසිෆික් මුස්ලිම් රටවල් ටිකකුයි විතරයි.... (නි)
ණය බරින් මිරිකී සිටි තුර්කිය ගොඩ අරන් දියුණු කරනවාට එරෙහි කට්ටියකුත් ඉන්නවා වගේ (නි)