‘‘සතුට‘‘ වෙනුවෙන්ම අමාත්‍යංශයක් ඇති කිරීමට වෙනිසියුලා රජය සැරසේ.
‘‘උත්තරීතර සතුටේ අමාත්‍යංශය‘‘ යන නම් වන මෙම අමාත්‍යංශයේ මුල් පුටුව හෙබවීමට වෛද්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ පුද්ගලයෙකු තෝරාගැනීමට අපේක්ෂිත බව සදහන්වෙයි.
නව අමාත්‍යංශය ජනපති නිකලස් මදුරෝගේ සංකල්පයකට අනුව ඇති කෙරෙයි.හිටපු ජනපති හියුගෝ චාවේස් සැළසුම් කර තිබූ දරිද්‍රතාව දුරලීම වෙනුවෙන් වූ වැඩසටහන් සියල්ලක්ම මෙම අමාත්‍යංශය යටතේ කි‍්‍රයාවට නැංවීමට නියමිතය.
තෙල් සම්පතින් පරිපූර්ණ වුවත් තවමත් වෛද්‍ය හා ආහාර පහසුකම් සපුරා ගැනීම වෙනිසියුලාවට ගැටලූවකි.උද්ධමනය පවතිනුයේ ඉතා ඉහළ අගයක වන අතර ඇමරිකා ඩොලරයක අගයද පෙර තිබු අගය මෙන් හත් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ.
මුලින්ම යටිතල පහසුකම් වැඩිදියුණු කර වෙනිසියුලාවේ බහුතර ජනතාවට පහසුකම් සැළසීම ජනපති නිකලස් මදුරෝගේ අරමුණ බව පෙනේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මොනවා කලත් අපේ වර්තා නම් කඩන්න ටිකක් අමාරු වෙයි. හා එන්නකෝ බලන්න. (ස)
අපේ රටට ඕක විතරමයිනේ අඩු. (නි)
මේවා අහල අපේ අයත් අලුත් අමාත්‍යංශයක් දාගනිද දන්නේ නැහැ,නම් නැතුව ඉන්නේ දාගන්න (ස)
"සතුට" තියෙන්නේ කොහේද, කොතැනද? හැමදේකම, හැමතැනකම කිව්වොත් හරිද? එහෙම නම් රටකට වුවමනා වෙන්නේ, සියලු දේම ඇතුලත් එකම එක අමාත්‍යාංශයයි. (නි)
ලංකාවට නම් ඕනෑ වෙන එකක් නැහැ.මොකද දැනට තිබෙන අමාත්‍යංශ වලින් ජනතාව හොදට සතුටු කරමින් ඉන්නේ (නි)
මේ තොරතුරු අපේ රටට බොහොම වටිනවා.තව ඇමතිකම් දෙන්න තියෙනවා. ඒවාට දාන්න නම් නැතිව හිටියේ. (ස)
අපේ සතුට වැඩිකරන්න කැසිනෝ එනවා ළඟදීම. (නි)
අපේ මහරජ තුමාටත් හොඳ අදහසක්. ඇමතිකම් දෙන්න තව සුදුසුකම් සපුරපු ගෝලයොත් ඉන්න එකේ.(නදී)
තවත් ලංකාව වගේ තැනක්. (නි)
සතුට කියන දේ සල්ලි වලට ගන්න බෑ.ඒක ඇති විය යුත්තෙ හැම කෙනාගෙම හදවත් තුලයි. මිනිසුන් ලද දෙයින් සැනසීමට පුරුදු උනොත් හැමදාම සතුටින් සිටිය හැකියි. (ස)
ඔන්න අපේ අහවල් ඇමතිතුමාට දෙන්න නියම අලුත් අමාත්‍යාංශයක්. (නි)
අපෝ තව අමාත්‍යංශ ගොඩක් හදන්න පුළුවන්. උදාහරනෙකට කියනවා නම් පොල් ගෙඩියේ ගැහැණු බෑයට සහ පිරිමි බෑයට අමාත්‍යංශ 2 හදන්න පුළුවන්.තවම ගල්සියඹලා වලට, අටුකොස් වලට, හබල පෙති වලට ඇඹරැල්ල වගේ ඒවාට අමාත්‍යංශයක් තියා දෙපාර්තමේන්තුවක් වත් නැහැනේ. (ස)
ලෝකයේ රටවල් අතුරින් වෙනිසියුලා රට සතුටු රාජ්ජයක් හැටියට මුල්තැන ගනී. එහි ජීවත්වන ජනතාව ඉතාම සතුටින් ජීවත්වන ජනතාවක් සිටින රට හැටියට පිළිගැනේ. (ස)