
ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් එකඟතාවකට අනුව, ආරම්භ වුණු තාවකාලික මානුෂීය සටන් විරාමය, තවත් දින දෙකක් දීර්ඝ කිරීමට ගාසා තීරයේ හමාස් සංවිධානය කැමැත්ත පළ කර ඇතැයි කටාර් රාජ්‍යය පවසයි.
පසුගිය සිකුරාදා (24) ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සිවුදින සටන් විරාමයක් ආරම්භ කළේ කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන් සාකච්ඡා පවත්වමිනි. ඇමෙරිකාවත් ඊජිප්තුවත් සාකච්ඡා සාර්ථක කර ගැනීමට පසුපස සිටිමින් ශක්තියක් වූ බව කටාර් එමීර්වරයා පවසා තිබේ.
දෙපාර්ශ්වය අතරේ එකඟත්නයක් ඇති වූයේ ඊශ්‍රායලය, එරට බන්ධනාගාරවල සිටින පලස්තීන සිරකරුවන් 150 දෙනකු නිදඑස් කිරීමට සහ හමාස් සංවිධානය ඔවුන් විසින් ඊශ්‍රායලයේ දී අල්ලා ගෙන ප්‍රාණ ඇපයේ රඳවා ගනු ලැබූ 240 දෙනාගෙන් 50 දෙනකු මුදා හැරීම සඳහාය.
සිවුදින සටන් විරාමය අද (28) අවසන් වෙයි. එය තවත් දීර්ඝ කරන්නැයි ඇමෙරිකා ජනාපධිති ජෝ බයිඩන් ද ඉල්ලීමක් කර ඇත. සටන් විරාමය තවත් දින දෙකක් දීර්ඝ කිරීමට හමාස් සංවිධානය එකඟ වුවත්, ඊශ්‍රායලය ඒ සම්බන්ධයෙන් තවමත් හරිහැටි කිසිවක් පවසා නැත.
2025 නොවැම්බර් මස 04
92
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1564
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සටන් විරාමය දීර්ඝ කරන්න හමාස් කැමතියි
Bamunuarachchi Tuesday, 28 November 2023 07:08 AM
LTTE කාරයොත් කලේ ඕක. නෝර්වේ කාරයෝ හොම්ඹ දාලද බලන්න. අපේ ගුඩ්ඩා ඕවට අසූ උනාට ඊශ්‍රායල් කාරයෝ ඔය ගැටවලට අසුවෙන්නේ නැහැ.