සතුන්ගේ තැන නරඹන්නන්හටත් නරඹන්නන්ගේ තැන සතුන් හටත් ලබාදී ඇති සත්ත්වෝද්‍යානයක් ගැන වාර්තා වන්නේ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ප‍්‍රදේශයෙනි.
ක්‍රයිස්ට්චර්ච් හි පිහිටි ඔරානා සත්ත්වෝද්‍යානයේ සතුන් සිටිනුයේ කූඩු වල නොවේ.උහු නිදහසේ හෙක්ටයාර 60 ක් පමණ වන සත්ත්වෝද්‍යාන භූමියේ නිදහසේ සරති.කූඩුවලට නඟින්නට සිදු වන්නේ සත්ත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන්නන්ටය.
ට‍්‍රක් රථවල සවිකර ඇති මේ කූඩු වලට නරඹන්නන් ගොඩවූවායින් පසු ට‍්‍රක් රථ සතුන් ගැවසෙන ස්ථාන වල නතර කර තැබෙන අතර කූඩුවේ ආරක්ෂිතව සිටිමින් සතුන් ඔවුන්ගේ ස්වභාවික පරිසරයේ හැසිරෙන ආකාරය ළඟ සිටම දැකබලා ගැනීමේ හැකියාව ඔරානා වෙත පැමිණෙන්නන්ට ඇත.
ඉහළ ආකර්ෂණයක් දිනාගෙන ඇත්තේ සිංහයන් ගැවසෙන ප‍්‍රදේශයයි.සිංහයන් මේ කූඩු වල වහලට පවා ගොඩ වෙති.අතේ දුරින් සිට මේ බිහිසුණු දඩයම්කරුවන් නැරැඹිමට සංචාරකයන්ගෙන් ඇත්තේ ඉහළ ඉල්ලූමක් බව සත්ත්වෝද්‍යානයේ බළධාරීන් කියයි.
සතුන්ට ආහාර සැපැයීමද සිදුකෙරෙනුයේ මේ කූඩු වල සිටය.
සිංහයන්ට අමතරව සත්ත්වෝද්‍යාන පාලකයෝ කියති.විශේෂ 70 කට අයත් සතුන් 400 ක් පමණ නිදහසේ වාසය කරන බව සදහන් වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොද වියාපෘතියක්, නවසිලයන්ත වගේ රටවල් එය බාරදුර වගකීමක් හැටියට කලාට, මේවා අනුගමනය කරලා අපේ රටවල් පටන් ගත් විට, හරිම භයානක වෙයි, අපේ රටවල් වල නිලධාරී සමග මේ දේවල් කරන්න ගියොත්,.(අ)
ඔය කුඩු හදන්න අපේ රටේ පාරවල් හදන අයටනම් දෙන්න එපා.(අ)
දසුනි, නිම කළ නොහැකි වටිනාම අදහසක්, බොහෝ තුති! (නි)