අවුරුදු 80ක් එකට ආදරවන්තයින්වු පැරගුවේ යුවළක් විවාහ වී ඇත. 1933 සිට ඔවුන් ජීවත් වී ඇත්තේ එක වහළක් යට නමුත් දේවාශිර්වාද මැද, මුදු මාරු කර විවාහ වීම සඳහා තිබූ සිහිනය සැබෑ කර ගත හැකි වී ඇත්තේ අවුරුදු 80කට පසුය.
ජෝස් මැනුඑල් (103) රියෙල්ලා සහ ඔහුගේ පෙම්වතිය වන මාටිනා ලෝෆස් (99) එම යුවළයි. විවාහ උත්සවය ඔවුන්ට අයත් නිවසේ ගෙමිදුලේ පැවැත්විණි.
තද පැහැති ඇඳුමකින් සැරසී සිටි ජෝස් දැන් සිටින්නේ රෝද පුටුවෙහිය. මාටිනා සුදු පාට මංගල ගවුමකින් සැරසී සිටියි. එපමණක් නොව ඔවුන්ගේ දරුවන් අට දෙනාද, මුණුබුරු මිණිබිරියන් 50 දෙනෙක්ද, මී මුණුපුරෝ 35 දෙනා සහ ඔවුන්ගේ දරුවෝ 20 දෙනෙක් මෙම විවාහ උත්සවය සඳහා සහභාගී වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ දසුන්, සුබ පැතුම් !! (ස)
අද සමාජයේ ගහ මරා ගන්න සැමට හරිම ආදර්ශයක් .!ඔබ දෙපලට දිර්ඝායු වේවා..!! (ස)
ආච්චි හැඩකාරී රටටම සීදේවි. (ස)
හරිම වාසනාවන්තයි අන්තිමට විවාහ වුනානේ ගොඩක් අයට ඒකත් බැරි වෙනවා ..... මේ මට වගේ (නදී)
මොනවා උනත් මේ ප්‍රවෘතියේ මාතෘකාවට නම් මම ආසා නැහැ. තවත් බොහෝ කලක් මේ දෙපල ජීවත් වේවා කියා පතමු. (නදී)
මමත් බැඳලා නෑ.දැන් අවුරුදු විසි අටක් වෙනවා. නෝනත් එක්ක දරුවොත් හදාගෙන ඉන්නවා. (ස)
අනේ අපිටත් බැරිද දන්නේ නැහැ ඔහොම ඉන්න.(නදී)
ඔය නදී කියන එකට වෙන වැඩක් නැද්ද මේකට කොට කොට ඉන්නේ (දිල්)
කොහෙද රට...? (නි)
චේතනා පරිශුද්ධ වේ නම් පෙම් සටන් පරදින්නේ නෑ...!! සුබ පැතුම්...!! (නි)
'මහගෙදර ඇඹිලිපිටිය', මමත් ඔයාගේ අදහසට එකගයි (නි)
කසාදය කවදා කෙරුනත් මේ දෙපල දිර්ඝ කාලයක් එකට ජිවත්වෙලා තියනවා. ඒක ආදර්ශමත්. (ස)
ඉස්සර අපේ රටෙත් ඔහොම තමයි ජීවත් උනේ.සුද්දා ලංකාවට ආවට පස්සෙ තමයි පොත්වල අත්සන් කරන්න පුරුදු කලේ.අතීතය දැන් සේරටම අමතක වෙලා.අපිට තියන ලොකුම දුර්වලකම මෙය තමයි. (ස)