බි‍්‍රතාන්‍ය කිරුළ හිමි විලියම් කුමරුගේ දේවිය කේම්බි‍්‍රජ් ආධිපාදවරිය කේට් කුමරිය බිහි කරන කුළුදුල් දරුවා උපදින දිනයට එරට බිහි වන සෑම දරුවකුටම වටිනා පැන්ස කාසියක් පිරිනමන බව රාජකීය ටංකනය නිවේදනය කර තිබේ. මෙම කාසියක් පවුම් 28 (රුපියල් 5500ක් පමණ) වටිනාකමකින් යුක්තය.

සාමාන්‍යයෙන් බි‍්‍රතාන්‍යයේ දිනකට දරුවන් 1983ක් පමණ උපදින බවත් ඔවුන් අනුස්මරණීය රිදී පැන්ස 2013ක් පමණ ගබඩා කර ඇති බවත් සදහන් කරයි.

මෙම රිදී කාසිය රෝස පාට හෝ නිල් පාට පසුම්බියක දමා සෙල්ලම් වලසෙකුත් සමග සුභ පැතුම්ක් ලෙස දරුවන්ට පිරිනැමේ. ජීවිත කාලයේම එම දරුවන්ට යහපත් සෞඛ්‍යයක් සහ සමෘද්ධිමත් බව ස`දහා සුභ පැතුම් එක් කිරීමත්, ජාතියටම පී‍්‍රතිමත් අවස්ථාවක් වන රාජකීය බිළි`දාගේ පැමිණීම සදා මතකයේ රදවා ගැනීමත් මෙම කාසිය ලබා දීමෙන් ඔවුන් අපේක්‍ෂා කරන බව සදහන් කර ඇත.

මෙම සතියේ දරුවන් ඉපදීමට සිටින සෑම දෙමව්පියන්ටම රාජකීය මුහුණුපොතේ ගෙවීමකින් තොරව ලියාපදිංචි විය හැක. පසුව උප්පැන්න සහතිකය ඉදිරිපත් කිරීමෙන් සිල්වර් කාසිය ලබා ගැනීමට හැකියාව තිබේ.