පැළද සිටින්නාගේ සිතැගි හදුනාගෙන ඒවාට ගැලපෙන ගීත වාදනය කිරීමේ සමත් ඉස් බනුවක් ජපාන සමාගමක් විසින් නිපදවා ඇත.
ජපානයේ නියුරෝවෙයාර් නම් සමාගමේ නිශ්පාදනයක් වන මෙය සාමාන්‍ය ඉස් බනුවකට වඩා ප්‍රමාණයෙන් විශාලය.හිස් බනුවේ සිට විහිදෙන අතක් වැනි කොටසක් වන අතර එය පැළද සිටින්නාගේ නළලේ ස්පර්ශ වේ.මේ අතක් වැනි කොටසේ ඇත්තේ මොළයේ තරංග හදුනාගැනීමේ සමත් සංවේදකයන්ය.
සතුට, දුක, භීතිය, මානසික පීඩනය ආදී අවස්ථාවන්හි මොළයේ ජනනය වන තරංගයන් ග්‍රහණය කරගන්නා මේ සංවේදක සංඥා ජනනය කරන අතර ඒවා ඉන් අනතුරුව යැවෙන්නේ විශේෂ මෘදුකාංගයක් ස්ථාපනය කර ඇති ජංගම දුරකථනයක් හෝ අයිපොඩ් වැනි උපකරණයක් කරාය.සංඥා ලබාගන්නා මෘදුකාංගය ඒවා අධ්‍යනය කර අවස්ථාවට අදාළ සිතුවිලි හදුනාගෙන ඒ සිතුවිලි වලට ගැලපෙන ගීතයක් ජංගම දුරකථනයේ හෝ අයිපොඩ් උපකරණයේ ඇති ගීත ගබඩාවෙන් තෝරා වාදනය කිරීමේ සමත්ය.
උදාහරණයක් ලෙස ශෝකයෙන් හා සතුටින් සිටින වේලාවන් දෙකක් ගනිමු.ශෝකයෙන් සිටින වේලාවට මොළයෙන් තරංග ජනනය වන්නේ සතුටින් සිටින වේලාවට හාත්පසින්ම වෙනස් ආකාරයකටය.මේ වෙනස සංවේදක වලින් ලැඛෙන සංඥා ආධාරයෙන් හදුනාගැනීමට පෙරකී මෘදුකාංගය සමත්ය.අනතුරුව ගැලපෙන ගීතයක් තෝරා වාදනය කිරීමේ හැකියාවද ඊට ඇත.
දැනට තෝරාගත් ගීත කිහිපයකට මේ ක්‍රියාවලිය සීමා වුවත් ඉදිරියේදී සියලූ ආරයන් වලට අයත් ගීත වලට ගැලපෙන සේ මේ නිර්මාණය දියුණු කිරීමට නියුරොවෙයාර් සමාගමේ පර්යේෂකයන් බලාපොරොත්තුවෙන් සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට ලැජ්ජයි වගේ දෙයක් දැනුනොත්. මොන වගේ ගීතයක් වාදනය වෙයිද දන්නේ නැහැ නේද? (නදී)
කිරි කෝපි,කළු (බ්ලැක්) කෝපි ,බිත්තර කෝපි ගැන විතරයි මම නම් අහලා තියෙන්නේ. ජීවිතේ පළමු වතාවටයි... මේ ගල් කෝපි ගැන ඇහුවේ. බොන්න ආසාවේ බැහැ. අපිට නැති වුනත් පොලීසියේ මහත්වරු නම් මේ දිනවල , ගල් කෝපි ගහනවා ඇති හිටු කියලා.(නදී)
ඇන්ටෝ..ලෑජ්ජා නෑද්ද මේ පාරේ අඩන්න.(නදී)
අරාබියේ නම් ඉන්නේ බොහෝ සුන්දර ගැහැණු අය නිසා මේ වගේ උපකරණයක් ගන්න ලැජ්ජා වගේ හිතෙනවා ඇති. මොකද මම අසන සිංදුව මොනවිදිහට හෝ මගේ නෝනගේ සවන් වැදුනොත් ....මොන වගේ ප්‍රතිචාරයක් වේවිද ? (දී)