මියන්මාර ප‍්‍රජාතන්ත‍්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී හට ඇමෙරිකා කොංග‍්‍රසයෙන් පිරිනැමෙන උසස්ම සම්මානය වන කොංග‍්‍රස් රන් පදක්කම පෙරේදා(19) පිරිනැමිණි.
මෙම රන් පදක්කම සූ කීට ප‍්‍රදානය කරනු ලැබූයේ එරට කතානායක රිපබ්ලිකන් පාක්ෂික ජෝන් බෝනර් විසිනි. එම අවස්ථාවේදී තමාට ලැබුණු සම්මානය පිළිබඳව අදහස් දැක්වූ අවුන් සාන් සූ කී සඳහන් කළේ එම මොහොත සිය ජීවිතයේ සදානුස්මරණීය දිනයන්ගෙන් එකක් බවයි.
2008 වසරේදී සූ කී හට මෙම සම්මානය ප‍්‍රදානය කළ ද එය ලබා ගැනීමට ඇයට ඇමෙරිකාවට පැමිණිමට නොහැකි විය. ඒ වන විට ඇය මියන්මාර හමුදා පාලනය විසින් නිවාස අඩස්සියේ රඳවා තිබීම ඊට හේතුවයි.
රන්පදක්කම පිරිනැමීමෙන් පසුව සභාව ඇමතූ සූ කී කියා සිටියේ සාමය අත්පත් කර ගැනීමට මියන්මාරය යන ගමනේ දී බාධක හමුවිය හැකි බවත් එම බාධක සියල්ලක්ම ජය ගැනීමට තමන්ට හැකියාව පවතින බවත්ය.
කොංග‍්‍රස් සම්මානයෙන් පිදුම් ලැබූ සූ කී ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා සහ එරට රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් ද හමු වූවාය. එහිදී ජනපති ඔබාමා කියා සිටියේ මියන්මාරයේ දේශපාලන සහ ආර්ථික ප‍්‍රතිසංස්කරණවලට සිය පූර්ණ සහාය ලබා දෙන බවයි.
මේ අතර ඇමෙරිකානු රජය මියන්මාරයේ ඉහළ පෙළේ නායකයන් දෙදෙනකුට එරෙහිව පනවා තිබූ සම්බාධක ඉවත් කර ඇති බව වාර්තා වේ. එරට රජය මෙම පියවර ගෙන ඇත්තේ අවුන් සාන් සූ කී ගේ ඇමෙරිකා සංචාරයට සමගාමීවය.
ඒ අනුව මියන්මාර ජනපති තේන් සේන් සහ එරට පාර්ලිමේන්තු කතානායක තුරා ශ්වේ සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක ඉවත් කර තිබේ. ත‍්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීතිවිරෝධී කි‍්‍රයාකාරකම් ගණනාවක් සම්බන්ධයෙන් මොවුන් දෙදෙනාට සම්බාධක පනවා තිබිණි.
1
රාජ්‍ය සේවය කළශඹන ඉහළ පුටු සෙලවීම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපතනවා මම
මෙතෙක් ආරක්ෂා කරගෙන තිබුණූ මියන්මාර ස්වාධීනත්වය දැන් ඉතිං අහවරය. (නි)
මෙයාගේ බොරු (ස)
දැන් එතකොට වෙන රටකින් සම්මාන දුන්නා නම් ස්වාධීනත්වය නැති වෙන්නෙ නැද්ද? (ස)
පදක්කම් ගත්තා වගේ නොවෙයි (අ)
අධිරාජ්‍ය වාදයට තවත් රටක් පාවා දුන්නා.. මියන්මාර ජනතාවට දෙවි පිහිටයි..!(නු)