
සිවිල් යුද ගැටුම්වලින් සහ ත්‍රස්තවාදීන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් හෙම්බත් වූ සෝමාලියාවේ, දශක තුනකට පසු පළමු වරට, චිත්‍රපට ප්‍රදර්ශනයක් සිදුවිය. ඒ, දැඩි ආරක්ෂාවක් මධ්‍යයේය.
චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ වූයේ මොගඩිෂු අගනුවර ඉදිකර ඇති සෝමාලියා ජාතික රඟහලේදීය. 1967 දී මාඕ සේතුංගේ ත්‍යාගයක් ලෙස චීන ඉංජිනේරුවන් විසින් මෙම රඟහල ඉදි තිබේ.
මෙම රඟහල අවස්ථා ගණනාවකදී මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ඉලක්කයක් වූ අතර, ආයුධ සන්නද්ධ කල්ලි සාමාජිකයන්ගේත් සන්නද්ධ නායකයන්ගේත් කඳවුරක් ලෙස භාවිතයට ගැනුණි. මෙම රඟහලේ මේවනතුරු කිසිදු සෝමාලි චිත්‍රපටයක් ප්‍රදර්ශනය කර නැත.
පසුගිය දා පළමු වරට ප්‍රදර්ශනය කෙරුණේ සෝමාලි කෙටි චිත්‍රපට දෙකකි. 'හූස්' සහ 'ඩේට් ෆ්රොම් හෙල්' නමැති එම චිත්‍රපට සෝමාලි සිනමා අධ්‍යක්ෂවරයකු වන ඊබ්‍රහීම් සී.එම්.ගේ සිනමා නිර්මාණය. චිත්‍රපට සඳහා ප්‍රවේශපත් නිකුත් කෙරුණේ ඩොලර් 10 ක මුදලකටය. එය ද මිල වැඩි යැයි සෝමාලි වැසියන් බොහෝ දෙනකු පවසා තිබුණි.
අප්‍රිකා මහද්වීපයට අයත් සෝමාලියාව පිහිටා ඇත්තේ 'හෝන් ඔෆ් ඇෆ්රිකා' තුඩුවේ කෙළවරය. ඉතියෝපියාවටත්, ජිබුර්ටි රාජ්‍යයටත් කෙන්යාවටත්, ඒඩන් බොක්කටත් ඉන්දීය සාගරයටත් මායිම් වෙයි. සෝමාලියාවේ ජනගනය මිලියන 15 කි. මොගඩිෂු අගනුවර ජනගහනය මිලියන දෙකකි.
සෝමාලියාවේ විශාලතම නගරය වන්නේ ද මොගඩිෂුය. 'සෝමාලි' සහ 'අරාබි' සෝමාලියාවේ නිල භාෂා ලෙස සැලකෙයි. සෝමාලියාවේ වැඩිදෙනා මුස්ලිම් වැසියන්ය. ඔවුන්ගෙන් බහුතරය සුන්නි මුස්ලිම්වරුන්ය. සෝමාලියාවේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන අල් ෂෙබාබ් ත්‍රස්තවාදීන් අල් කයිඩා සංවිධානයට හිතවාදී පිරිසකි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වසර 30කට පසු සෝමාලියාවේ චිත්‍රපට ප්‍රදර්ශනයක්