
ලතින් ඇමෙරිකා රටවල ක්‍රියාත්මක වන සන්නද්ධ අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කණ්ඩායම්, ගෝලීය ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරමින්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තැබුවේය.
මෙම අපරාධ කල්ලි ඇමෙරිකාවාටත්, ඇමෙරිකන් පුරවැසියන්ටත්, මුළු ලෝකයටත් තර්ජනයක් බව පෙන්වා දෙමින්, එම කල්ලි අඩපණ කර දැමීම කළ යුත් බව අවධාරණය කරමින්, ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මෙම නියෝගයට අත්සන් කළ බව පැවැසෙයි.
ලතින් ඇමෙරිකා රටවල ක්‍රියාත්මක වන සන්නද්ධ අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කණ්ඩායම් ගෝලීය ත්‍රස්තවාදීන් ලෙස මෙසේ නම් කිරීමත් සමඟ එම කල්ලිවලට සහ කණ්ඩායම්වලට මුදල් ලැබෙන සියලු මාර්ග අවහිර වෙයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්වල නියැළෙන කණ්ඩායම්වලට ඔවුන්ගේ කටයුතු කරගෙන යෑම ගැටලුවක් වෙයි. ඇතැම් ලතින් ඇමෙරිකානු රටවල සන්නද්ධ අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන්නේ ඒ ඒ රටවල රාජ්‍ය අනුග්‍රහය යටතේ වීම ද රහසක් නොවන බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ජනපති... ගත යුතු දේ ගන්න අපේ රටටත් ගැලපෙනවා