වසර 79 කට පසු භාරදුන් පුස්තකාල පොතක් ගැන වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයයේ ලෙස්ටර් ප්‍රදේශයෙනි.
පුස්තකාල කාර්යමණ්ඩලය ගණන් බලා ඇති ආකාරයට වසර 79 ක් පමා වීම නිසාවෙන් ගෙවිය යුතු දඩය පවුම් 11,500 (රුපියල් 2461000) කි.
zzමාස්ටර් ඔෆ් මෙන්zz නම් මේ පොත ලෙස්ටර් පුස්තකාලයෙන් ලබාගෙන තිඛෙන්නේ 1934 දීය. එය යළි පුස්තකාලය වෙත භාරදිය යුතු දිනය ලෙස සටහන්වී තිබී ඇත්තේ 1934 මැයි 28 වැනිදාය.
කීත් ඩොල්පින් (64) හට සිය නිවෙස අස්පස් කිරීමේදී මෙම පොත හමුවී ඇත.එය තම නිවසේ පෙර හිමිකරුවා පුස්තකාලයෙන් ගන්නට ඇතැයි ඔහු සැක කරයි.
ගෙවිය යුතු අතිවිශාල දඩය නොසළකා හැරීමට පුස්තකාලාධිපති තීරණය කර තිබේ.මුදල් වෙනුවට මේ සා පැරණි පොතක් යළි පුස්තකාලය වෙතම ලැබීම සෑහෙන බව ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ලේ සංජීව, ඔයා කියන දේ සිදුවෙන්නේ මේක ලංකාවේ සිදුවුනා නම් තමා. දියුණු රටවල නීතියක්, සදාචාරයක්, අවංකභාවය, ආදී යහපත් ගුණාංග බොහෝදුරට තවමත් තියනවා. දැනට වසරකට පමණ පෙර දියුණු රටවල් රාශියකදී මුදල් සහිත පසුම්බි කීපය බැගින් පාරේ දාලා ඒවායින් කීයක් ආපසු ලැබුනද කියල කරපු සමීක්ෂණයේ ප්‍රතිපල දැක්කම පුදුම හිතෙනවා. සමහර නගරවල 100% ආපසු ලැබුනා. (නදී)
මම ප්‍රංශ වල හිටියට ගත සිත 2කම ලංකාවේ. සෑම් කියන කතාවේ ඇත්තක් තියෙනවා. (නි)
අපොයි ප්‍රංශය ගැන නම් කතා කරන්න එපා. මම පැරිස් මෙට්‍රෝ ලයින් 8 දුම්රියෙන් ගමන් කරද්දී ළඟ හිටපු ප්‍රංශකාරය මගේ ගමන් මල්ලේ තිබුන පසුම්බියට විද්දා. බලර්ඩ් දුම්රියපලින් මට එලියට යන්නත් කරදර වුණා. නැවතතත් කවදාවත් ප්‍රංශයට නම් යන්නේ නැහැ. පික් පොකට්කාරයෝ වැහි වැහැලා. (නි)
දෙන එක හොදයි කියලා හිතලා දෙන්න ඇති (නි)
ලොල් සෑම්, සෑම් අපේ රට දියුණු කියන රටවල් හා සමග සසදලා තිබෙන්නේ. එහි අපි උගත යුතු පාඩමක් තිබෙනවා.ඒ අපේ රටත් එතනට ඇදගන යාම.නමුත් අපේ මිනිස්සු දියුණු රටවලින් ඉක්මනින්ම ඇහිදාගන්නේ නරකම දේ. අපේ රටෙත් එහෙම කාලයක් තිබුනු බවට කතාවක් තිබෙනවා. ගැහැනියෙකුට උතුරු කෙළවරේ සිට දකුණු කෙළවරට කිසිම කරදරයකින් තොරව තනිපංගලමේ යා හැකිය කියලා. එතැනදී ගැහැණිය උපමාවට ගත්තේ කරුණු කිහිපයක් නිසා.එකක් ඇය නිතර වටිනා ආභරණ වලින් සැරසී සිටීම. (නි)
ආ සෑම්, ඔයාලට නම් ඉතින් පිටරට වසුරුත් සැප ඇති නේද? (නි)
ගිනස් වාර්තාවක්.......... (ස)
මම ඉන්නේ බලුකිස්තානයේ!! ඔය ලංකාවට කැමති නැති මහත්තුරු කරුණාකර මෙහෙ එන්න.ඔයගොල්ලන්ට කියාපු රට මේක !! මම ඔයාලව බලා ගන්නම්!! (ස)
මේක අලි බොරුවක්!! 1934 දින මුද්‍රාව දෙස හොඳින් බලන්න.කියවන්නන් මුලා කිරීමට සමහරු ප්‍රවෘත්ති හදනවා. (ස)
තව පොඩ්ඩෙන් අනුන්ගේ සීනි කිරන්න ගිහිල්ලා නිකන් ටින්කිරි ගාගන්න වෙන්නේ.(නදී)
සංජීව,මටත් ඒකම තමයි හිතුනේ(නදී)
ලොල් සෑම්, ඔයාට ඊර්ෂ්‍යාද සෑම් ඇත්ත කිව්වාම.? අනික මේක බාරදුන්න මනුස්සයා නෙමෙයිනේ, පොත පුස්තකාලයෙන් අරගෙන තියෙන්නේ. (නි)