ව්‍යාඝ්‍රයන් හත් දෙනකු සුරතලූන් ලෙස ඇතිකරනා පවුලක් බ්‍රසීලයේ සිටී.

මේ ව්‍යාඝ්‍ර සුරතලූන් සිටින්නේ කූඩුවේ නම් නොවේග

ව්‍යාඝ්‍රයන් හත් දෙනා එකම පවුලක සාමාජිකයෝය. වැඩිහිටි ව්‍යාඝ්‍රයන් දෙදෙන සමග පැටවුන් පස් දෙනෙක් සටිති.

මිනිස් පවුලේ සාමාජිකයින් ගණන පහකි.

කෑම, නෑම, ඇවිදින්නට යාම, රූපවාහිනිය නැරඹිම ආදී ක්‍රියාකාරකම් සියල්ලක්ම මිනිස් පවුල හා ව්‍යාඝ්‍ර පවුල කරන්නේ එකටය.

මිනිස් පවුලේ ප්‍රධානියා වන ඇරි බෝගර්ස් මෙම ව්‍යාඝ්‍ර පවුල මිලයට ගෙන ඇත්තේ ප්‍රදේශයට පැමිණි සර්කස් සංදර්ශනයකිනි. ඒ වසර අටකට පෙරය.

එදා පටන් ව්‍යාඝ්‍ර පවුල ජීවත් වනුයේ මේ මිනිස් පවුල සමගය.

නුදුරේදීම ව්‍යාඝ්‍ර පවුලට නිදහසේ සිටිය හැකි උද්‍යානයක් ඇති කිරීමට තමන් සැළැසුම් කර ඇතැයි ඇරි බෝගර්ස් කියයි.