
තමිල්ග වෙට්රි කසාගම් පක්ෂයේ නායක සුපිරි කොලිවුඩ් නළු තලපති විජේ අද (7) තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම් දීමට සැලසුම් කර තිබුණ ද එය සිදු නොවෙයි.
ඒ, තමිල්නාඩු කොංග්‍රස් පක්ෂය සමග සන්ධානගත වුවත්, විජේගේ තමිල්ග වෙට්රි කසාගම් පක්ෂයට බලය පිහිටුවා ගැනීමට අවශ්‍ය බහුතරය නොලැබීමය.
බහුතරය සඳහා ආසන 118 ක් අවශ්‍ය වෙයි. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් විජේගේ තමිල්ග වෙට්රි කසාගම් පක්ෂයට හිමිවූයේ ආසන 110 කි.
ඉතිරි ආසන අට සම්පූර්ණ කර ගැනීමට සහාය දෙමින් තමිල්නාඩු කොංග්‍රස් පක්ෂය, තමිල්ග වෙට්රි කසාගම් පක්ෂය සමග සන්ධානගතවීමට සූදානම් බව තහවුරු කළේය.
පසුගිය මැතිවරණයෙන් කොංග්‍රස් පක්ෂයට හිමිවුණු ආසන ගණන 5 කි. තවත් ආසනවල අඩුවක් ඇත.
එබැවින්, විජේ ඇතුළු පක්ෂයේ නියෝජිතයන් තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් හමුවූ අතර එම අවස්ථාවේදී විජේ සහ ඔහුගේ පක්ෂයට බහුතරය පෙන්වීම ගැටලුවක් විය.
තමිල්නාඩු කොංග්‍රස් පක්ෂය යනු, ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන රාහුල් ගාන්ධි සභාපති ධුරය දරණ කොංග්‍රස් පක්ෂයේ තමිල්නාඩු නියෝජනයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd