
‘වැලන්ටයින් දිනය’ වෙනුවෙන්, සිත රිදවා, හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය සිහි කරමින්, කැරපොත්තකු නම් කිරීමේ වැඩසටහනක් අද (14) ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ සැන් ඇන්තෝනියෝ සත්වෝද්‍යානයේ ක්‍රියාත්මක වෙයි.
සිත රිදවා, හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය සිහි කරමින්, නම් කෙරෙන කැරපොත්තා, කැරපොත්තන් ආහාරයට ගන්නා සත්වෝද්‍යානයේ වෙනත් සතකුට කෑමට දීම ද සිදුවෙයි. ඒ, කැරපොත්තාගේ නම කියමින්, නම් තැබූ තැනැත්තා ඉදිරියේය.
සිත රිදවා, හැර ගිය පෙමට මෙසේ නම් තැබීමේ සඳහා මුදලක් අය කෙරේ. ඒ ඇමෙරිකන් ඩොලර් 5 ක් හෝ 25 ක් අතර මුදලකි. මෙම මුදල සත්වෝද්‍යානයේ නඩත්තු කටයුතු සඳහා යෙදවෙයි.
කැරපොත්තාට නම් තැබීමෙන් පසු ඩිජිටල් වැලන්ටයින් කාඞ්පතක් ලබා දීමට ද සත්වෝද්‍යාන බලධාරීන් කටයුතු කර ඇත. ඊට අතරව, හැර ගිය පෙම්වතා හෝ පෙම්වතියගේ දුරකතන අංකය ඇති නම් ඊට ද ඩිජිටල් පණිඩුයක් යැවෙයි. ඒ, සත්වෝද්‍යානය කැරපොත්තකු නම් කළ බව දැනුම් දෙමිනි.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩේ ලංකාව විනාස කරපු දේශපාලකයන් සිහි කරලා කලින් තීරණය කර ගත් එකම දවසක රට පුරා කරමු.
ලංකාවේ පෙම්වතුන් හිතාගෙන ඉන්නේ වැලන්ටයින් දිනයට කල යුත්තේ කාමරේකට රිංගීම බවයි.
අපි කැරපොත්තා වෙනුවට මදුරුවකු හඹා ගිහිල්ලා ඕවා නම්කරලා තලමු.. සතයක්වත් වියදම් වෙන්නෙත් නැහැ. ඒ වගේම මදුරුවන්ගෙන් බෝවන ලෙඩ අඩුකරගෙන බෙහෙත්වලට යන සල්ලි ඉතුරු කරගන්නත් පුළුවන්. සිදුවන අකල් මරණ අඩුකර ගන්නත් පුළුවන්. සැමදෙනාටම සැනසිල්ලේ නිදා ගන්නත්, එළි මහනේ රෑට ගැවසෙන්නත් පුළුවන්.