කොරෝනා අවදානම හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් වසා දමා තිබණු සිංගප්පූරුවේ පාසැල් අද (02) නැවත විවෘත කෙරිණ.
ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් දිවයින පුරා පාසැල් විවෘත කළ බව එරට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
පාසලට ඇතුළු වීමට පෙර සෑම සිසුවකුගේම උෂ්ණත්වය පරීක්ෂා කරන අතර දුරස්ථ භාවය අනුගමනය කරමින් සිසුන් අසුන්ගෙන සිටි බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.
සිසුන්ගේ පැමිණීම සතුටුදායක වූ අතර බොහෝදෙනක් නැවත පාසැල් ආරම්භ වීම සම්බන්දව සතුට පලකළහ.
ආසියාවේ ඉහලම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා කර ඇති රටවල් වලින් එකක් වන සිංගප්පූරුවෙි සීමා ක්‍රමක්‍රමයෙන් ලිහිල් කෙරුණු අතර රූපලාවන්‍යාගාර ඇතුළු සමහර ව්‍යාපාර ද අද සිට විවෘත විය.
එහි මේ වනවිට ආසාදිතයන් 35 000කට වැඩි සංඛ්‍යාවක් තහවුරු වී ඇති අතර මරණ 24ක් සිදුව තිබේ.
මෙම ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ නේවාසිකාගාර වල ජීවත් වන සංක්‍රමණික කම්කරුවන් අතරිනි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සිංගප්පූරුවේ වසා තිබූ පාසල් අද විවෘත කරයි