IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


වොෂින්ටන් නුවරට ජාතික ආරක්ෂක බළකාය කැඳවයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ අගනුවර වන කොලොම්බියා දිස්ත්‍රික්කයේ වොෂින්ටන් නුවරට ජාතික ආරක්ෂක බළකාය කැඳවීමට එරට බලධාරීන් පියවර ගෙන ඇත.

සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්ව මියගිය කළු ජාතික තරුණයකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයට විරෝධය දක්වමින් ඇමෙරිකාවේ නගරපුරා විරෝධතා පැවැත්වෙයි.

එම විරෝධතා මේ වනවිට වොෂින්ටන් අගනුවරටත් පැතිර ගොස් තිබෙන අතර ධවල මන්දිරය ආසන්නයේද විරෝධතා පැවැත්වෙයි. සියගණනකට වැඩි විරෝධතාකරුවන් පිරිසක් සෙනසුරාදා ධවල මන්දිරය වටකළ අතර විරෝධතා පවත්වමින් ‘‘නැෂනල් මෝල්’’ පෙදෙස වෙත ඇවිද ගියහ. ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුස්මරණ උද්‍යාන, සිහිවටන යනාදී හිටපු ජනාධිපතිවරුන් සහ අතීත විභූතිය සිහි කැන්ඳන ස්මාරක රැසක් ‘‘නැෂනල් මෝල්’’ යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයේ පිහිටා ඇත.

‘‘කළු ජාතිකයන්ගේ ජීවිතවලටත් වටිනාකමක් තියෙනවා (බ්ලැක්ලයිව්ස් මැටර්), මට හුස්ම ගන්න බැහැ, කිසිම සාධාරණත්වයක් නැහැ, සාමය අහිමි වෙලා’’ යනුවෙන් විරෝධතාකරුවෝ සටන් පාඨ කීහ. එම විරෝධතා ඉතා සාමකාමීව පැවැත්විණි.

විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ ද විරෝධතාකරුවෝ විසිර නොගියහ. විරෝධතාකරුවෝ ඔවුන් නැවැත්වීමට යොදා තිබූ බාධක ඉවතට දැමූ අතර කොන්ක්‍රීට් කුට්ටි ද කඩා බැඳ දැමූහ. එක් අවස්ථාවකදී විරෝධතාකරුවෝ කුණු කසළ බඳුනකට ගිනි තැබූහ.

තත්ත්වය පාලනය කිරීමටත් ධවල මන්දිරයේ ආරක්ෂාවටත් ජාතික ආරක්ෂක බළකාය යෙදවීමටත් ඇමෙරිකානු බලධාරීහු සෙනසුරාදා, ඊයේ (30) රාත්‍රියේ පියවර ගත්හ.

අල්ජසීරා

055

 



අදහස් (1)

වොෂින්ටන් නුවරට ජාතික ආරක්ෂක බළකාය කැඳවයි

anura Monday, 01 June 2020 02:56 AM

ලංකාවේ ඔස්තාර්ලාගේ සංහිදියාවේ ප්‍රතිමූර්තියේ ගොම ගෑවිලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 89 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 272 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 423 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site