IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


විස වායු ප‍්‍රහාරයට සිරියා රජය සම්බන්ධ නම් ඔප්පු කරන්න

සිරියාවට එරෙහිව හමුදා කි‍්‍රයා මාර්ගයක් ගැනීමට පෙර, සිරියාවේ සිදුවුණු විස වායු ප‍්‍රහාරය එරට රජය විසින් සිදුකළ බව සාක්ෂි සහිතව ඔප්පු කළ යුතු යැයි රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමාට කියා සිටී.

සිරියානු රජයට සහාය පළ කරන රුසියානු ජනපති පුටින්, මේ බව කියා සිටියේ ඇමෙරිකා ජනපති ඔබාමා සිරියාවට හමුදා ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වෙද්දීය.

ඇමෙරිකාව දිගින් දිගටම චෝදනා කරන්නේ ඉකුත් අගෝස්තු 21 වැනිදා සිරියාවේ ඩමැස්කස් අගනුවරට නුදුරින් පිහිටි කුඩා නගර තුනකට එල්ල වූ රසායනික විස වායු මිසයිල ප‍්‍රහාරය සිරියා රජයේ හමුදාව විසින් එල්ල කරනු ලැබූවක් බවය.

එම විස වායු ප‍්‍රහාරයෙන් 1,429 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. විස වායුව නිසා රෝගී වූ ගණන 4,000 කි. එම වායු ප‍්‍රහාරය එල්ල වූ සැණින්, ඇමෙරිකාවේ සහාය ලබන සිරියානු කැරැලිකරුවන් සහ විපක්ෂ කණ්ඩායම් කීවේ පහර දීම කළේ සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජය කියාය.



අදහස් (0)

විස වායු ප‍්‍රහාරයට සිරියා රජය සම්බන්ධ නම් ඔප්පු කරන්න

නිශාර්ඩ් ප්‍රීනා Thursday, 05 September 2013 02:35 PM

කිසිම සැකයක් නැහැ ඇමරිකන් කාරයෝ කැරලිකරුවන්ට දීපු රසායනික අවි තමයි පාවිච්චි කරලා තියෙන්නේ.(නදී)

:       0       0

බණ්ඩාර Thursday, 05 September 2013 10:48 AM

ඇමරිකාව ඒ දේ තමයි ඔය කරන්න හදන්නේ (දී)

:       0       0

නිරෝෂන් කටාර් Friday, 06 September 2013 12:41 AM

ලෝකයේ බලතුලනක් තිබිය යුතුය. රුසියාව සහ චීනය සිටීමෙන් මෙම බලය එක පැත්තකට පමණක් යාම සිමාවේ. ඇමරිකාව අත ගැසූ රටක් අස්ථාවර වුණා මිස දියුණු වී නොමැත. (නි)

:       0       0

සරෝජ් ජයසේකර Thursday, 05 September 2013 01:58 AM

ඇමෙරිකාවට ඕනෑ විදියට අද එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආරක්ෂක මණ්ඩලය වැඩ කරන්නේ. එනිසා විෂ වායු ගැසුවේ සිරියාව කියා ඔප්පු කිරීමට සාක්ෂි සාදා ගැනීම අපහසු නැත. නමුත් ඇමෙරිකාව හෝ යුරෝපය කරන ප්‍රහාරයක් හෝ අහිංසක ජිවිත නැති කිරීම ගැන කතා කිරීමට කවුරුත් හෝ කිසිම සංවිධානයක් නොමැත. (නි)

:       0       0

අමාලි සිල්වා Thursday, 05 September 2013 02:03 AM

යුරෝපයට සහ ඇමරිකාවට පක්ෂපාති නොමැති නිසාත් සිරියාව රුසියාව චීනය සහ ඉරානය සමග ළඟින් සම්බන්ධකම් පවතින නිසාත් එම රජය සහ අසාද්ගේ පාලනය බිඳ දැමීමට ත්‍රස්තවාදීන් යොදා ගනිමින් රජයට ප්‍රහාර එල්ල කරන්නට මුල්‍ය ආධාර මුදල් සහ ආයුධ සපයමින් ගෙන යන ව්‍යාපාරයේ අන්තිම තුරුම්පුව, රසායනික ප්‍රහාරය.... එය කළේ කවුද කියා සොයා බලන්නේ නැතුව එය මත සිරියාවට ප්‍රහාර එල්ල කිරීමට යන්නේ (නි)

:       0       0

උපාලි Friday, 06 September 2013 03:37 AM

ලෝක දේශපාලනයේ හැටි එහෙමයි. නමුත් ගොනා හැරෙන්නේ පොල් පැලේට නේ. ඔබට පේනවා ඇතිනේද දැනටමත් හැරිලා බව? (නි)

:       0       0

ලුම්බිණි Thursday, 05 September 2013 06:50 AM

ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සියලුම දේවල් එම රටේ කරන්නේ සාක්ෂි සහිතව ඔප්පු උනාට පස්සේ. හා.. හා... හා..... (නදී)

:       0       0

දම් Friday, 06 September 2013 05:43 AM

සමහරු සිරියාවට ගහන්නේ ඉරානය කියන ඉබ්බා පොගවාගෙන කන්න පහසුයි කියා සිතාගෙන. (නි)

:       0       0

බණ්ඩා Thursday, 05 September 2013 06:28 PM

කිසිම සැකයක් නැහැ. රුසියාව හමාස් කණ්ඩායමට දීපු රසායනික අවි පාවිච්චි කරලා තියෙනවා (නි)

:       0       0

උපාලි Thursday, 05 September 2013 08:53 AM

ඉස්සර ජන කතාවේ හැටියට සිංහයාට හාවව මරාගන්න ඕන වෙලා. හාවට කිව්වලු 'මේ ගල කාගේද බොල' කියලා. හාවා කිව්වා 'අනේ දන්නේ නැහැ ස්වාමීනි' කියලා. සිංහයා කියනවා 'දැනගන් ඒක මගේ' . "අනේ එහෙනම් ඔබ වහන්සේම තියාගන්න" කිව්වා හාවා. ඒ ගමන සිංහයා කඩා පැන්නා "තෝ මට උගන්නන්න එනවද බොල, මගේ දේවල් මට තියාගන්න තොගෙන් අහන්න ඕනද " කියලා. එහෙම කරලා හාවව මරා දැම්මා. ඇමෙරිකාව ඉරාකෙට එහෙම කළා. ඒ වුනාට තව හාවෝ ඉන්නවනේ. ලුම්බිණි, පුටින් උත්සාහ කරන්නේ ගලේ තර්කය මත සිංහයා හාවගෙ ඇඟට පනින එක වළක්වන්නයි. (ස)

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 05 September 2013 09:55 AM

වෙන කවුරුත් නොවෙයි, ඕක කරන්න ඇත්තේ ඇමෙරිකාව හෝ එංගලන්තය, (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1943 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1539 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 539 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site