සෞදි අරාබියේ රාමසාන් මාසයේ  විවිධ ප්‍රදේශ හා නගරවල සිගමනේ යෙදෙන යාචකයින් 800 කට වඩා අත්අඩංගුවට ගත් බව ජෙඩා හි කම්කරු අමාත්‍යංශයට අනුබද්ධිත ප්‍රතියාචක දෙපාර්තමේනතුවේ අධ්‍යක්ෂ ජනරාල්  සාද් අල් සහරානි මහතා  ඇරැබි නිවුස් වෙබ් අඩවියට පවසා ඇත.

 යාචකයින් අතර  වයස අවුරුදු 10-15 අතර  ළමයින් 300 ක්  පමණ වන බවත් 400 ක් කාන්තාවන් බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

 මොවුන්ගෙන්  සියයට අනු පහක් පමණ වු ප්‍රතිශතයක් විදේශිකයින් බවත් ඉන් බහුතරය අප්‍රිකාරටවල හා ආසියානු රටවලින්  උම්රා  සහ වෙනත්  ක්‍රම වලින් සෞදියට පැමිණ නීතී විරෝදධිව රැදි සිටින බවද  පැවසේ.

ජනාකීරණ ප්‍රදේශවල කණ්ඩායම් ලෙස  පැමිණෙන මේ යාචකයින් විදුලි සංඥා පුවරු අසල  හෝ ‍විවිධ ව වෙළෙද සංකීර්ණ අසල රැදී සිටිමින් සිගමන් යෙදෙන බවත් මොවුන්ගේ එක් අයකුගේ ආදායම සෞදි රියාල් අටසීයක්  (රුපියල් 25000) පමණ වන බව ප්‍රතියාචක දෙපාර්තමේන්තුව කියයි.

මෙම යාචකයින්ගේ සංක්‍රමණය  රාමසාන් මාසය තුළ ඉතා ඉහළ මට්ටමක පවතින බවත් සදහන් කරයි.

 කෙසේ වුවද  ජෙඩා කළාපය ආරක්ෂක අංශ ප්‍රධානියකු  ඇරැබි නිව්ස් වෙබ් අඩවියට ප්‍රකාශ කර සිටියේ මහා මාර්ග ,වෙළෙද සංකීර්ණ හා විදුලි සංඥා පුවරු අසල සිගමනේ යෙදෙන මෙම යාචකයින් අවම කිරීම පිණිස වැඩ පිළිවෙලක් දියත් කැර ඇති බවත් අත්අඩංගුවට ගන්නා මෙම පිරිස් සෞදි අරාබියෙන් පිටුවහල් කිරීම පිණිස රජයේ ආයතන සමග  සම්බන්ධකරණය කරමින් සිටින බවයි .

ඒ අතර ජෙඩා කළාපයේ  උසස් පොලිස් නිලධාරියකු පවසා සිටියේ පසුගිය මාස කිහිපයක් ඇතුළත ළමුන් 759 ක් කාන්තාවන් 829 ක් හා පුරුෂයන් 161 ක් වශයෙන් සිගමනේ යෙදුන  යාචකයින් අත්අඩංගුවට ගත් බවයි.